චන්න ගයත්‍රී යුවලගේ ලොකු දුව මලීෂා ඇයගේ පෙම්වතා සමඟින් විවාහ ගිවිස ගනී

චන්න ගයත්‍රී යුවලගේ ලොකු දුව මලීෂා ඇයගේ පෙම්වතා සමඟින් විවාහ ගිවිස ගනී

Channa Gayatri Couple’s Elder Daughter Malisha Gets Engaged to Her Boyfriend

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ. ඒ වගේම අපේ කළා ක්ෂේත්‍රය තුලම ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී ඩයස් කියලා කියන්නේ. ඉතින් මේ චන්න ගයත්‍රී යුවලගේ වැඩිමහල් සුරූපී දියණිය තමයි මලීෂා පෙරේරා. ඉතින් ඇය ගැනත් පහුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ විදිහට ඇය ගැන වැඩිපුර කතා බහට ලක්වෙන්න හේතුවක් වුනේ මලීෂාගේ කඩවසම් පෙම්වතා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හදුනා ගැනීමත් සමඟයි. කොහොම නමුත් අපි මේ විදිහට ඔබට කියන්න යන්නේ මේ සුරූපී තරුණිය මලීෂා ගැන අහන්න ලැබුණු සතුටුදායක පුවතක් ගැනයි. ඉතින් ඒ තමයි මලීෂා පෙරේරා ඇයගේ ආදරණීය කඩවසම් පෙම්වතා එක්ක සුබ නැකතින් විවාහ ගිවිසගෙන තියෙනවා.

චන්න ගයත්‍රී යුවල

ඉතින් මේ ආදරණීය යුවලගේ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප කිහිපයක් මලීෂා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් පවසලා තිබුනේ අපි විවාහ ගිවිසගත්තා කියලයි. ඒ වගේම ළඟදීම මේ ආදරණීය යුවලගේ විවාහයත් සිදුකරන බව තමයි අපටනම් දැනගන්න ලැබුනේ.

කොහොම නමුත් මේ ආදරණීය සුන්දර අවස්ථාවට විවාහයෙන් වෙන් වෙලා හිටියත් චන්න පෙරේරාත් එකතු වෙලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඒත් එක්කම මේ අපූරු අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූපකරන ආයතනයක් වන THE VANITY කියන ඡ‍ායාරෑප කරන ආයතනය විසිනුයි.

ඉතින් මේ විදිහට පහුගිය දවසක විවහ දිවියට එලබුනු මේ ආදරණීය සුන්දර යුවලට අපිත් හදවතින්ම සුබ පතන ගමන් මේ දෙපලගේ ඉදිරි ජීවිතය වගේම සියලුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

CATEGORIES
Share This