ආචාර්ය හරිනි අමරසූරිය – ශ්‍රී ලංකාවේ නව අගමැතිනිය සහ දේශපාලන වේදිකාවේ වෙනස

ආචාර්ය හරිනි අමරසූරිය – ශ්‍රී ලංකාවේ නව අගමැතිනිය සහ දේශපාලන වේදිකාවේ වෙනස

ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නව අගමැතිනිය බවට පත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ප්‍රශංසනාත්මකව කතා කරයි. ඇය සම්ප්‍රදාය තුළ මුළුගැන්වුණු ලාංකීය කාන්තාවගෙන් බැහැර, දැනුමැති, බුද්ධිමත් කාන්තාවක් වීම, ඇගේ සමාජ ක්‍රියාකාරිත්වය හා දේශපාලන භාවිතය හේතුවෙන් තමයි ඇය මෙම පැසසුම ලබා ගන්නේ.

නමුත් අපි සමාජයක් ලෙස හරිනි අමරසූරිය අගමැති ධූරයට පත් කිරීම, පෙර සඳහන් කරණාවන්ගෙන් බැහැරව වෙනස් දේශපාලන කෝණයකින් බැලිය යුතුයි. ඒ දේශපාලන කියවීම විධායක ජනාධිපති ධූරය සමඟ සම්බන්ධ කරගෙන කියවාගත යුතුයි. 1978 විධායක ජනාධිපති ධූරය ඇතිකළ දා සිට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා වූ විධායක ජනාධිපතිවරුන් තම අගමැතිවරයා ලෙස පත් කරගත්තේ:

  • තමන්ට තර්ජනයක් නොවන
  • තමන්ට වඩාත් හිතවත්
  • තමන්ට පාලනය කරගත හැකි
  • වැඩි මහජන ආකර්ෂණයක් නොමැති
  • අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්වලින් අඩු
  • වයසින් වැඩි (වයෝවෘද්ධ)

ඉහත කාණ්ඩයට අයත් අය.

Dr. Harini Amarasuriya: Sri Lanka's Most Qualified Prime Minister
Dr. Harini Amarasuriya: Sri Lanka’s Most Qualified Prime Minister

නමුත් ඉතාමත් සීමිත අවස්ථා කීපයකදී, ඉහත සඳහන් කරණාවන්ට ව්‍යථිරේඛී වූ අවස්ථා තිබිලා ඇත. එවැනි ව්‍යථිරේඛී අවස්ථා ඇතිවීම ලාංකීය දේශපාලන භූමියේ ඇතිවුණු සුවිශේෂී තත්ත්වයන් නිසායි:

  • පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපතිවරයාගේ පක්ෂය නොවන වෙනත් පක්ෂයක් ජයග්‍රහණය කිරීම
  • සභාග හෝ හවුල් ආණ්ඩු පිළිබඳ එකඟතා
  • මහජන විරෝධතා මත ඇතිවන දේශපාලන අර්බුදයන්

ඇතුළු සුවිශේෂී තත්ත්වයන්ට උදාහරණ ලෙස සලකන්න පුළුවන්.

ජේ. ආර්. ජයවර්ධන තම අගමැති ලෙස පත්කළේ තමන්ට පාලනය කළ හැකි, තමන් පරාජය නොවන රණසිංහ ප්‍රේමදාස. ඒ විශ්වාසය නිසාම ප්‍රේමදාස, එක දිගට වැඩිම කාලයක් අගමැති ධූරයේ සිටි අගමැතිවරයා වූයේය. ඔහු අගමැති ධූරය දැරූයේ අවුරුදු 11 ක්. හැබැයි අනෙක් අගමැතිවරුන්ට වඩා ප්‍රේමදාස සුවිශේෂීයි. මන්ද ඔහු තමන්ගේම ජනාධිපතිවරයෙකු සිටියදී අගමැතිකම හුදු නාමමාත්‍රික තනතුරක් නොකර තබාගත් අගමැතිවරයා විය.

ජේ.ආර්. ජයවර්ධන විසින් තම ආණ්ඩුවේ හිටපු ආකර්ෂණීය චරිත වූ ගාමිණි දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි වැනි අය අගමැතිකමට පත්කළේ නැත. විශේෂයෙන් ගාමිණි දිසානායක වැනි, වඩාත් ආකර්ෂණීය, උගත්, දක්ෂ සංවිධායක ශක්තියක් හිමි අයකුට අගමැතිකම දීලා අවධානමක් ගන්නට ජේ.ආර්. සූදානම් වූයේ නැත.

ජේ.ආර්. ජයවර්ධනගේ පසුකාලයේදී, රණසිංහ ප්‍රේමදාස අගමැති ධූරය ලබාදුන්නේ, ඒ වනවිට අවුරුදු 73 වූ ඩී. බී. විජේතුංග මැතිතුමාටය. ප්‍රේමදාස ඝාතනයෙන් පසු ජනාධිපති වුන ඩී.බී. විජේතුංග, අගමැතිකම ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහටය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිණිය අගමැතිකම ලබාදුන්නේ තමන්ගේ මවට. ඇය 2000 දී ඉල්ලා අස්වීමෙන් මාස දෙකකට පසු මිය ගිය අතර, ඇය අගමැති ධූරය දැරුවේ අන්තිම කාලෙ රෝද පුටුවේ සිටියදීය.

ඊට පසු 2001 මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කළ අතර, රනිල් වික්‍රමසිංහ අගමැති විය. එය පෙර සඳහන් සුවිශේෂ අවස්ථාවක්.

අපි හරිනි අමරසූරියගේ පත්වීම සලකා බැලිය යුතුය ඉහත සඳහන් කළ පත්වීම්වලට සමානව. අනුර කුමාරට සුභ නොපතපු අය පවා හරිනිට සුභ පතා පෝස්ට් දැමූවා.

ඉතිහාසයේ පළමු වතාවට, ජනාධිපතිවරයාට වඩා විවේචනාත්මක දේශපාලන තර්ජන අඩු, අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්වලින් වැඩි, අතිශයින්ම ජනප්‍රිය චරිතයක් අගමැතිකමට පත් කරලා තිබෙනවා.

චතුරංග අමරතුංග විසිනි

CATEGORIES
TAGS
Share This