Ponzi Scheme Alert – පිරිමිඩ ජාවාරම් කරුවන්ගේ අලුත්ම එක 2023

Ponzi Scheme Alert – පිරිමිඩ ජාවාරම් කරුවන්ගේ අලුත්ම එක 2023

කියෙව්වට පාඩු වෙන එකක් නැහැ. අඩුම තව එකෙක් හරි බේරගන්න පුලුවන් වෙයි.

සමහරු කියනවා වගේ මේ ponzi scheme වලට invest කරන්නෙ අමු ඩමෝයෝ නෙමෙයි. මේවා කරන්නෙ අංක එකේ තක්කඩි රැලක්. මේකියන ඒවා තහවුරු කරගන්න ඔයාටම පුලුවන් බලන්න youtube එකට ගිහින් onmaxdt , Antusdt වගෙ keyword එකක් ගහලා එන videos වල channel වලට ගිහින් බලන්න ගිය අවුරුදු 1,2 ඇතුලත එයාලගෙ video histroy එක. Antusdt > Onmax DT > MTFE > Ledgerbook > R3F > Hiveenergy > SS Football > Beecoin pro මෙන්න මේ විදියට ලස්සනට ponzi scheme ටික ගලාගෙන යනවා. මෙයාලා කරන්නෙ ponzi එක මුල් කාලෙම මේකට invest එක කරලා reffral rewards එහෙමත් අරගෙන හිමින් සැරේ මාරු වෙලා ඊලග එකට යන එක. මේ විදියට එන එන ponzi scheme වලටම invest කරන එක තමයි මෙයාලගෙ job එක. දැන් යමු වර්තමාන තත්වයට ….

📌 හැමෝම දන්න දෙයක් තමයි MFTE ponzi scheme එකේ දැන් හැලෙන කට්ටිය තවත් ඒ වගෙ ponzi schemes වලට පොඩ්ඩ පොඩ්ඩ හේත්තු වෙනවා කියන එක. ඉතින් ඒවගේ අලුතින් ඇවිත් තියන එකක් තමයි Beecoin කියන්නෙ. අලුතුන් කිව්වට මේක මාස කිහිපයක් පරන platform එකක්.

MFTE එකෙන් හැලෙන අය BEECOIN එකට එන හැටි

මේකේ වෙන්නෙ සරලවම මෙහෙම දෙයක්, හිතන්න onmaxdt, Lionshare , tronrush වගේ ponzi scheme වල අපිට සල්ලි දාන්න විතරයි තිබුනේ. එතකොට එලියෙ ඉදන් බලන කෙනෙක්ට අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ සල්ලි නිකන් ඉදලා උත්පාදනය වෙන්නෙ කියන එක. මේකට තමයි අලුතින් ඇවිත් තියන platform තමයි හොදටම තෙල බෙදන්නෙ. වර්තමානයේ trend එක තමයි “අපි trading කරලඩො පොපිට් ගන්නෙ කියන එක” මෙන්න මේක හොදට ලිහාගමු.

🔴 Beecoin එක ඔය කියන තරම් අනාරක්ශිතද ?

ඔව්. මේ අවුරුද්දෙ 03 මාසෙ තමයි මේකේ (beecoinpro . com ) domain register කරලා තියෙන්නෙ.

Beecoinpro.com Domain registar info
Beecoinx.com Domain registar info

සහා trading platform එකකට සාමානයෙන් Head office එකක් හරි team එකක් ඉන්නවා. හදිස්සියෙ අටවගත්ත මොකක් හරි එකක් නම් අඩු ගානෙ stock images වලින් හරි බොරුවට එකක් හදනවා. මේකේ ගෙඩි පිටින් about us page එකම නැහැ.

(About us text not clickble )

Terms of Service , Privacy Protection කිසිම දෙයක් හරියට නෑ. නිකන් ගත්ත template එකේ තිබුන නමට “Beecoin “කියලා දාගෙන ගිහිම්.

ඕවා තමයි මේකේ එලියෙන් බැලුවම පේන්න තියන අඩුපාඩු ටික.

🔴 මේ කිව්වට අපි ඇත්තටම trade කරනවනේ ?

Pyramid කිව්ව ගමන් ගේන තර්කය තමයි මේක. Trade කියන එකේ මෙතන සරල තේරුම ගනුදෙනුවක් කියන එක. එතකොට මෙතන ගන්න පාර්ශවයක් සහා විකූනන පාර්ශවයක් ඉන්නවා. එතකොට මිල තීරණය වෙන්නෙ ගැනුම්කරුවන්(buyers) සහා විකුණුම්කරුවන් (sellers) අතර. beecoin කරන අය කියන්නෙ එයාලා මාසෙ කවදාවත් ලොස් වෙන්නෙ නැ කියලා. කිසිම crypto asset එකක් නැහැ එක දිගට මෙහෙම pump වෙවී වෙයී යන. එතකොට ඇයි ? Beecoin එකේ තියන coin විතරක් හැමදාම එක දිගට up වෙන්නෙ. මේකට හේතුව සරල දෙයක්. සාමාන්‍ය Exchange එකක Trade වෙන asset එකක්(BTC , ETH , LTC … )

📌 අපිට ඒවගෙ price එක/ Chart එක coinmarketcap , Coingecko වගෙ එහෙම නැත්තම් trading view වගෙ sites වල බලාගන්න පුලුවන්. නමුත් Beecoin එක ඇතුලෙ මෙයාලා trade කරෙන්නෙ එයාලා හදාගත්ත tokens.

රතු පාටින් mark කරලා තියන ටිකට අදාලව තමයි signal ලැබෙන්නෙ.

📌 මේ Tokens අඩුම ගානෙ වෙන exchange එකක තියා shit projects list කරන sites වල වත් නැහැ. ඒ නිසා මෙතන බොරුව කරන්න හරිම ලේසි. මේ තියෙන්නෙ ඒ token සමහරක් RES , DDX,CFS , PPC , CTS , TAI ….

මේ තියෙන්නෙ signal දවස ගානෙ ලැබෙන හැටි. බලන්න උඩ mark කරලා තියන token වලට අදාලව විතයි signal ලැබෙන්නෙ. නැතුව BTC , ETH , LTC වගේ ඒවට signals ලැබෙන්නෙ නැහැ.

මේ තියෙන්නෙ එයාලට රෑ 8:00 විතර හම්බෙන සිග්නල් එක. මේකත් පැහැදිලි කරගමු.

2023-8-4 Trading order: Search CTS, select 100% market price to buy, limit price to sell: 3.8409 (Note: Buying is prohibited after 21:40) “

මුලින්ම තියෙන්නෙ දිනය “2023-8-4” හැමදාම දවසට අදාලව මෙහෙම එකක් ලැබෙනවා.

📌” Search CTS, select 100% market price to buy” – Wallet එකේ තියන මුලු සල්ලි ප්‍රමාණයෙන් එවලේ තියන price එකට CTS (උන්ම හදාගත්ත token එක) ගන්න.

📌” limit price to sell: 3.8409 ” – මේකේ තේරුම ගන්න CTS token එක pump වෙනවනේ. ඒක sell වෙන්න දාන්න ඕනෙ 3.8409 ට. එතකොට ඉබේම pump වෙන coin එක 3.8409 දි sell වෙනවා.

📌”(Note: Buying is prohibited after 21:40)” – මෙන්න මේ වෙලාවට තමයි backend එකේ ඉදන් අරගොල්ලො traget එකක් දෙන්නෙ. මේක නිකන් අපි TW වල use කරන ghost feed එක වගේ. target එකක් දුන්නම automatically chandles ටිකක් ඇදිලා දුන්න traget එකට යනවා.

DDX Token එක දැන් trade වෙන්නෙ රු.100 ට මන් ලග 500ක් තියනවා මන් රු.500 දීලා DDX token 5ක් ගන්නවා. මට කියලා තියෙන්නෙ DDX ටික 102 ට විකූන්න කියලා. මන් 102 ට විකුනලා මුලු ගාන 510 ගන්නවා. අප්පටසිරි ! යකො දාන හැමෝම profit ගන්නවනම් මොකකද අවුල ? මේකේ මන් කලින් කිව්වනෙ Backend ඉදන් target එකක් දෙනවා ඒතනට තමයි chart එක move වෙන්නෙ කියලා. chart එක move වෙන්න ඕනෙ තැන තීරණය වෙන්නේ එදා දවසට එයාලට ලැබෙන income එක මත. ඒ income එක calculate කරලා target එක identify කරගන්න තමයි රාතී 8 වෙනකම් කාලය ගන්නෙ.

මෙතන වෙන්නෙ තනිකරම වංචාවක් මෙතන කිසිම විදියටක legitimate විදියට trade වීමක් සිදු වෙන්නෙ , මුදල් මැවීමක් වෙන්නෙ නැහැ. මෙතන වෙන්නෙ අලුතින් සම්බන්ධවන සාමාජිකයන්ගේම මුදල් පැරණි සාමාජිකයන්ට ගෙවීම.

මේ ලොකු රවුමක්ම ගහන්නෙ ඒ දේ වහගන්න. මොකද trading ගැන තියෙන knowledge එක සාමාන්‍ය සමාජයේ ඉතාමත් අඩුයි.සහා Beecoin , MFTE වගේ platfrom පැත්තෙනුත් මේක ඉතාමත් ලාභයි. මොකද , Deposit,Withdrawal, trading fee වගේ දේවල් කියලා තව ගානක් ගලවගන්න පුලුවන්. ඒ විදියට කලහම කෙලින්ම ඒ සල්ලි management එකටම යනවා.

🔴 Beecoin එකෙයි Sunbird foundation එකෙයි පලහිලව්ව මොකකද ?

Beecoin එකයි sunbird Foundation කියන එකයි බද්ධව වැඩ කරන ආයතන 2ක්. sunbird මේ ආයතනය එයාලා කියන පරිදි 2006 ආරම්භ කරනු එකක් කියලා තිබුනට මේකේ Domain purchase කරන එකේ ඉදන්ම කටයුතු 2022 වසරෙ සිදු වෙලා තියෙන්නෙ. Sunbrid කියලා තෝරගන්න මේකට දැකපු විදියට හේතු සාධක කිහිප ප්‍රමාණයක් තියනවා.

1.sunbird Foundation කියලා ඇත්තටම ආයතනයක් සිංගප්පුරූවෙ තියනවා. ආයතනයක් කිව්වට මේක children’s day care එකක්. නමුත් කවුරුහරි sunbird Foundation කියලා search කලොත් results වල පෙන්නන්නෙ මේක.

2. THE SUNBIRD TRUST කියලා charity Foundation එකක් ලංකාව , ඉන්දියාව , දකුණු අප්‍රිකාව වගේ රටවල ක්‍රියාත්මක වෙලා තියනවා. මේක UK registerd Foundation එකක් . සහා මේකේ පැහැදිලිව කියලා තියනවා කිසිම විදියක වෙලද ආයතනයක් හෝ ව්‍යාපාරික සම්බන්ධතා නැහැ කියලා. මේකේ කටයුතු සිදු වෙන්නෙ මහජනතාවගෙන් අරමුදල් එකතු කරගනිමින්. මේ ගැන වැඩිපුර විස්තර හොයාගන්න කැමති කෙනෙක් මේ ආයතනය අදාල charity ID එක UK charitycommission එකේ search කරන්න . charity ID : 1090029 (Removed charity )

මෙතනින් බලන්න – click here

🔴 Sunbird charity Foundation කෙලින ටොම් පච ?

Images එක්ක බලන අයට නම් මේ බැනර් එක පේනවා ඇති. Facebook එකේ තියන අයට ඒ ටිකත් දාන්නම්, මෙන්න මේ ටික තමයි තියෙන්නෙ.

” 2018 දි ඉන්දුනීසියාවෙ ඇති වූ රිච්ටර් මාපක 7.5 භූමිකම්පාවක් සිදුවිය. එහි ප්‍රතිථලය ලෙස 2000 කට වැඩි පිරිසක් මිය ගිය අතර ගලවාගැනීමෙ මෙහෙයුමට sunbird පදනම සහභාගී වී IDR බිලියන 06 ක් හා ටොන් 5ක ද්රවයම ආධාර ලබා දෙන ලදි ” – ඇත්තටම ඒ mention කරලා තියන ස්වාභාවික විපතේ තොරතුරු නිවැරදී. නමුත් sunbird කියලා කිසිම ආයතනයක් ඒ විදියට මුදලක් පරිත්‍යාග කරලා සදහන් වෙන්නෙ නැහැ . දල වශයෙන් IDR බිලියන 6 ක් කියන්නෙ රුපියල් බිලියන 0.126 කට. ඉතින් ඒ වගෙ විශාල මුදල් ප්‍රමාණයක් හොර රහසෙ පරිත්‍යාග කරන්න කිසිම අව්ශ්‍යතාවක් නැහැ.

” 2021 දි මැලේසියාවෙ ඇතිවූ දරුණු ගංවතුරෙ​න් අඩුම වශයෙන් එහි ස්වාධීන කලාප 08 පමණ විපතට පත් වුනා. 46 දෙනෙක් අඩුම වශයෙන් මරණයට පත් වුනා. 70,000 පමණ අවතැන් උනා.sunbird පදනම මෙම අවාසනාවන්ත සිදු වීමේදී RM 800,000 මූල ද්රව්‍යමය ආධාර සහා ටොන් 20,000 ක ද්රමය ආධාර පරිත්‍යාග කලා. ” – මේකෙත් මුල් කොටස නිරවද්‍යයි. නමුත් ඔය කියනවා වගෙ sunbird කියලා ආයතනයක් එහෙම පරිත්‍යාග කරලා නැහැ.

දැන් වැසිකිලි වලක් කපලත් ලොකු promotion එකක් කරන ආයතනයක් මීට අවුරුදු දෙකකට කලින් කරපු රුපියල් මිලියන ගනන් වල donations වල තොරතුරු කිසිම දෙයක් නැති එක නම් පුදුම සහගතයි .

🔴 අපි දැන් බලමු promotions වල මෙයාලා පෙන්නන sunbird foundation එකේ fact check කරලා

මුලින්ම දාලා තියෙන්නෙ එයාලගෙ main youtube channel එකේ.කැමති අය මුලින් ඒක බලලා එන්න.

Link – https://www.youtube.com/watch?v=vZ-V2Evf7tI

❌1.මේ ඉන්නේ එයාලා දාලා තියන වීඩියෝ එකේ හැටියට US වල තියෙන Sunbird foundation එකේ members ලා ලමයිට සෙල්ලම් බඩු බෙදපු දවසක්.

1.මේ තියෙන්නෙ හරි image එක. CGCC Foundation (China General Chamber of Commerce – USA) තමයි මේ විදියට සෙල්ලම් බඩු බෙදලා තියෙන්නෙ.

Image Source : Click here

❌2.වීඩියෝ එකේ හැටියට මේ පෙ​න්නන්නෙ සිංගප්පූරුවේ තියන එයාලගෙ headquarters.

2. මේ තියෙන්නෙ එයාලා adobe stock එකෙන් download කරගත්ත එයාලගෙ headquarters එක. headquarters එකක් නැහැ.මේක free download කරගත්ත stock image එකක්.

Image Source : Click here

❌3. මේ තියෙන්නෙ වීඩියෝ එකේ පෙන්වන එයාලගෙ headquarters members ලා

3.මේ image එකම හොයාගන්න බැරි උනත් ඊට සමාන image එකක source එකක් හොයාගන්න පුලුවන් උනා.මේ තියෙන්නෙ ” Marsiling care” කියන ආයතනයේ event එකක් අතර තුර ලබාගත් ඡායාරූපයක්. මෙහි තැනින් තැන තැබිලි පැහැයෙන් යුක්ත ඌ ඇදුමකින් සැරසී සිටින්නෙ එම ආයතනනයේ කාරිය මණ්ඩලය වේ.

Image Source : Click here

❌4.මේ තියෙන්නෙ එයාලගෙ india branch එක කියලා පෙන්නන building එක.Building එක මතම අකුරින් ලියා ඇති නිසා මෙය බලන සාමාන්‍ය කෙනෙක්ට සිතෙන්නෙ “මේ building එක එක Foundation එකට අදාල එකක් ලෙසය” මෙය සිතාමතා කරන ලද නොමග යැවීමකි

✅4.පහල උබට දිස් වන bulding එක Mukesh Ambani හට අයත් පෞද්ගලික නිවසකි.

Image Source : Click here

❌5. මේ ඔබට පෙනෙන්නෙ sunbird foundation එකේ සභාපති යැයි පෙන්වන පුද්ගලයාවය. සහා ඔහු ලබාගත් අධ්‍යාපනික සුදුසුකම් වේ.තවද මොහුට ඇත්තේ එරට හිටපු අගමැතිවරයෙකුගේ නමමය. [Goh Chok Tong (Former Prime Minister of Singapore) ]

✅5. ඔහුගේ නම අපි පැත්තකින් තියමු.මන්ද එකම නම සහිත පුද්ගලයින් දෙදෙනෙකු එකම රටක් තුල ජීවත් වීමේ හැකියාවක් ඇති නිසා. දැන් අපි Goh Chok Tong (sunbird presidient) ගේ image එකේ source එක check කරමු. ඔහුද stock image එකකි.

Image source : Click here

දැන් ඔබට වැටහෙනවා ඇති මෙම ආයතනයේ තිබෙන වලංගු අවලංගු තාවය.ඔවුන්ගෙ වීඩියෝ එක තුල කිසිම ආකාරයක නිවැරදි තොරතුරක් නොමැති බව සහා සෑම තත්පරයක් තත්පරයක් පාසාම ඔවුන් සාමාජිකයන්ව නොමග යැවීමක් පමණක් සිදු කර ඇත.

Beecoin Promotions වෙන්නෙ කොහොමද ?

මේක තමයි මන් දැකපු විශේශම දේ. සාමානයෙන් Onmaxdt , MTFE කියලා ponzi එකක් ගන්නකො. මෙයාලම තමයි මේවගෙ promotions, charity වගේ දේවල් කරන්න ඕනෙ.නමුත් Beecoin එකේ මෙයාලා අලුත් වැඩක් කරනවා. ඒ තමයි charity වෙන්නෙ වෙන නමකින් ponzi scheme එක දුවන්නෙ තවත් නමකින්. Sunbird (දිලිදුකම පිටු දැකීම සදහා හිරු එලියේ පුණ්‍යායතනය ) මේකෙන් තමයි charity එක වෙන්නෙ. Beecoin pro එකෙන් තමයි scam එක කරන්නෙ.

charity එක වෙන්නෙ මෙහෙමයි Beecoin එකට අදාලව කාටහරි reffral 10ක් වගේ ඉන්නවනම් Sunbird එකේ membership එක ඉල්ලන්න පුලුවන්.membership එකෙත් එක එක කොටස් තියනවා. පලමු,දෙවන,තෙවන විදියට.

මේකෙන් මොන එකට අයිති වෙනවද කියලා තීරණය වෙන්නෙ හොයන reffral ප්‍රමාණය මත. හිතන්න එක මාසෙක සෑහෙන reffral ප්‍රමානයක් හොයලා අනිත් මාසෙ ඒ target එකට ආවෙ නැත්තම් එයාගෙ මට්ටම පහල දානවා. Member කෙනෙක් වෙන එකේ වාසිය මොකක්ද ? වාසිය තමයි sunbird එකෙන් මෙයාලට මාසික ගෙවීමක් කරනවා.

දැනටමත් දකින්න ඇතිනෙ Sunbird කියලා banner එකෙක් ගහගෙන charity වැඩ කරනවා. ඒවට සල්ලි එන්නෙ ඒ අදාල team එකේ අයගෙ profit වලින්. මන් team leader නම් මගෙ team එකේ ඉන්න අයගෙ profits වලින් 10% මන් එකතු කරගෙන මේ විදියට charity වැඩක් කරලා අදාල photos ටික sunbird එකට යවනවා. Charity වැඩේ වෙනගමන්ම ඒ හරහා beecoin එකත් හිමින් සැරේ promote කරගන්නවා. 

දැන් කලින් වගේ Ponzi scheme එහෙමත් ලොකුවට promotions කරන්න යන එකක් නෑ මොකද මේ method එක හරිම තැනට හරිම audince එකට deliver , ලොකු cost එකක් නැතුව වැඩේ වෙනවා. වෙනවා.

🔴 කෙටි ප්‍රශ්න සහා ඒවට අදාල උත්තර?

Q1. – අපි දැකලා තියනවනේ එයාලා legel document වගයක් පෙන්වනවා මේක ඇත්තද නැද්ද ?

A1.- දැනට beecoin pro platfrom MSB Registration එක ලැබිලා තියනවා MSB එහෙමත් නැත්තම් Money Services Businesses විදියට මේක register කරලා තියනවා. Stock certificate, Tax file වගේ දේවල් අපිට verify කරගන්න නම් ටික දවසක් යනවා. සහා ඒවගෙ නිරවද්‍ය වෙන්න පුලුව්න් සම්භාවිතාව බොහොම අඩුයි. නමුත් පැහැදිලිවම MSB Registration එක ලැබිලා තියනවා.

verify : click here (SB REGISTRATION NUMBER/DCN – 31000227716948)

දැන් ඔබට හිතෙනවනේ MSB එකක් විදියට Registration එක කරලා තියනවනම් එහි කිසියම් නීත්‍යානුකූල තාවයක් ඇති කියලා. නමුත් ඇත්තටම එසේ නැහැ. ලංකාවෙ සමාගමක් ලියාපදිංචි කරනවට වඩා පහසුවෙන් මේක කරගන්න පුලුවන්.

සරලව කියනවනම් ලංකාවෙ සමාගමක් ලියාපදිංචි කිරීමෙන් එම සමාගම පාරිශුද්ද වෙන්නෙ නැහැ. සමාගමක් ලෙස ලියාපදිංචි කල පමණින්ම ඔවුන්ගෙ සමාගම තුල කල කී දෑ පිලිබද වගකීමක් ලැබෙන්නෙ නැහැ. හොදම උදාහරණ , මතකද බලන්න Global lifesyle , Fast 3 cyle , Qnet වගේ ආයතනත් ලංකාවෙ සමාගම් ලෙස ලියාපදිංචි කර තිබුනේ. දැන් ඒවගෙ කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මේවට සල්ලි ආයොජනය කල මිනිස්සු අන්තිමට අසරන උනා. දැන් අපි beecoin ලගේ MSB Registration Information ඒ ලිපිය බලමු.

හොදින් බලන්න මෙතන පැහැදිලිව කියලා MSB එකක් විදියට register කරපු පමණින් හෝ මෙම ලියවිල්ල මගින් කිසිම වෙලාවක ඒ ආයතනය පිලිබද recommend කිරීමක්, එහි නීත්‍යානුකූල භාවය සහතිකයක් ලබා දෙන්නෙ නැහැ කියලා පැහැදිලිව තිබෙනවා.

දැන් පහල යට කොටුව තුල ඇති address එක බලන්න. දැන් ඔබ සිතන්නෙ මොකක්ද ? guess කරන්නද ? ඔබ හිතුවේ මේ ආයතනයට ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තය තුල Office එකක් තිබෙනවා කියලනෙ. නමුත් මන් ඒකත් පැහැදිලි කරන්නම් පහලින් තිබෙන රූපය බලන්න.

මේ තියෙන්නෙ ඔය MBS registraion page එකේ beecoin ආයතනයට තිබෙන address එක. මේක virtual address එකක්. සරලවම ඔබට මෙතනට ගියා කියලා beecoin company එකේ කාවවත් හම්බවෙන්නෙ නැහැ.

virtual address කියන එක මෙහෙම පැහැදිලි කරන්නම්. හිතන්න ඈත දුශ්කර පලාතක එක ගෙයක් තිබෙනවා. ඒ ගෙදර පවුලෙ ලමයි 10 ඉන්නවා. ලමයි ඉන්නෙ කොලඹ හෝ වෙනත් දුර පලාත්වල කුලි පදනම ලබාගත් ගෙවල් වල කියලා. එතකොට ඔවුන්ට ස්ථීර ලිපිනයක් නැති නිසා ඔවුන් ලබා දී තිබෙන්නෙ ඔවුන්ගෙ ගමේ තියෙන ගෙදර ලිපිනය. ලමයින්ගෙ සියලු වැඩ වලට අදාල ලියුම් එන්නෙ ඒ ගෙදරට. ලියුමක් ආවහම ගෙදර අය කරන්නෙ ඒකෙ නම බලලා ඒ අදාල ලමයට call එකක් දීලා ඒකේ විස්තර කියනවා. මේ උදව්ව කරනවට ලමයි පොඩි ගානක් ගෙදරට යවනවා. සරලවම මේවගේ දෙයල් වෙන්නෙ virtual address එකක.

Beecoin එකේ අයත් මේ virtual address එක ලබාගෙන තියෙන්නෙ මාසයට $150 වගේ දීලා. සහා ඔවුන්ට කැමති වෙලාවක ඒක අයින් කරන්න පුලුවන්. මන් හිතනවා ඔබට මේක තේරෙන්න ඇති කියලා.

Q2: මේකට දැන් මන් පොඩි ගානක් දාන්නද ? දාලා අයින් වෙන්නම් ඔය කිව්වට මාසයක් තියෙයි මේක ?

A2 : මේක තමගෙ පෞද්ගලික තීරණයක්. මන් පෙන්නුවනෙ මේ ආයතන මොනවගේද කියලා.කොහොම උනත් මේ platfrom එකේ trade කරනවනම් KYC verification එක කරන්න වෙනවා. සරලව කියනවනම් ID verification එක.ඉතින් කිසිම privacy protection එකක් නැති මේ වගෙ පෙට්ටි කඩයකට තමන්ගෙ ID දෙනවද නැද්ද කියන එක ඔයාම හිතන්න.

මන් පොඩි උදාහරණයක් කියලම මේ මාතෘකාව ඉවර කරන්නම් ” Ledger ” ඔයාලා දන්න මේ hardware company එකේ Hardware wallet ගත්ත අයගෙ Home address එහෙම leak උනා. ඉතින් මේක වෙලා ටික කාලෙකින් hack වුන් අයගෙ ගෙවල් වලට fake Hardware wallets එහෙම ඇවිත් තිබුනා. පස්සෙ තේරුම් ගියා මේක legdear එකට සමානව හදපු pendrive එකක් කියලා. මේකේ malware එකක් තිබිලා තියනවා. හිතන්න මෙහෙම reputable company එකක්ත් මෙහෙම උනානම් ඔයාලගෙ data වලින් මොනවගේ දේවල් වෙන්න පුලුවන්ද කියලා.

🔴 Ponzi schems වලට අදාල මොනවගේ නීතියම තත්වයක්ද දැනට ලංකාවෙ තියෙන්නෙ ?

PDF link : click here

මේ තියෙන්නෙ මහ බැංකුව විසින් publish කරපු publication එකක ponzi/pyramid scheme කරන අයට ලැබෙන දඩුවම්. කොටින්ම සමහර youtube channel වල අය කරනවා වගේ මේ වගේ එකක් promote කිරීමම වරදක්.

මේ සියලුම දේවල් මේ folder එක තුල තිබෙනවා – https://mega.nz/folder/mOI0DbYQ#Ej–5zIxQkIj0JVWQqTj9Q


🔴 අවසානය…… ඉතින් මේක තමයි අවසානය, මේ ලිපිය ලියන්න සෑහෙන පැය ගණනක් මහන්සි උනා. මන් හිතනවා මේක නිසා එක්කෙන්ක් හෝ මේක තේරුම් අරගෙන මේවට ආයෝජනය කරන එක තේරුම් ගනී කියලා. ස්තූතියි

CATEGORIES
TAGS
Share This