විනාඩි 5ක් වැය කර ජීවිතය හොඳ අතට වෙනස් කළ හැකි ජීවන සිද්ධාන්ත 10ක්

විනාඩි 5ක් වැය කර ජීවිතය හොඳ අතට වෙනස් කළ හැකි ජීවන සිද්ධාන්ත 10ක්

Transform Your Life in Just 5 Minutes: Simple Steps to Positive Vibes

ඔයාලගේ ජීවිතයේ වඩා හොඳ තීරණ ගැනීමට ඔයාලට උපකාර කළ හැකි ජීවන සිද්ධාන්ත 10ක් බෙදා ගන්න. මේ න්‍යායන් ගැන දශක ගණනාවක් තිස්සේ අධ්‍යයනය කරලා පර්‍යේෂණ කරලා, පෞද්ගලික ජීවිතයට වගේම වෘත්තීය ජීවිතය සහ සමාජයීය සබඳතා දක්වා ඔයාගේ ජීවිතයේ ඕනෑම පැතිකඩකට මේ න්‍යායන් සහ මූලධර්ම යොදා ගන්න පුලුවන් විදියට සකස් කරලා තියෙන්නේ.

ඉතින්, අපි කාලය නාස්ති නොකර මේ සංකීර්ණ න්‍යායන් වල අර්ථයන් සරලව හොයලා බලමු.

1)පැරේටෝ මූලධර්මය- PARETO PRINCIPAL

පැරේටෝ මූලධර්මය, 80/20 රීතිය ලෙසද හැඳින්වේ. පැරේටෝ මූලධර්මය පවසන්නේ ඔබේ ප්‍රතිඵලවලින් 80%ක් ලැබෙන්නේ ඔබේ උත්සාහයෙන් 20%කින් බවයි. මෙම න්‍යාය, ඔබට ඔබගේ කාර්යයන් සඳහා ප්‍රමුඛත්වය දීමට සහ වඩාත් වැදගත් ප්‍රතිඵල ගෙන දෙන කාර්‍ය්‍යන් වෙත අවධානය සහ කාලය යොමු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ස්වයං ඇගයීමක් ලබා ගැනීම සඳහා යොදා ගත හැකිය.

Pareto Principle or law of the vital few. 80/20 rule.

2) මැස්ලෝගේ අවශ්‍යතා පිළිබඳ ධුරාවලිය- MASLOW’S HIERARCHY OF NEEDS

මැස්ලෝගේ අවශ්‍යතා ධුරාවලියේ සඳහන් වන්නේ මිනිසුන්ට මූලික අවශ්‍යතා පහක් ඇති බවයි:

  1. භෞතික විද්‍යාත්මක
  2. ආරක්ෂාව
  3. ආදරය/අයිතිභාවය
  4. ගෞරවය
  5. ආත්ම පරිපූර්ණ අවශ්‍යතා

ලෙස ඒවා හැදින්වේ. මෙම න්‍යාය, ඔබට වඩාත් වැදගත් වන්නේ කුමන අවශ්‍යතා ද යන්න හඳුනා ගැනීමට සහ ඒ අනුව ඒවාට ප්‍රමුඛත්වය දීමට උපකාරී වේ. සමබර ජීවිතයක් පවත්වා ගෙන යෑමටත්, තමන්ගේ ආදායම සමඟ දැරිය නොහැකි අවශ්‍යතා වලට ආශාක්ත වී කායිකව සහ මානසිකව පිරිහීමට ලක් නොවී ජීවිතය සංකීර්ණ නොකරගෙන පවත්වා ගෙන යෑමටත් මෙම න්‍යාය ගැන අවබෝධයක් තබා ගැනීම වැදගත් වේ.

Maslow's Hierarchy of Needs

Figure 1. Pyramid representation of Maslow’s Hierarchy of Needs. Even though the popularity of Maslow’s theory is partly attributed to the iconic appeal of the pyramid (or, more accurately, the triangle), he never used the triangle image. In a recent paper, Bridgman, Cummings, and Ballard traced the origins of the triangle visualization to a manuscript by consulting psychologist Charles McDermid. After that, the image was popularized by management textbooks.

3) ආකර්ෂණ නීතිය- LAW OF ATTRACTION

ආකර්ෂණ නීතියේ සඳහන් වන්නේ ඔබට අවශ්‍ය දේ වෙත ධනාත්මක සිතුවිලි සමඟ අවධානය යොමු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකි බවයි. මෙම න්‍යාය ඔබට ධනාත්මක මානසිකත්වයක් පවත්වා ගැනීමට සහ ඔබේ ජීවිතයට ධනාත්මක අත්දැකීම් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වේ.

4) මාෂ්මෙලෝ පරීක්ෂණය- MARSHMALLOW EXPERIMENT

මාෂ්මෙලෝ පරීක්ෂණය යනු කෙටි කාලීන ප්‍රයෝජන වෙනුවෙන් දිගුකාලින ඉළක්ක අත් හැර දමන ගුණාංගය පමා කිරීම පරීක්ෂා කරන මනෝවිද්‍යාත්මක පරීක්ෂණයකි. මෙම න්‍යාය ඔබට ස්වයං පාලනයක් පුහුණු කිරීමට සහ දිගු කාලීන ප්‍රතිලාභ සඳහා කෙටි කාලීන අල්ලස්, ප්‍රතිලාභ වලට එකඟ නොවී සිත එකඟ කරගෙන නිශ්චිත අරමුණකට වැඩ කිරීමට පෙළඹවීමට උපකාරී වේ.

කුඩා දරුවෙකු ඉදිරියේ එක් මාෂ්මෙලෝවක් තබා ඉවසා සිටියහොත් වඩා හොඳ ප්‍රතිලාභයක් ලැබෙන බවත් එසේත් නැත්නම් ඉක්මන් තෑග්ගක් ලෙස මාෂ්මෙලෝව අනුභව කිරීමේ විකල්පය තෝරා ගත හැකි බවත් පවසා කාමරයේ තනි කර යන අතර නැවත විනාඩි 15කින් පමණ පැමිණෙන විට දරුවා එම මාෂ්මෙලෝව අනුභව නොකර සිටියොත් ඔහුට හෝ ඇයට මාෂ්මෙලෝ දෙකක් හෝ ඔහු/ඇය ප්‍රියතම කෑමක් ලබා දීම මෙම පරීක්ෂණයේදී සිදු කෙරෙයි.

5) The Butterfly Effect

මෙම න්‍යායයෙහි සඳහන් වන්නේ කුඩා ක්‍රියාවන්ගෙන් සැලකිය යුතු ප්‍රතිවිපාක ඇති කළ හැකි බවයි. මෙම න්‍යාය ඔබගේ ක්‍රියාවන්හි බලපෑම තේරුම් ගැනීමට සහ වඩාත් කල්පනාකාරී තීරණ ගැනීමට ඔබට උපකාර කරයි. සමනළයෙකුගේ පිහාටු ගැසීමකින් මහා සුළි කුණාටුවක් ඇති විය හැකි ද? නමුත් මහා විනාශයක ආරම්භය සමනළයෙකුගේ ආරම්භ විය නොහැකි ද? පහුගිය සමයේ කොරෝනා වසංගතය ඇති වීමට හේතුව වූයේ චීනයේ වුහාන් නගරයේ වෙළඳ සැලකින් ද? නැතහොත් රහසිගත පරීක්ෂණාගාරයකින් ද? ඔබ මොහොතකට හරි සිතන්නට ඇති.

butterfly effect

6) Pygmalion Effect

Pygmalion Effect හි සඳහන් වන්නේ ඉහළ අපේක්ෂාවන් තුළීන් ඉහළ කාර්ය සාධනයක් ඇති කළ හැකි බවයි. මෙම න්‍යාය ඔබට සහ ඔබ අවට සිටින අය සඳහා ඉහළ බලාපොරොත්තු තැබීමට උපකාර වන අතර, එය වඩා හොඳ ප්‍රතිඵල කරා ගෙන යා හැකි ය. තමා කරනා දෙය ගැන පළමුව තමා විශ්වාස කළ යුතු ය. අඩු විශ්වාසයන් සමඟ යමක නිරත වීම මඟින් අඩු ප්‍රතිඵල ඇති වීම පුදුමයක් නොවන අතර අධි තක්සේරු නොකරන ලද විශ්වාසයෙන් සහ අපේක්ශාවෙන් වැඩකට ප්‍රවේශයක් ගන්නේ නම් එහි ප්‍රතිඵල ඉහළ බැව් මෙම න්‍යායෙන් අපට කියා දෙයි.

The Pygmalion Effect

7) පීටර් මූලධර්මය- PETER PRINCIPAL

පීටර් මූලධර්මය පවසන්නේ පුද්ගලයන්ව ඔවුන්ගේ දක්ශතාවයට එහායින් ඇති මට්ටම දක්වා සේවයෙන් උසස් කිරීමෙන් උපරිම පලදාව නෙළා ගත නොහැකි බවයි. උදාහරණයක් ලෙස ඔබ ආයතනයක සේවය කරමින් ඔබගේ කාර්‍යය හොදින් ඉටු කිරීම නිසා උසස්වීමක් ලැබුවත්, ඔබ කුසලතා සංවර්ධනය සහ ඉගෙනීම තුළින් උසස් නිලතලයක කාර්‍ය්භාරය ඉටු කිරීමට අවශ්‍ය වෙනත් කුසලතා සහ දැනුම දියුණු කරගෙන නැත්නම්, ඔබට ඔබගේ රාජකාරිය සාර්ථකව ඉදිරියට යෑමට නොහැක. පීටර්ගේ මූලධර්මය මඟින් ඔබේ අදක්ෂතා මට්ටමට ළඟා වීම වළක්වා ගැනීම සඳහා අඛණ්ඩ ඉගෙනීමේ සහ සංවර්ධනයේ වැදගත්කම අවබෝධ කර ගැනීමට ඔබට හැකිය.

Peter Principle: What You Need to Know.

8) අඩුවන ප්‍රතිලාභ පිළිබඳ නීතිය- LAW OF DIMINISHING RETURN

අඩු වන ප්‍රතිලාභ පිළිබඳ නීතියේ සඳහන් වන්නේ කාර්යයකට, යම් සීමාවකට පසුව වැඩි සම්පත් එකතු කිරීම හෝ ආයෝජනය කිරීම, අවසානයේ ප්‍රතිලාභ අඩුවීමට හේතු වන බවයි. මෙම න්‍යාය ඔබට සමතුලිතතාවයේ වැදගත්කම තේරුම් ගැනීමට සහ ලාභය වෙනුවෙන් අනවශ්‍ය ලෙස ගිජු වීමේ සීමාවන් වලින් වැළකී සිටීමට උපකාරී වේ.

Graph: Law of Diminishing Returns (Total Input vs. Total Output)

9) Dunning-Kruger Effect

මෙම න්‍යායෙන් ඔබට කියාදෙන්නේ යම් කිසි ක්ෂේත්‍රයක අඩු හැකියාවන් ඇති පුද්ගලයන් තම හැකියාවන් අධිතක්සේරු කිරීමට නැඹුරු වන අතර ඉහළ හැකියාවන් ඇති අය තම හැකියාවන් අවතක්සේරු කිරීමට නැඹුරු වන බවයි. Dunning-Kruger න්‍යාය මඟින් ඔබට පෙන්වා දෙන්නේ තම කුසලතා හරි හැටි අවබෝධ කරගෙන ඕනෑවට වඩා විශ්වාසයෙන් වැළකී නිහතමානී ව කටයුතු කිරීමට ඇති අවශ්‍යතාවයයි. නැතහොත් ඔබ ඔබව උලුප්පා පෙන්වන තරමට ප්‍රතිඵල නොමැති වූ විට අපේක්ෂාවන් සහ විශ්වාසයන් බිඳ වැටීමට එයම හේතුවක් විය හැකිය.

Dunning-Kruger Effect.png

10) ස්වර්ණමය රීතිය හෙවත් Golden Rule

Ruler

ස්වර්ණමය රීතියේ සඳහන් වන්නේ ඔබට සැලකුම් ලැබීමට අවශ්‍ය ආකාරයට ඔබ අන් අයට සැලකිය යුතු බවයි. මෙම න්‍යාය ඔබට අන්‍යයන් කෙරෙහි සංවේදනය සහ කරුණාව ප්‍රගුණ කිරීමට උපකාරී වන අතර එය වඩා හොඳ සබඳතා සහ ප්‍රතිඵල කරා යොමු කරයි. ඔබ යමෙකුට පහත් ආකාරයෙන් සලකා පෙරළා හොඳ සැලකුම් බලාපොරොත්තු වීම ස්වර්ණමය රීතිය මඟින් ප්‍රතික්ෂේප කරයි. වඩා හොඳ වටාපිටාවක් සහ සමාජයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ඔබට මෙම රීතිය ඉතා වැදගත් වේ.

ඔයාගේ ජීවිතයේ වඩා හොඳ තීරණ ගැනීමට උපකාර කළ හැකි ජීවිත න්‍යායන් දහයක් මම ඔයාලා එක්ක බෙදාගත්තා. ඉතින් මම විශ්වාස කරනවා මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වා නම්, මීට විනාඩි 5කට කලින් හිටපු ඔයා ටිකක් අලුත් විදියකට ජීවිතය දිහා බලන්න උත්සාහ කරන අලුත්ම මනුස්සයෙක් කියලා. එහෙම වුණා නම් මගේ උත්සාහය සාර්ථකයි.

එහෙනම් තවත් ලිපියකින් හමු වෙන තුරු ඔබ සැමට සුබ දවසක්!

CATEGORIES
TAGS
Share This