මල් ඔන්චිල්ලා මගේ රසිකයන්ට වෙනස්ම ගීතයක් – Hana Shafa

මල් ඔන්චිල්ලා මගේ රසිකයන්ට වෙනස්ම ගීතයක් – Hana Shafa

මගේ රසිකයන්ට වෙනස්ම ගීතයක් දුන්නා – මල් ඔන්චිල්ලා ගැන Hana කතා කරයි

The Voice Teens වේදිකාව හරහා කරළියට පැමිණි Hana shafa ගායනා කළ ‘මල් ඔන්චිල්ලා‘ ගීතය මේ දිනවල හරි ජනප්‍රියයි. මිලියන දෙකහමාරක නැරඹුම්වාර ප්‍රමාණයක් තිබෙන මේ ගීතයේ තොරතුරු ගැන hana  මේ විදියට පුවත්පතක් සමඟින් පවසා තිබුනා.

Hana shafa ‘මල් ඔන්චිල්ලා‘ ගීතය හරි ජනප්‍රිය වුණා?

ඇත්තටම ගොඩක් සතුටුයි. මමත් ගොඩක් ආසාවෙන් කරපු වැඩක්.

ගීතය මේ තරම් හිට් වෙයි කියලා හිතුවද?

ඇත්තටම හිතුවා. විශ්වාසයක් තිබුණා, මේ ගීතයටත් මිනිස්සු ආදරේ කරයි කියලා.

‘මල් ඔන්චිල්ලා‘ කාගේ අදහසක්ද?

මට මේ සින්දුව එවපු එකක්. ඒක අහල සින්දුව මම කරන්නත් කලින් කට්ටිය කිව්වා ගීතය කරමු කියලා. ඇත්තටම මම ආසා කරපු ගීතයක්. මම සින්දු කරන ශෛලියෙන් පිටත වුණත් මට හිතුණා මේක කරන්න ඕනෑ කියලා.

කවුද ඔබට මේ ගීතය එව්වේ?

මට මේ ගීතය එව්වේ නවීන් පෙරේරා. එයත් එක්ක තමයි මගේ හැම වැඩක්ම” මම මේ දක්වා කරලා තියෙන්නේ.

සචින් ලියනගේ මියුසික් වීඩියෝවට දැම්මේ සින්දුව හිට් කරන්නද?

සචින් අයියා කියන්නේ ජනප්‍රිය දක්‍ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම පුවනී අක්කවත් මතක් කරන්නම ඕනෑ. සංදේශ් අයියවත් ආදරෙන් මතක් කරන්න ඕනෑ. හැබැයි මේ සියලුදෙනා යොදා ගත්තේ සින්දුව හිට් කරන්න හිතාගෙනම නෙමෙයි. ඔවුන් මේ වැඩේට දක්‍ෂයි. ඒකයි යොදා ගත්තේ.

https://youtu.be/YAPrucBCFWE

මේක ඔබේ ශෛලිය නෙමෙයි නේද?

ඔව් අනිවාර්යයෙන්ම. ඔය කතාව ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. මේ ගීතය තෝරගන්න හේතුව තමයි මම පෞද්ගලිකවම මේ ගීතයේ රසිකයෙක්. ඒක නිසාමයි මම මේ ගීතය තෝරා ගත්තේ.

ඇයි මේ වෙනසක්?

මෙහෙමයි. ඒ ගීතයට ලබාදෙන්න ඕනෑ රසය මට උපරිමයෙන් ලබාදෙන්න ඕනෑ කියලා හිතුණා. ඒක මගේ රසිකයන්ට වෙනස්ම ගීතයක්. ඒක දැනෙන විදිහට මට පුළුවන් උපරිමයෙන් ගායනා කළා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර

හිතුවාටත් ඩවා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතුවෙත් නැහැ මේ තරම් ආදරෙන් මේ ගීතය රසිකයන් භාර ගනිවී කියලා.

සංගීත වැඩ කටයුතු කොහොමද?

සංගීත වැඩ කටයුතු ගොඩක් තියෙනවා. ඒත් එක්කම මගේ තවත් අලුත් ගීතයක් ළඟදීම රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ හින්දා ටිකක් කාර්යබහුලයි.

කොන්සර්ට්වලදී ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම මට එදා ඉඳලම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒවත් එක්ක ගොඩක් සතුටින් අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවා.

hana වැඩිපුර කැමති බටහිර ගීතවලට නේද?

වැඩිපුර කියලා නැහැ. මම හැම ශෛලියකම ගීත අහන චරිතයක්. මට හොඳයි කියලා හිතුණ විදිහේ ගීත ගොඩක් තියෙනවා. එකක් කියලා නැහැ.

වොයිස් ටීන්වලින් පස්සේ පැමිණි ගමන ගැන කතා කළොත්?

ඇත්තටම ගොඩක් සතුටුයි. මම හිතුවේ නැහැ මෙච්චර දුරක් එන්න පුළුවන් වේවි කියලා. ඒ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.

සංගීතය විෂයයක් විදිහට හදාරලා තියෙනවද?

මම පාසලේදී සංගීතය විෂයයක් විදිහට හැදෑරුවා. ඒ වගේම අපේ පවුලේ ගොඩක් අය සංගීතයට ලැදියි. ඒත් එක්කම තමයි මගේ ගමන ආරම්භ වුණේ.

ගෙදරින් ලැබෙන සහයෝගය?

මම හිතන්නේ ගෙදරින් තමයි ලොකුම සහයෝගය හම්බ වෙන්නේ. විශේෂයෙන්ම මගේ අම්මා තමයි මාත් එක්ක හැම දේකටම ඉන්නේ.

ළඟදි විදේශගත වෙනවා කියලත් ආරංචියි.

ඔව්. ළඟදී විදෙස්ගත වෙනවා. ඒත් එක්කම ලංකාවේ ගොඩක් ප්‍රසංගවලට ආරාධනා ලැබිලා තියෙනවා. මල් ඔන්චිල්ලා ගීතය රිලීස් කරන්න කලින් ගොඩක් ආරාධනා ලැබුණා.

hana වෘත්තීය ගායිකාවක්ද?

ඔව්. මම වෘත්තියක් විදිහට සංගීතය තමයි කරන්නේ. හැබැයි නීති අධ්‍යාපනයත් හැදෑරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අධ්‍යාපනය ලැබුවේ මොනවා කරන්න හිතාගෙනද?

මට ඇත්තටම ඕනෑ වුණේ නීතිඥවරියක් වෙන්න. ඒත් එක්කම තමයි මම වොයිස් ටීන් එකත් එක්ක සම්බන්ධ වුණේ.

වොයිස් ටීන් එකට කවුද සම්බන්ධ කළේ?

අම්මා තමයි මේ වැඩසටහනට මාව සම්බන්ධ කළේ. අක්කත් මාත් එක්ක හිටියා.

එදා හිතුවද hanaව රටම අඳුර ගනිවී කියලා?

වොයිස් ටීන් එකට මම ඇත්තටම ගියේ දිනන්න බලාගෙන නෙමෙයි. හැබැයි තරගය පුරාවට මට විශ්වාසයක් තිබුණා මේකෙන් මම ඉවත් වුණත් ඉස්සරහට ගියත් සංගීතයෙන් මට ඉදිරියට යන්න පුළුවන් කියලා.

වොයිස් ටීන් එක අවසන් වෙන්න කලින් ඔබ ජනප්‍රිය වුණා?

ඇත්තටම ගොඩක් සතුටුයි. ඒකට ස්තුති කරන්න ඕනෑ මගේ සින්දුවලට ආස කරන ප්‍රේක්‍ෂකයන්ට. ඒ ගැන කියන්න වචන නැහැ.

මහේෂ් එදිරිසිංහ

CATEGORIES
TAGS
Share This