Household.lk
Get Your Favorite Books Home Delivered: 7 Online Services in Sri Lanka

Get Your Favorite Books Home Delivered: 7 Online Services in Sri Lanka

ශ්‍රී ලංකාවේ ගෙදරටම පොත් ගෙන්වා ගන්න පුළුවන් ඔන්ලයින් සේවා 7ක්

bookshop.lk bestweb.lk nominee

අපේ රටේ ඉන්න අයගේ පොත් කියවන උනන්දුව ලෝකෙම අංක එක. පහුගිය දවස්වල Bad Big Wolf වෙළඳපොළ ආයෙත් පදිංචි වීමත් මේ උනන්දුව මතුවෙන්න වඩාත්ම හේතුවක් වුණා. මේ පොත් කියවීමේ උනන්දුව අනිවාර්යයෙන්ම දියුණු කලයුතු දෙයක්. ඒක වැඩි කරන තරමට හොඳයි. මේක හරියන්න ලෝකෙ පුරා විවිධ පොත් සම්බන්ධ වැඩසටහන් සිද්ධ වෙනවා. දැන් පොත් කඩේට ගියාට වැඩක් නෑ, වත්තේ හතර මායිමේ ඉඳන්ම ගෙදරටම අලුත් පොත් ගෙන්න ගන්න පුළුවන්. මේව හරියන්න සුදු මහත්තුරු විතරක් නෙවේ, අපේ අයියලාත් මේක හරියන්න මහා කාර්යභාරයක් ඉටු කරනවා. මේ විදියට ලංකාවේ ඉන්න පොත් පිස්සොන්ට පොත් ගෙන්නා ගන්න පුළුවන් ලේසි පහසුම සේවාසපයන්නෝ තමයි මේ.

The interest in reading among people in our country is unparalleled in the world. Recently, the Bad Big Wolf event was a testament to the passion for reading, with book enthusiasts flocking to it. This reading “fever” is not an ailment that needs a cure; rather, the more it spreads, the better. To nurture this passion, numerous literary events take place worldwide. Nowadays, you don’t have to run to a bookstore; you can conveniently get new books delivered to your doorstep. This isn’t just something done by foreigners; our locals are also experts in this domain. Here are some of the best and easiest services for book lovers in Sri Lanka to get their favorite books delivered.

1. Bookshop.lk

නමින්ම Bookshop ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පොත් හල ලෙස විරුදාවලිය ලත් BOOKSHOP.LK හි, පාසල් පොත්, නවකතා, සාහිත්‍ය කෘති, අතීත ප්‍රශ්න පත්‍ර සහ ලිපි ද්‍රව්‍ය ඇතුළු විවිධ පොත් රැසක් අන්තර්ගත කර ඇත. ඔබට අවශ්‍ය සියලුම පොත්, ජාතික රුපවාහිනී ශිෂ්‍යත්ව නැණ මිහිර ලංකාවේ ඔන්ලයින් බෙදාහැරීම, පාසල් පොත්, අනුමාන ප්‍රශ්න පත්‍ර, පිරිකර සහ පූජා භාණ්ඩ වගේම බොහෝමයක් දෙස් විදෙස් ග්‍රන්ථ ඔන්ලයින් ඇනවුම් කළ හැකි අතර, කඩිනමින් හා කාර්යක්ෂම ලෙස ගෙදරටම බාර ගත හැක. එසේම BOOKSHOP.LK ආරියදාස ඔන්ලයින් හරහා වේයන්ගොඩ මෙහෙයවන ඔවුන්ගේ Book Cafe වෙත ගොඩ වැදීමෙන් මෙමෙ පොත් සියල්ලම ඔබට එතැනින්ද පහසුවෙන් ලබාගත හැක. එසේම පිටරටවල ඉන්න ඔබට අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කර ඔබට ලංකාවේ සහ ලෝකයේ ඕනෑම තැනකට එම පොත් BOOKSHOP.LK හරහා ගෙන්වා ගැනීමට හැකියාව ඇත.

Renowned as Sri Lanka’s premier bookstore, BOOKSHOP.LK offers a wide range of books, including school textbooks, novels, literature, past papers, and stationery. You can order all the books you need, including the National Television Scholarship Nana Mihira, schoolbooks, model question papers, religious items, and various international titles online. These can be delivered quickly and efficiently to your doorstep. Additionally, you can visit their Book Cafe, operated by Ariyadasa Online in Weyangoda, to easily access all these books in person. For those living abroad, BOOKSHOP.LK provides the option to order online and have books delivered to any location in Sri Lanka or around the world.

𝗕𝗘𝗦𝗧𝗪𝗘𝗕.𝗟𝗞 𝟮𝟬𝟮𝟰 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔𝗡 𝗪𝗘𝗕 𝗔𝗪𝗔𝗥𝗗𝗦

ශ්‍රී ලාංකේය වෙබ් අඩවි වල ගුණාත්මකභව වැඩි දියුණු කිරීම සහ එම වෙබ් අඩවි දිරිගැන්වීම අරමුණු කරගනිමින් ලංකා Domains විසින් 2009 සිට පැවැත්වෙන BestWeb.LK තරඟාවලියට Bookshop.lk ද මෙවර සහභාගී වීමට ලැබීම භාගයක් කොට සලකමු. 𝗕𝗢𝗢𝗞𝗦𝗛𝗢𝗣.𝗟𝗞 is pleased to participate in the 𝗕𝗲𝘀𝘁𝗪𝗲𝗯.𝗟𝗞 𝟮𝟬𝟮𝟰 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮𝗻 𝗪𝗲𝗯 𝗔𝘄𝗮𝗿𝗱𝘀 Competition, which has been conducted by the LK Domain Registry.

ලාංකීය සයිබර් අවකාශයේ ප්‍රමුඛ පොත්හල 𝗕𝗢𝗢𝗞𝗦𝗛𝗢𝗣.𝗟𝗞 හරහා දැන් ඔබට ලංකාවේ ජනප්‍රියම සහ වැඩියෙන්ම අලෙවිවෙන ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර පොත්පත් බොහොමයක් දැන් පසුවෙන්ම ගෙදරටම ගෙන්වා ගත හැක. අපි ළඟ ජාතික රුපවාහිනී නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ 4 සහ 5 ශ්‍රේණි, නැණ 2023 ප්‍රමුඛ, 𝟏𝟗𝟎+ 𝐏𝐥𝐮𝐬 𝐏𝐫𝐞-𝐀𝐝𝐯𝐚𝐧𝐜𝐞𝐝 𝐚𝐧𝐝 𝐀𝐝𝐯𝐚𝐧𝐜𝐞𝐝 𝐏𝐚𝐩𝐞𝐫 𝐒𝐞𝐭, පළාත් ප්‍රශ්න පත්‍ර, සිප් සයුරි, වැනි සියලු ජනප්‍රිය අනුමාන ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටලත්, 5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – අකුණු පහර 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥, 𝐒𝐢𝐥𝐯𝐞𝐫, 𝐆𝐨𝐥𝐝, 𝐏𝐥𝐚𝐭𝐢𝐧𝐮𝐦 සහ 𝐃𝐢𝐚𝐦𝐨𝐧𝐝 සියලුම ප්රශ්න පත්ර කට්ටල, ජනප්‍රිය 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐰𝐢𝐭𝐡 𝐀 𝐒𝐦𝐢𝐥𝐞 𝟏, 𝟐, 𝟑 𝐒𝐞𝐫𝐢𝐞𝐬 යනාදී මෙකී නොකී ගොඩක් පොත් තියෙනවා, සමහර නැති පොත් සොයා එවන්නත් පුළුවන්.

ඒ ගොල්ලෝ ඔයලට අවශ්‍ය පොත්වල නම, ප්‍රමාණය, ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් පැහැදිලිව 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐌𝐞𝐬𝐬𝐚𝐠𝐞 කලොත් 💖 අනිවාර්යයෙන් 💋 ඉක්මනටම 🚒 එවනවා.

𝗕𝗢𝗢𝗞𝗦𝗛𝗢𝗣.𝗟𝗞 – 𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢’𝘴 𝘗𝘳𝘦𝘮𝘪𝘦𝘳 𝘉𝘰𝘰𝘬𝘴𝘩𝘰𝘱
𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: https://wa.me/94719884889
𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: https://wa.me/94704808878
𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: https://wa.me/94788885148

2. සරසවි

Online Book Delivery Services

Source – sarasavi.lk

පොත් එක්ක වෙන ගනුදෙනුවලදී සරසවි කියන්නේ නමක් නෙවෙයි රටක් මහත්තයෝ කියන තරමට සැලන්ඩර්. පොත් කඩේට විතරක් වෙලා ඉන්නේ නැතුව අන්තර්ජාල සේවාවක් විදියට ඇවිදින් දොරකඩටම පොත් ගෙනල්ලා දෙන තරමට සරසවි ලොකු ලොක්කෙක්. ඒ ඒ වසරට අදාළ කැටලොග් එකත් සයිට් එකේ දානවා. සරසවි එකට ගියපු කෙනෙක් දන්නවා ඒක කතන්දර පොත් විතරක් තියෙන තැනක් නෙවේ කියලා. අධ්‍යාපනික පොත්, ලිපිද්‍රව්‍ය වගේ කඩේ සාප්පුවේ ගන්න තියෙන ඒවත් වෙබ්සයිට් එකෙන් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. අලුත් ඉංග්‍රීසි පොත් සිංහල පොත් ගන්න තමයි සරසවි ප්‍රසිද්ධ.

3. Grantha.lk

Online Book Delivery Services

Source – Grantha.lk

ලංකාවේ පොත් ගෙන්නන ක්‍රමයක් තියෙනවද කියලා අහපු ගමන් මතක් වෙන නම තමයි Grantha.lk කියන්නේ. පොතක් ඕඩර් කරාට පස්සේ දවස් තුනක් ඇතුළත කොහෝමහරි පොත ගෙදරට එනවා ලු. ඒ අතින් කාර්යක්ෂමතාව හොඳයි. ඊළඟට මෙයාලාගේ වෙබ් පොත් රාක්කෙ වැහෙන්නම තියෙන පොත්වලට ලෝස් නැතුව වට්ටම් ලැබෙනවා. උණු උණු පොත්වලට 20%ක 30%ක වට්ටමක් ලැබෙනවා කියන්නේ ඉතින් පොත් පිස්සෙක්ට තව මොනවද ඕනි කරන්නේ. මොරටුවේ පැත්තේ ගියා නම් මෙයාලාගේ මහගෙදරට ගොඩ වැදිලා පොත් ගන්නත් පුළුවන්. සිංහල මාධ්‍යයෙන් විතරක් නෙවෙයි ඉංග්‍රීසියෙන් ලියවුණ පොතුත් තියෙනවා.

4. KBOOKS

Online Book Delivery Services

Source – KBOOKS.lk

Grantha එකේ කට්ටිය වගේම පොත් සම්බන්ධයෙන් ලාංකික ප්‍රජාවගේ ආකර්ෂණය දිනා ගත්ත තවත් සේවා සපයන්නෙක් ගැනයි මේ කතාව. ලංකාවේ විතරක් නෙවෙයි පිටරට ජීවත්වන ලාංකිකයන් පවා ආසාවෙන් පොත් ගෙන්නා ගන්නේ KBOOKS එකෙන්. ඕඩර් එක ලබාගන්න අපේ කැමැත්ත අනුව සාමාන්‍ය තැපෑල, ශීඝ්‍රගාමි තැපෑල සහ කුරියර් ක්‍රමය භාවිත කරන්න පුළුවන්. කෑම පිඟානේ කිරට, මිරිසට හදපු කරියක් දෙකක් එක්ක පපඩම් නැත්නම් පලා මැල්ලුමක් සෙට් වෙනෝ වගේ KBOOKS කට්ටියගේ නවකතා කිව්වොත් සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන තුනෙන් ම තියෙනවා. නවකතාවලට අමතරව තවත් නොසෑහෙන්න වර්ග තියෙනවා. වෙබ්සයිට් එකට ගොඩවැදිලා බලන්නකෝ.

5. Books.lk

Online Book Delivery Services

Source – Books.lk

මෙයාලාගේ වැඩේ පුස්තකාලෙක පොත් අඩුක් කරලා තියෙනවා වගේමයි. අලුත් පොත් වෙන ම, ඊළඟට සෙකන්ඩ් හෑන්ඩ් පොත් නම් එහෙම, වට්ටම් තියෙන පොත් තවත් තැනක, පොත් විතරක් කියවන එක මහා කම්මැලි වැඩක් කියලා හිතෙන අයට ඩීවීඩී නැත්නම් සීඩී. ඉංග්‍රීසි සහ දෙමළ පොත් වෙන ම තැනක. හරිම පිළිවෙලයි. දැක්කම ආසයි. රුපියල් 1000ක ගනුදෙනුවකදී ඩිලිවරිය නොමිලේම කරගන්න පුළුවන්. අපි හොයන පොතක් මෙයාලාගේ ලැයිස්තුවේ තිබ්බේ නැත්නම් ඒක ලබාදෙන්න උපරිම උත්සාහයක් දරනවා.

6. Books Bay

Online Book Delivery Services

Source – booksbay.lk

මේක අලුත් වැඩක්. මේ නිසා බොහෝ දෙනෙක් දන්නෙත් නැතුව ඇති. හැබැයි සයිට් එක පැත්තේ කරක් ගහලා ආවම තේරෙනවා දිගු ගමනක් යන්න හැකියාව තියෙන පොත් ගුලක් කියලා. පොත් ඔක්කොට ම ලොකු ලොකු වට්ටම් තියෙනවා. තෝරා ගැනීමත් හරිම පහසුයි. පිටරට වෙසෙන ලාංකිකයන්ටත් දින 14කින් වගේ පොතක් ගෙන්න ගන්න පුළුවන්. ලංකාවේ ඉන්න පොත් ගුල්ලෙක්ට සාමාන්‍ය තැපෑලට අමතරව ඉවසා වදාරන්න බැරි තරමේ හදිසියක් තියෙනවා නම් කුරියර් කරගන්න පුළුවන්. ලංකාවේ නිර්මාණවලට ලොකු අගයක් දීලා තියෙන බව දැක්ක ගමන් කියන්න පුළුවන්.

7. Vijitha Yapa Online Bookstore

Online Book Delivery Services

Source – vijithayapa.com

ඉංග්‍රීසි කියවිල්ල හදපු තවත් තැනක් තමයි විජිත යාපා කියන්නේ. පොත් විතරක් නෙවේ ඉංග්‍රීසියෙන් ලියවුණ පත්තර මැගසින් වගේ ඒවත් නිවසට ගෙන්වා ගන්න පුළුවන්. හැබැයි ඒවා නම් ඩිලිවර් කරන්නේ ලංකාවේ විතරයි. පොත් නම් ලෝකේ පුරාවට බෙදනවා. ඉංග්‍රීසි පොත්වලට විතරක් ප්‍රසිද්ධයි කිව්වට සිංහල පොතුත් ඒ වගේම තියෙනවා.

CATEGORIES
TAGS
Share This