What is LinkedIn? A Comprehensive Guide to the Professional Networking Platform

What is LinkedIn? A Comprehensive Guide to the Professional Networking Platform

LinkedIn යනු කුමක්ද? වෘත්තීය සමාජ ජාල භාවිතය සහ මාර්ගෝපදේශයන්

Introduction: Unleashing the Power of LinkedIn

Are you looking to connect with professionals, expand your network, or land your dream job? Look no further than LinkedIn, the world’s largest professional networking platform. With over 740 million users spread across 200 countries, LinkedIn has transformed the way people approach professional relationships, job hunting, and career development. In this guide, we’ll delve into the intricacies of LinkedIn, exploring its features, benefits, and strategies for making the most of this dynamic platform.

What is LinkedIn?

LinkedIn is a social media platform specifically designed for professionals seeking to connect, network, and build their personal brand in the business world. Launched in 2003, LinkedIn has evolved into a vital tool for career advancement, providing a space for individuals to showcase their skills, experiences, and achievements. Acting as a virtual resume, LinkedIn allows professionals to highlight their expertise, connect with industry peers, engage in discussions, access job opportunities, and discover valuable resources within their field.

How Does LinkedIn Work?

LinkedIn operates on the principle of building connections between professionals. Users create profiles that resemble online resumes, detailing their professional background, education, skills, and accomplishments. By connecting with other LinkedIn members, users expand their network and gain access to a broader range of opportunities.

Through its robust search functionality, LinkedIn enables users to discover relevant professionals, companies, job postings, and industry groups. Additionally, LinkedIn’s algorithm provides tailored suggestions to connect with individuals who share similar interests or possess complementary skills. This makes LinkedIn a powerful tool for networking, collaboration, and business development.

Why Should You Use LinkedIn?

1. Networking Opportunities: Expand Your Reach

LinkedIn offers an unparalleled platform for expanding your professional network. By connecting with colleagues, industry leaders, mentors, and potential employers, you open doors to new opportunities, collaborations, and valuable insights. The ability to engage with like-minded professionals from diverse backgrounds allows for a wealth of knowledge sharing and idea exchange.

2. Job Searching: Find Your Dream Job

LinkedIn has revolutionized the job search process. Through its dedicated job search feature, users can explore a vast array of employment opportunities tailored to their skills, location, and career goals. Employers actively use LinkedIn to recruit top talent, making it essential for professionals to have a presence on the platform. Additionally, LinkedIn offers the option to receive job alerts, ensuring you never miss out on a potential opportunity.

3. Personal Branding: Stand Out from the Crowd

In today’s competitive job market, personal branding has become increasingly important. LinkedIn allows individuals to showcase their expertise, achievements, and thought leadership through posts, articles, and multimedia content. By consistently curating valuable and relevant content, you can establish yourself as an authority in your field, attract new connections, and enhance your professional reputation.

4. Industry Insights: Stay Informed and Educated

LinkedIn provides a rich source of industry-specific insights and updates. By following companies, industry groups, and thought leaders, you gain access to the latest trends, news, and developments in your field. This knowledge can inform your decision-making, empower you to engage in meaningful conversations, and help you stay ahead of the curve.

FAQs About LinkedIn

Q1: What is the cost of joining LinkedIn? A1: LinkedIn offers both free and premium subscription options. While the basic features are available at no cost, LinkedIn Premium unlocks additional benefits such

👩‍💻දැන් කාලේ Social Media සීන් එකේ නැති කෙනෙක් හොයන්වා කියන්නේ නිකන් කළුනික හොයනවා වගේ වැඩක්. හැබැයි අපි උදේ හවස වැඩියෙන්ම පාවිච්චි කරන Social Media එක තමයි මේ සකර්බර්ග් අය්යගේ බුකිය. බුකි ඔස්තාර්ලාගේ වදන් ගැන කළකිරුනු සමහරු insta, twitter වගේ Social Media වලටත් දැන් දැන් සෙට් වෙලා ඉන්නවා.

👩‍💻හැබැයි ගොඩක්ම මේ Social Media සීන් එකේ ඉන්න හාදයෝ LinkedIn (ලින්ක්ඩ්ඉන්)ගැන නම් ඒ හැටි දන්නෙ නෑ. කැම්පස් එකේ අන්තිම අවුරුදු වෙද්දි කණින් කොණින් LinkedIn ගැන ඇහුනට හරියටම තමන්ගේ වැඩේට ගැලපෙන LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන ගොඩක් දෙනෙක්ට නිවැරදි වැටහීමක් නෑ.

👩‍💻ඉතින් Assignment Writers අපි අදත් මේ ලෑස්ති වෙන්නේ වෙන මොකටවත් නෙමෙයි, ගොඩක් දෙනෙක් ඔය එහෙන් මෙහෙන් දන්න LinkedIn ගැනත් දන්න සිංහලෙන්ම කරුණු ටිකක් කියලා දීලා වැඩේ ගොඩ දාලා දෙන්නයි.එහෙනම් යන් ඉස්සරහට..

🤔මොකටද මේ 𝗟𝗶𝗻𝗸𝗲𝗱𝗜𝗻❓❓

📌️Microsoft සමාගමට අයිති Social Network එකක් වෙන LinkedIn පාවිච්චි කරලා අපේ වෘත්තිය ජීවිතේ ඉදිරියට අරන් යන්න, වාණිජමය සබදතා ගොඩ නගා ගන්න, වෘත්තිය අත්දැකීම් බෙදා හදා ගන්න, තමන්ගේ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ගැන දැනුවත් වෙන්න අපිට සෑහෙන සපෝර්ට් එකක් ගන්න පුළුවන්.

📌️ඒ වගේම තමන්ගේ නම, ගම, කැම්පස් එක එක්ක අපේ CV එක තැනකට යවනවට වඩා නැත්තම් කිසිම් update එකක් නැති නමට විතරක් තියෙන LinkedIn ප්‍රොෆයිල් එක්ක Link එකක් ඔහේ අලවලා යවනවට වඩා, නියමාකර LinkedIn ප්‍රොෆයිල් එක්කට පුළුවන් වෙනවා අපේ වෘත්තිය ජීවිතේ ගැන ජීවමානම සාක්ෂි ටිකක් අපේ CV එකට එකතු කරලා දෙන්න.

🤔හරි එතකොට සාර්ථක LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගන්නේ කොහොමද?

මෙන්න එහෙනම් 𝗧𝗜𝗣𝗦 ටික…

1️⃣ 𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗵𝗼𝘁𝗼 එකක්!!!

📌️සාමාන්‍යයෙන් Facebook එකට නැත්තම් Insta එකට වුනත් Profile Picture එකක් දානකොට අපි පාවිච්චි කරන්නේ Casual photo එකක් නේහ්? එක්කෝ Selfie එකක්. නැත්තන් මොකක් හරි ආතල් Pose එකක ගත්තු එකක්.

📌️අනිත් එක සමහරු ඔය Social Media වල Profile Picture එකට දාන්නේ අවුරුදු ගාණකට කලින් කෝටුවට හිටිය කාලේ ගත්තු එකක්.සමහරු තියෙන Filters ඔක්කොම පාවිච්චි කරලා පොටි ඇදලා හදා ගත්තු හරිම කලාත්මක Photos එහෙමත් Profile Picture දානවා.හැබැයි LinkedIn එක්ක නම් පුතේ මේ එක සෙල්ලමක්වත් හරියන්නෙ නෑ.

📌️මතක තියාගන්න. කෙනෙක් ඔබේ LinkedIn ප්‍රොෆයිල් එක බලන්නේ වෘත්තිමය උනන්දුවකින්. ආන්න ඒ නිසා LinkedIn එකේ Profile Picture එක විදියට හැමවෙලාවකම මෑතකදී ගත්තු, හොඳ Quality එකේ වෘත්තිමය පෙනුමක් තියෙන Photo එකක් පාවිච්චි කරන්න ඕන.

📌️ඒ කියන්නේ මේ ටයි කෝට් දාගෙන ඉන්න එකක්ම වෙන්න ඕන නෑ. බුම්මගෙන ඉන්න Photo එකක් වෙන්න ඕනැත් නෑ. කොටින්ම සරල ඇඳුමකින් ඉන්න එකක් වුනත්, හොඳ හිනාවකින් යුක්තව, Photo එකකට පෙනී ඉන්න ඉරියව්වක් තියෙන වෘත්තිමය පෙනුමක් තියෙන විදියේ Photo එකක් පාවිච්චි කරන්න.

2️⃣ 𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 හෙඩිමක්!!!

📌️සාමාන්‍යයෙන් Facebook එකේ නැත්තම් Insta එකෙත් ඔය කෙටි වාක්‍යයකින් තමන් ගැන ලියන්න දෙනවනේ.Bio එක කියන්නේ ඒකට. ඕකට ගොඩක් අය නොයෙක් නොයෙක් වදන් එකතු කරනවා. සමහරු ඉතින් ඕකට Queen Elizabeth, අම්මගේ සුදු පුතා,My Car My Petrol වගේ එකී මෙකී නොකී කෑලි දානවා.

📌️හැබැයි LinkedIn හෙඩින් එකට නම් ඔය එකක්වත් දාලා හරි යන්නෑ. ඒකට ඕන කරන්නේ තමන්ව කෙටියෙන්, වෘත්තිමය විදියට හඳුන්වන්න පුලුවන් වාක්‍යයක්. මේකට පහසුම ක්‍රමය තමයි තමන්ගේ වෘත්තිය තනතුර මොකක්ද කියන එක මේ LinkedIn හෙඩිමට පාවිච්චි කරන එක.

📌️තනතුරු සහ තත්ත්වයන්, අධ්‍යාපනික සුදුසුකම් වගේ කීපයක් දේවල් වුනත් මේ හෙඩින් එක ඇතුළේ සඳහන් කරන්න පුලුවන්. මෙතනදි පොඩ්ඩක් Creative වෙන්න ඕන. උදාහරණයක් විදියට A software engineer by day, a blogger by night” වගේ එකක් පාවිච්චි කරොත් කොහොමද?

📌️මෙතනදි කොන්දේසිය තමයි තමන් කරන දේ ගැන Key Words මේ හෙඩින් එක ඇතුළේ තියෙන්නම ඕන කියන එක. කෙනෙක්ට දැක්ක ගමන් ඔබේ වෘත්තිය මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් එතකොට. ඒ වගේම LinkedIn සර්ච් කරලා යම් වෘත්තියක් කරන අයව හොයන Bossලාට වුනත් ඔන්න වැඩේ පහසුයි.

3️⃣ 𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗣𝗿𝗼𝗳𝗶𝗹𝗲 𝗦𝘂𝗺𝗺𝗮𝗿𝘆 එකක්!!!!

📌️ගොඩක් වෙලාවට මේ LinkedIn එකේ Profile Summary නැතිනම් Introduction කියන කොටස ගොඩක් දෙනෙක් පුරවන්නේ නෑ. හේතුව එක්කෝ කම්මැලිකම. එහෙමත් නැතිනම් තේරුමක් නැති කම. තව ගොඩක් දෙනෙක් මේ කෑල්ල පුරවන්නේ මොනවා හරි තමන්ගේ ගතිගුණ, තමන්ගේ බලාපොරොත්තු, තමන් කරන ජොබ් එක ගැන පොඩි විස්තරයක් වගේ දේකින්.

📌️හැබැයි LinkedIn එකේ

Professional Profile Summary එකක් ලියන කොට ඒකෙන් ආමන්ත්‍රණය කරන්න ඕන තමන්ගේ LinkedIn ප්‍රොෆයිල් එක බලලා තමන්ට වැඩක් භාරදෙන්න හරි, ජොබ් එකකට Hire කරන්න හරි හිතන විදියටයි.මේ Summary එක ලියන්න පුලුවන් තමන්ගේ වෘත්තිය සහ විෂය ක්ෂේත්‍රය, ඒ විෂය ක්ෂේත්‍රයේ තමන්ට තියෙන දැනුම සහ ඒ දැනුමෙන් තමන්ට කරන්න පුලුවන් මොනවද කියන දේ ඇතුළත් කරලා.

📌️කතාව සරලයි. බලන කෙනෙක්ට ඔබේ හැකියාව මොකක්ද කියන එක තේරුම් ගන්නත් පහසුයි.ගොඩක් වෙලාවට මම අරක කළා, මම මේක කළා කියනවට වඩා තමන් කොහොමද වෘත්තිය ගැටළුවකට විසඳුමක් වෙන්නේ කියලා තමන්ට තමන්වම Market කර ගන්න පුළුවන් නම් ඔන්න වැඩේ ගොඩ.

📌️උදාහරණයක් විදියට ගත්තොත් විකුණුම් සම්බන්ධ වෘත්තිකයෙක් නම් “ආයතනයක විකුණුම් (sales)ඉහළ දැමීම සඳහා ඉලක්කගත ප්‍රචාරණ ව්‍යාපෘතියක් (promotional campaign) නිර්මාණය කිරීම මගේ විශේෂඥතාවයයි” වගේ එකක් කෙනෙක්ගේ උනන්දුව ඇති කරවන සුළුයි. ඒ එක්කම තමන්ට කරන්න පුලුවන් මොනවද කියන එකත් එතනින්ම කියැවෙනවා.

4️⃣𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗪𝗼𝗿𝗸 𝗛𝗶𝘀𝘁𝗼𝗿𝘆 එකක් !!!

📌️ඔබ වැඩ කරලා තියෙන්නේ කොයි වගේ තැන්වලද, ඔබ ඒ තැන්වල මොනවාද කරපු වැඩ, ප්‍රොජෙක්ට්ස් මොනවද කියලා දැනගන්න එක, ඔබව Hire කරන්න හිතන Boss කෙනෙක්ට හරි මානව සම්පත් නිලධාරියෙක්ට හරි අත්‍යාවශ්‍ය වෙනවා. ආන්න ඒ නිසා තමන් මෙතෙක් ‍රැකියා කරලා තියෙන තැන් ගැන කෙටියෙන් ඒත් විස්තරාත්මකව සඳහන් කිරීම බොහොම වැදගත් වෙන්නේ.

📌️මෙතනදී තමන් වැඩ කරපු ආයතනය යටතේ ඔබ දරපු තනතුර, ඔබේ සේවාකාලය වගේ හැමදේම ඇතුළත් කරන්න අවකාශයන් LinkedIn එකෙන් දීලා තියෙනවා. මේ ඉඩ ප්‍රයෝජනයට ගන්න එක හරිම වැදගත්. එතකොට යම් ආයතනයක් LinkedIn ජාලයේ තියෙනවා නම් ඔබ නම ටයිප් කරපු ගමන් ඒ ආයතනයේ නම, logo එකත් එක්කම පෙන්නනවා. අන්න ඒ පෙන්නන result එක click කරලා ඒක ඇතුළත් කරන එක බොහොම වැදගත් හා විශ්වාසනීයයි.

📌️ඒ එක්කම ඒ ආයතනයේ, ඒ තනතුර යටතේ ඔබ කළේ මොනවද, ඔබේ වගකීම් වුනේ මොනවද කියන එකත් එක වාක්‍යයකින් හරි දෙකකින් හරි කියන එකත් වැදගත්. තමන් සහභාගි වුනු Projects ගැනත් එකිනෙක පොඩි විස්‍තරයක් ලියන එක ඔය IT industry එකේ ඈයොන්ට නම් බොහොම වැදගත්. Project වල GitHub link එකක් එහෙමත් දාන්න පුළුවන්නම් මෙතන ඔන්න වැඩේ ගොඩ.

5️⃣𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗥𝗲𝗰𝗼𝗺𝗺𝗲𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻𝘀 ටිකක් !!!

📌️LinkedIn ජාලයේ profile එකක් නිර්මාණය කරනකොට තියෙනවා තමන් එක්ක වැඩ කරපු අයගේ, තමන්ගේ ප්‍රධානීන්ගේ නිර්දේශයන් නැතිනම් Recommendations සඳහන් කරන්න ඉඩක්. දැන් එතකොට අපේ කලින් බොස් නිකම්ම හිතිලා ඇවිත් අපිට LinkedIn Recommendations එකක් දේවිද? නැහැනේ.. Recommendations එකක් දෙන්න කියලා අපි ඒ අයගෙන් ඉල්ලන්න ඕන. හැබැයි ප්‍රශ්නේ තමයි ගොඩක් දෙනෙක් එහෙම ඉල්ලීමක් කරන්න කැමති නෑ.

📌️හැබැයි මේ Recommendations එකක් ඉල්ලන එක ගැන හිතන්න ඕන Service Letter එකක් ඉල්ලනවා වගේ අදහසකින් තමයි. හැබැයි LinkedIn Recommendations Section එකේ ලියන්න ඕන මොනවද කියන එක ගැන ඒ අයට බලපෑම් එල්ල කරන්න යන්න නරකයි. තමන් ගැන හොඳ කියන්න තියෙනවා කියලා දන්න, තමන් එක්ක Fit තරහා මරහා කෝන්තර නැති නැත්තම් හිතේ කහටක් නැති අයගෙන් මේ Recommendation එක ඉල්ලන එක ඇගට ගුණයි කියලත් ඔන්න අපි මතක් කරනවා.

📌️LinkedIn Recommendations ගැන කතා කරනකොට තවත් කාරණයක් තියෙනවා. තමන් එක්ක වැඩ කරන කෙනෙක්ගෙන් ගන්න Recommendations එකකට වඩා තමන්ට උඩින් හිටපු බොස් කෙනෙක්, මැනේජර් කෙනෙක්, ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වගේ කෙනෙක්ගෙන් ගන්න Recommendations එකක වැඩි විභවයක් තියෙනවා. එහෙම අපිට Recommendations දෙන අයටත් හොඳ සක්‍රීය LinkedIn ප්‍රොෆයිල් තියෙනවා නම් ඔන්න තවත් හොදයි.

📌️මීට අමතරව LinkedIn Profile එකේ තියෙනවා තමන්ගේ දක්ෂතාවයන් හෝ හැකියාවන් ඇතුළු කරන්න කොටසක්. ඒකට අපි අපේ දක්ෂතාවයන්, හැකියාවන් ලැයිස්තුගත කළාට පස්සේ, අපිත් එක්ක වැඩ කරලා තියෙන අයට ඇවිත් ඒක ඇත්තය කියලා කියන්න පුලුවන්. මෙන්න මෙහෙම අපේ දක්ෂතාවයන් හෝ හැකියාවන්ට නිර්දේශයක් ලබාදෙන්න කියලත් එකට වැඩ කරපු අයගෙන් ඉල්ලීමක් කළාට වරදක් නෑ ඉතින්.

6️⃣𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 විදියේ 𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀 ටිකක්!!!

📌️Contact Details නැතිනම් තමන්ව සම්බන්ධ කරගන්න පුලුවන් තොරතුරු මොනවාද කියන එක Profile එකකට වැදගත්. ඕන නම් කෙනෙක්ට ඔබේ LinkedIn ප්‍රොෆයිල් එක බලලා ඒ හරහාම Private message එකක් එවන්න පුලුවන්. හැබැයි එහෙමයි කියලා තමන්ගේ දුරකථන අංකයක්, ඊමේල් ලිපිනයක් නොදා ඉන්න එක හරියන වැඩක් නෙවෙයි.

📌️දැන් සමහරු කැමති නැහැනේ තමන්ගේ දුරකථන අංකයක් පිටතට දෙන්න. විශේෂයෙන්ම ගෑණු ළමයි. අන්න ඒකට කරන්න පුලුවන් වැඩක් තියෙනවා. තියාගන්න වෘත්තිය කටයුතු වලට විතරක් පාවිච්චි කරන්න පුලුවන් වෙනම දුරකථන අංකයක්. අන්න ඒක LinkedIn වෙනුවෙන් ලබාදෙන්න පුලුවන්.

📌️ඊළඟට ගොඩක් දෙනෙක් මේ email address එකක් හදන්නේ බොහොම තරුණ කාලේ.

CATEGORIES
TAGS
Share This