Discover the Wonders of Sri Lankan Turtles

Discover the Wonders of Sri Lankan Turtles

අසිරිමත් ශ්‍රී ලංකාවේ කැස්බෑවන්

සටහන – සමන් කුමාර බැමිණිවත්ත

Embark on a journey through the enchanting world of Sri Lankan Turtles and Discover the Wonders of Sri Lankan Turtles. This blog post will take you on an unforgettable adventure, showcasing the beauty and wonder of these captivating creatures.

අසිරිමත් ශ්‍රී ලංකාවේ කැස්බෑවන්

සාගරයේ අසිරිමත් සතුන් වන කැස්බෑවන්ගේ පිරිමි සතුන් සිය උපත පමණක් ගොඩබිම සිදුකරන අතර නැවත කිසිදා ගොඩබිමට නොයයි .ගැහැනු සතුන් බිජුලන සමයේදී පමණක් ගොඩබිමට පැමිණේ.වසර මිලියන 100 කටත් එහා ගිය පරිණාමයේ ඉතිහාසයකට උරුමකම් කියන මෙම සතුන්ගේ විශේෂ 07ක් පමණ මේ වන විට මහ සයුරේ වාසය කරති.මෙම විශේෂ 07 න් 05ක් ම ලංකාව අවට සාගරයේ ජිවිත් වේ.එම විශේෂ 05 පහත පරිදි වේ.

බටු කැස්බෑවා (Oliver Ridley Turtle)
ගල් කැස්බෑවා (Green Turtle)
දාර කැස්බෑවා (Leatherback Turtle)
පොතු කැස්බෑවා (Hawskbill Turtle)
ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead Turtle)

අසිරිමත් ශ්‍රී ලංකාවේ කැස්බෑවන්

මෙම සතුන් ඉතාමත් දිගු දුරක් සංචාරය කරනු ලබන සංචාරකයින් වේ.වාර්තාවී ඇති දීර්ඝතම සංචාරය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය ආසන්නයේ ඇත්තේ ඔරිගන් වෙරළ තීරයට ආසන්නයේ ඇති ගොදුරු බිමේ සිටි දාර කැස්බෑ ගැහැණු සතෙකු එහි සිට කිලෝමීටර 10,000 කට එහා පිහිටි පැපුවා ඉන්දුනීසියාව වෙරළ තීරයට පර්යටනය කර බිත්තර දමා නැවත සිය ගොදුරු බිම වූ එක්සත් ජනපදයේ ඔරිගන් වෙරළ තීරයටම නැවත පැමිණීමයි. මෙම පර්යටනය සිදු කිරීමට දින 647 පමණ ගටවී ඇති අතර කිලෝමීටර 20,558 ක දුරක් අවම වශයෙන් පිහිනා ඇත.

සිය ජීවිත කාලයම සාගරයේ ගතකිරීමට සුදුසු පරිදි මෙම සතුන්ගේ ශාරීරික පිහිටීම මනාව සැකසී ඇත.සිරුරේ එකතුවන ලවණ ඉවත් කිරීම සඳහා ලවණ ස්‍රාවී ග්‍රන්ථ පවා මෙම සතුන්ට පිහිටා ඇත. හබල් පෙති ලෙසට අනුවර්තනය වූ පූර්ව හා අපර ගාත්‍රා යුගල දෙක අවල්පත් ලෙසටද හැඳින්විය හැකිය.සාගරේ දී මනා ක්‍රියාශීලීත්වය දක්වන මෙම සතුන් ගොඩබිම දී ඉතාමත් මන්දගාමී වේ.

ගැහැණු සතුන් සිය කැදලි සමයේදී සති දෙකකට වරක් වාර කිහිපයක් ගොඩබිමට පැමිණෙන අතර එම වාර කිහිපයෙන් එක් වරකදී පමණක් සත්‍ය බිජු ලෑම සිදුකරනු ලබයි.

සාමාන්‍යයෙන් වරකට බිත්තර 120 ක් පමණ බිජු ලෑම සිදුකරනු ලබන අතර දින 45 ත් 60 ත් අතර කාලයකදී බිත්තර මෝරා පැටවුන් බිහි වීම සිදුවේ.

Discover the Wonders of Sri Lankan Turtles

සාමාන්‍ය පරිසර උෂ්ණත්වය 29°C දී පමණ පැටවුන්ගේ ලිංගිකත්වය 50% වන අතර 29°C ට අඩු වන අවස්ථාවලදී පිරිමි පැටවුන් බිහි වීමේ සම්භාවිතාව වැඩිවේ. 29°C ට වැඩිවන අවස්ථාවලදී ගැහැණු පැටවුන් බිහි වීමේ වැඩි සම්භාවිතාවයක් ද පවතී.

එමෙන්ම ස්වභාවික ආපදාවන්ට ලක්වන බිත්තර 1000කින් එක් පැටවෙකු පමණක්ම පරිනත වැඩිහිටියකු බවට පත්වේ.සාමාන්‍යයෙන් ආයු අපේක්ෂාව වසර 80ත් 100ත් අතර වේ.

ලෝකය පුරා වාර්තාවන කැස්බෑ විශේෂ හතම IUCN රතු දත්ත පොතට ඇතුළත් කර ඇති වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව කාණ්ඩ 07ක් වේ.

මෙම සතුන්ගේ පැවැත්මට ඇති විශාලතම තර්ජනය එල්ල වනුයේ මිනිසා වෙතින් ය.

මෙම සතුන්ගේ බිත්තර එකතු කිරීම, බිත්තර දැමීම සඳහා පැමිණෙන ස්වාභාවික වෙරළ තීරයන් විනාශවීම,මස් සඳහා දඩයම් කිරීම,ධීවර දැල්වලට හසුවීම ආදී තර්ජන රැසක් මෙම සතුන්ට මිනිසා වෙතින් එල්ල වී ඇත.

ශ්‍රී ලංකාවේ දී මෙම සතුන් හට වර්ෂ1972,1993 හා 2009 දී සංශෝධිත වනජීවි හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් රැකවරණය සැලසී ඇත.ලංකාව අවට සාගරයේ දැකිය හැකි කැස්බෑ විශේෂ පහම ඉහත සඳහන් පනතේ වගන්ති මගින් ආරක්ෂිත සතුන් ලෙස හඳුන්වා දී ඇති අතර මෙම සතුන් මැරීම,සන්තකයේ තබා ගැනීම, බිත්තර එකතු කිරීම මෙන්ම කටු ලග තබා ගැනීම ආදී සියලුම ක්‍රියා නීති විරෝධී ක්‍රියා බවට දක්වා ඇත.

මෙම නීති විරෝධී ක්‍රියා සිදු කරන පුද්ගලයින් හට පැමිණවිය යුතු දඬුවම්ද එකී ආඥා පනතේහිම පහත පරිදි දක්වා ඇත.

එනම් උක්ත නීති විරෝධී ක්‍රියා සිදුකරන පුද්ගලයෙකු හට අවම රු 30,000.00 ක හා උපරිමය රු 100,000.00 දඩයක් හෝ අවම මාස හයක් හා උපරිමය අවුරුදු දෙකක සිර දඬුවමක් හෝ එකී දඬුවම් දෙකම හෝ පැමිණවිය හැකිය.

මෙම සතුන්ගේ පැවැත්මට එල්ල වී ඇති තර්ජන දෙස බැලූවිට වාසස්ථාන ආරක්ෂා කරදීම කර දීම අනිවාර්යයෙන් ම සිදු විය යුතු කරුණක් වන්නේ ය.එනම් බිත්තර දමන වෙරළ තීරයන් ආරක්ෂා කරදීම,ගොදුරු බිම් ආරක්ෂා කර දීම,ගොදුරු බිම් සිට බිත්තර දමන වෙරළ තීරයන් වෙත පැමිණෙන මාර්ගය ආරක්ෂා කර දීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතු ය.

මෙහිලා ශ්‍රී ලංකාව තුළ මෙම වගකීම දරන ප්‍රධානතම ආයතනයක් වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

එම දෙපාර්තමේන්තුව විසින් මේ වන විට මෙම සතුන් බිජු ලෑම සඳහා පැමිණෙන වෙරළ තීරයන් ගෙන් යුතු රැකව හා ගොඩවාය යන වෙරළ තීරයන් අයත් වන භූමිය අභයභූමි ලෙස නම් කර ඇති අතර මෙම අභය භූමියන් ආශ්‍රිතව සිය කාර්යාල ස්ථාපිත කර නිලධාරීන් අනියුක්ත කරමින් හා සාගර අභය භූමි රැසක් නිරීක්ෂණය කරමින් හා වෙරළ තීරයන් රැසක් ආවරණය කරමින් මෙම සතුන්ගේ පැවැත්ම තහවුරු කරලීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුකරනු ලබයි.

එමෙන්ම මෙම සතුන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කරනු ලබන පර්යේෂණ හා සංරක්ෂණ ක්‍රියාවලි රැසක් සඳහා ද සිය දායකත්වය ලබා දෙමින් සිටි.

මෙම අසිරිමත් සතුන් අනාගත පරපුර සදහා සඳහා සුරක්ෂිත කරලීම වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුව වෙත පමණක් පැවරුණු වගකීමක් නොවන අතර සමස්ත මිනිස් ප්‍රජාව සතුවන යුතුකමක් නොව සමස්ත මිනිස් ප්‍රජාවගේම උරමත පැටවු වගකීමක් වන්නේය.

CATEGORIES
TAGS
Share This