සුඩාන් අර්බුදය: වත්මන් යුධමය සිදුවීම් සහ ඒවා තේරුම් ගැනීම

සුඩාන් අර්බුදය: වත්මන් යුධමය සිදුවීම් සහ ඒවා තේරුම් ගැනීම

2023 Sudan in Crisis: Understanding the Current Events and Their Implications

පහුගිය අප්‍රේල් 15 වැනිදා සුඩාන් අගනුවර වන කර්ටුම් (Khartoum) නගරය ආශ්‍රිතව සුඩාන් රජයේ හමුදාවන් (Sudanese Armed Forces) සහ පැරමිලිටරි කණ්ඩායමක් වන RSF නොහොත් Rapid Support Forces අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා. ඒ හා සමගාමීව රටේ විවිධ ප්‍රදේශයන්හි මෙම අවිගත් හමුදා පාර්ශ්වයන් අතර සුඩාන් අර්බුදය සිදුවෙමින් මේ වනවිට 450+ මියගොස්,4000+ තුවාල ලබා ඇතිබවයි සඳහන් වෙන්නේ.

සුඩානය යනු මිලියන 46 ක ජනතාවක් සිටින අප්‍රිකා මහාද්වීපයේ 3 වන විශාලතම රට වන අතර, ලෝකයේ දිගම ගංගාව වන නයිල් නදියේ වැඩිම ප්‍රමාණයක් භූමිය හරහා ගලන රාජ්‍යයද වනවා. ඊජිප්තුව,චැඩ් රාජ්‍ය,දකුණු සුඩානය සහ එරිත්‍රියව වැනි රටවල් කිහිපයකට මායිම්ව පිහිටා ඇති සුඩානයේ ඊසානදිග පෙදෙස රතු මුහුදෙන් ද සීමා වෙනවා.

2011 ට පෙර සුඩානය සහ දකුණු සුඩානය යනු තනි එක් විශාල රාජ්‍යයක්.1980 දශකයේ පටන් සිදුවූ සිවිල් යුද්ධවල ප්‍රථිපලයක් හැටියට මේ රාජ්‍ය,2011 දී රාජ්‍යයන් 2 ක් ලෙස වෙන් වුණා. වර්තමානය සුඩානය (උතුරු සුඩාන කලාපය) තුළ අරාබි මුස්ලිම් පිරිස් සාතිශය බහුතරයක් සිටින අතර,දකුණු සුඩානයේ ක්‍රිස්තියානි හා වෙනත් පාරම්පරික දේශීය අප්‍රිකානු ඇදහීම් කරනකරන කළු ජාතික අප්‍රිකානු පුද්ගලයන් ජීවත් වනවා. 1980 දී මේ සිවිල් යුද්ධය ඇතිවීමටත් හේතුව මේ වාර්ගික ගැටුම්. බහුතර අරාබි මුස්ලිම් පිරිස් සහිත උතුරු සුඩාන් ජනයා සුඩාන ආණ්ඩුවට සහය පළ කළ අතර, දේශීය සුළු ආගමික කොටස් හා ක්‍රිස්තියානු ආගමික ඇදහූ පුද්ගලයන් සහිත දකුණු සුඩාන පිරිස් Sudan People’s Liberation Movement (SLPM) ලෙස සංවිධානයක් පිහිටුවාගත්තා. කෙසේ වෙතත් මේ ගැටුම් අවුරුදු 30 ක් පමණ දිග් ගැස්සුණු අතර මිලියන 2 ක පමණ ජනයා මියගොස් තවත් මිලියන ගණන් ජනයා අවතැන් වී සිටිනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකා එක්සත් ජනපදය සහ අප්‍රිකානු සංගමය මැදිහත් වී 2005 දී සුඩාන් ආණ්ඩුව සහ SLPM පාර්ශ්වයන් ආහාර සාම ගිවිසුමක් අත්සන් කිරීමට මුල පිරුවා.

කෙසේ වෙතත් තත්ත්වය එසේ පවතින විට 2011 දී ජනමත විචාරණයක් පවත්වා දකුණු සුඩානය වෙනම රාජ්‍යයක් ලෙස සම්මත කරගනු ලැබුවා. ඒ අනුව දකුණු සුඩානය 55 වැනි අප්‍රිකානු රාජ්ය බවට පත් වුණා.

1989 දී සුඩානයේ බලයට ආ හමුදා නායකයෙක් වූ ඕමාර් අල් බෂීර් 2019 වෙනතෙක් සුඩානය පාලනය කළා.ඔහුගේ කාලයේදී තමයි දකුණු සුඩානය බිහිවන්නේ. 1989 දී බලයට පත් ඕමාර් අල් බෂීර් විසින් සිවිල් ජනතාව අතරින් බලයට පත් කෙරෙන අගමැති ධූරය අවලංගු කරනු ලැබුවා. සරලව කිව්වොත් 1989 දී අගමැති වරාය ඇතුළු පිරිස එළවල දැම්මා. ඔහුට අවශ්‍ය වුණේ සිවිල් ජනයාගේ මැදිහත් වීමකින් තොරව රාජ්‍ය පාලනය කිරීම සිදු කරන්න.

2019 මුල් කාලයේ ඕමාර් අල් බෂීර් විසින් ජෙනරාල් අල් බුර්හාන් සුඩාන හමුදාවන්හි ඉන්ස්පෙක්ටර් ජෙනරාල් පදවියට උසස් කරනු ලැබුවා. එමෙන්ම RSF හි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ජෙනරාල් මොහොමඩ් හම්දාන් දගාලෝ හමුදා නිලය අනුව දෙවැනි තැනට පත් වුණා. 2015 යේමනයේ දී හුදී සටන් කරුවන්ට එරෙහිව කළ සටන් වලදී ජෙනර්ල් අල් බුහ්රාන් සහ ජෙනරාල් හම්දන් දාගාලො එක්ව කටයුතු කළ අතර ඔවුන් දෙදෙනා අතර ඇඳුණුම්කමක් පෙරසිටම තිබුණා.

2019 දී තත්ත්වය ඔහොම තියෙද්දී මාස කීපයකට පස්සේ සුඩාන් හමුදා ප්‍රධානී ජෙනරාල් අල් බුර්හාන් විසින් RSF ප්‍රධානී ජෙනරාල් දහාලෝ ගේද සහය ඇතිව බ්‍රිගේඩියර් වරයෙක් ලෙස බලයට පැමිණෙමින් 1989 සිට 2019 දක්වා සුඩානය පාලනය කළ ජනාධිපති ඕමාර් අල් බෂීර්ව බලයෙන් නෙරපා හැරීමට කටයුතු කළා.

අනතුරුව ජෙනරාල් අල් බූර්හන් සුඩාන් ජනාධිපති ලෙස පත් වූ අතර, RSF ප්‍රධානියා ඔහුගේ දෙවැනි තැනැත්තා ලෙස කටයතු කළා. 2019 දී පමණ ඩොනල්ඩ් ට්‍රම්ප් පවා සුඩාන් නායකය හට ඇමරිකාවට ආරාධනා කළා. සෞදී අරාබිය,ඇමරිකාව,ඊශ්‍රායල් වැනි රටවල් සමඟ පවා සුඩානය ළඟින් කටයුතු කළා.කෙසේ වෙතත් සුඩාන් නායකයා ප්‍රජන්තරික ලෙස බලයට පත් නොවීම නිසා, ඔහු විසින් හමුදා නායකයන් සහ සිවිල් දේශපාලන කණ්ඩායම් වලින් සැදුම් ලත් කමිටුවක් 2019 දී නිර්මාණය කළ අතර, එහි ප්‍රධානියා ලෙස අල් බුර්හාන් ලෙසත් සහ දෙවැනියා ලෙස RSF නායකයා වූ දගලෝ කටයුතු කරා.

මේ කමිටුව Transitional Sovereignty Council (TSC) ලෙස හැඳින් වූ අතර මෙය මාස 39 ක් පවත්වාගෙන යෑම සඳහා එකඟ වී තිබුණා.මාස 21 ක් හමුදාව විසින් පාලනය කරන අතර,මාස 18 ක් සිවිල් දේශපාලකයන් විසින් පාලනය කිරීමටයි ගිවිසුම් ගත වී තිබුණේ. කොහොම වුනත් හමුදා නයකයන් විසින් පාලනය කළ මාස 21 කාලය ඉවර වීම සඳහා කාලය පැමිණෙද්දී සුඩාන් නායකයා වූ අල් බුර්හාන් සහ RSF නායකයා එක්ව මේ TSC කමිටුව අත්තනෝමතික ලෙස විසුරුවා හැරියා.නැවත වරක් සම්පූර්ණ හමුදා පාලන ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක මෙය 2012 Sudan Coup de’eta ලෙස හැඳින්වෙනවා. කෙසේ වෙතත් ඉන් අනතුරුව බටහිර බලවතුන් හා එතරම් සමීප ආශ්‍රයක් සුඩාන් නායකයන් හා තිබිලා නෑ.

දැන් සුඩානයේ මොකද්ද වෙන්නේ ?

මේකට දකුණු සුඩානය අදාල නෑ.

දැන් සිද්ධ වෙන්නේ කලින් එකට වැඩ කළ මෙන්න මේ සුඩාන් ජනපති ජෙනරාල් අල් බුර්හාන් හා RSF නායක මොහොමඩ් හම්දාම් දගාලෝ අතර විරසකයක්. 2021 නොවැම්බර් මස TSC කමිටුව විසුරුවා නැවත සම්පූර්ණ හමුදා පාලන තත්ත්වයක් කිරීමෙන් පසුව ජනපති ජෙනරාල් අල් බුර්හාන් විසින් කලින් ජනාධිපතිව සිටි ඕමාර් අල් බෂීර් ගේ සමීපතමයන් හා පාක්ෂිකයන් හට තනතුර ආදිය ලබාදෙමින් පාලන තන්ත්‍රය සඳහා එක් කරගනව.මේකට RSF නායකයා සතුව ප්‍රසාදයක් තිබුණේ නෑ. ඒ වගේම කලින් ජනාධිපතිගේ පාර්ශ්වයන් RSF නායකයා යනු පවා දෙන්නෙක් බවත් ඉඳුරාම දන්න නිසා ඔවුන් වර්තමාන ජනාධිපති හට ඒ බැව් ඒත්තු ගැන්වීම්වත් ආදියත් වෙනවා.

2021 දී සිදු වූ කැරලි ආධිය මර්ධනය කිරීමෙහිලා පටන් RSF නායකයා ජනතාව අතර තමන් නියම ගැලවුම් කරු,නියම පාලකයා වැනි තත්ත්වයක් ආරෝපණය කරගනිමින් හිටියා.ඒ වගේම ඔහුට පක්ෂපාතී පිරිස් සුඩානයේ බටහිර සහ දකුණු පෙදෙස් වල බහුතරයක් සිටිනවා. දිගින් දිගටම ඕමාර් බෂීර්ගේ සමීපතමයින් හා එක්ව වැඩ කිරීම නිසා ඇති වූ ඝට්ටනය පුපුරා යෑමක් විදියට තමයි පසුගිය 15 දා RSF සහ SAF අතර සිදු වූ යුධමය තත්වය.

Rapid Support Force (RAF) සතුව 100,000 ක පමණ හමුදාවක් සිටින අතර ගුවන් යානා නාශක අවි පවා ඔවුන් සතුයි. RSF නායක ජෙනරාල් දගලෝ පසුගිය කාලයේ හොඳ බිස්නස් කරමින් රත්රන් ආදිය විකුණමින් විශාල ආර්ථික බලයක් අත්පත් කරගෙන සිටින නිසා ඔවුන් හට අවි ආයුද වලින් අඩුවක් නෑ. රජයේ හමුදා වලට සාපේක්ෂව ඔවුන්ට නැත්තේ ප්‍රහාරක යානා පමණයි.

මේ වන විය රජයේ හමුදා විසින් සිවිල් වැසියන් සිටින පෙදෙස් වලට පවා RSF සාමාජිකයින් විනාශ කිරීම සඳහා ගුවන් ප්‍රහාර එල්ල කිරීම සිවිල් වැයිස්යන්ට විශාල තර්ජනයක් වෙලා තියෙනවා. එමෙන්ම සුඩාන ජනපති නිල නිවස,සුඩාන අන්තර්ජාතික ගුවන් තොටුපළ ආදියට RSF විසින් ප්‍රහාර දියත් කර තිබෙනවා.

ඒ වගේම CNN වෙබ් අඩවිය විසින් රුසියාවේ Wagner Group වලට චෝදනා කර සිටින්නේ RSF වෙත ඔවුන් රත්රන් වෙනුවෙන් ගුවන් යානා නාශක මිසයිල ආදී අවි ආයුධ ලබාදෙන බවයි.කෙසේ වෙතත් බටහිර මාධ්‍ය විසින් සිදු කරන මෙම ප්‍රකාශ වල ඇත්ත නැත්ත ගැන ප්‍රශ්නයක් තියෙන බව ඕනෑම කෙනෙක් දන්න කරුණක්.

ඒ වගේම රුසියාව රතු මුහුද හරහා ඉන්දියානු සාගර කලාපයට ඇතුළු වීම සඳහා රුසියානු නාවික බේස් එකක් සුඩාන වෙරළ තීරයේ ගොඩ නැගීමට අදාල ගිවිසුමක් 2019-21 කලායේදි සිදු වුණත් 2021 Sudan Coup එකෙන් පසුව ඒ පිළිබඳ කතිකාවත අඩු වී ගොස් තිබෙනවා.කෙසේ වෙතත් බටහිර රටවල් මේ පිළිබඳවත් ඇහැ ගහගෙන සිටින බව නොරහසක්.

සුඩාන ජෙනරාල් වරු දෙදෙනාගේ බල අරගලය හේතුව අහිංසක සුඩාන ජනයා මෙන්ම සුඩානයේ සිටින විදෙස් ජනයා පවා පීඩාවට පත් වෙලා තිබෙනවා. ගැටුම් ඇතිවන ප්‍රදේශ වල සිට දහස් ගණන් ජනයා අවට චැඩ්, දකුණු සුඩාන් වෙත පළහොස් සිටින බවත් මාධ්‍ය වාර්තා කරා තිබෙනවා. එමෙන්ම සුඩානයේ සිටින ලාංකීය ජනතාව මෙරටට ගෙන්වා ගැනීමටත් ලංකා රජය කටයුතු කරමින් සිටිනවා.එහි පළමු අධියර ලෙස ලාංකිකයන් 12 ක් සෞදී අරාබිය මැදිහත් වී මුදා ගැනුනා. විදෙස් තානාපති වරුන්, විදෙස් වැසියන් මුදා ගැනීම වෙනුවෙන් පැය 72 ක සටන් විරාමයක් තිබුණත් ඉන් අනතුරුව කුමක් වේදැයි යන්න සිතා ගැනීමටත් අපහසුය.අවසානයේ පීඩා විඳින්නේ සුඩාන් ජනතාව බව නම් සක් සුදක් සේ පැහැදිලි.

දකුණු පස :- සුඩාන් ජනපති ජෙනරාල් අල් බුර්හාන්

වම් පස :- RSF නායක ජෙනරල් මොහමඩ් හම්දාම් දගාලෝ නොහොත් “Hemedti”

CATEGORIES
TAGS
Share This