
කෙල්ලොන්ට මාව පෙන්න බැරි වුනාට කොල්ලෝ මට හරි ආදරෙයි-යුරේනි නොෂිකා
Girls Can’t Tolerate Me, but Boys Love Me – Yureni Noshika
සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, හඬකැවීම් ශිල්පිනියක් මෙන්ම ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ. ඒ වගේම කියන්න තියෙන දේ කෙළින්ම කියලා දමන ඇය ලංකාවෙ කොල්ලො කෙල්ලො අතර හරි ජනප්‍රිය චරිතයක් කිවුවොත් හරියටම හරි. ඉතින් මේ දවස්වල මුණගැහෙන්නේ ගජමෑන් අන්දවන්න යන ස්වීටිගේ චරිතයෙන් වගේම ‘යාළුවෝ ද යාළුයි ද’ සිනමා පටයේ ලුකාගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ගජමෑන් නම් මේ වෙනකොට අතිවිශාල ලෙස ප්‍රේක්‍ෂක ආදරයට පාත්‍රවෙලා තිබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ‘යාළුවෝ ද යාළුයි ද’ කියන්නේ ලංකාවේ ප්‍රථම ෆැෂන් චිත්‍රපටය වගේම ගජමෑන් ලංකාවේ පළමුවැනි ඇනිමේෂන් චිත්‍රපටය කියලත් ඇය කියනවා. කොහොම නමුත් පැෂන් මූවි එකේ ඇයගේ චරිතය හැටියට පොඩි, චූටි කොල්ලෙක්ව අවුස්ස අවුස්ස ඉන්න තමයිලු තියෙන්නේ. ඉතින් ඇය මේ චරිතයට හරිම කැමතියිලු. කොහොම නමුත් සැබෑ ජීවිතයේ ඔය පම්පෝරි ගැහැව්වාට ඇයට කොල්ලො පිස්සු වට්ටන්න පුළුවන් ද කියන්න ඇය දන්නේ නැහැ කියලයි යුරේනි නිසාම කියන්නේ. හැබැයි ඇය හරිම ආසාවෙන් ඒ චරිතයට පණපෙව්වාලු.

ඉතින් සැබෑ ජීවිතයෙත් චිත්‍රපටයේ වගේ ඇය කොල්ලන්ව රවට්ටලා නැහැලු. කොල්ලො තමයිලු ඇයව රවට්ටලා තියෙන්නේ. ඒ වගේම ඇයගේ ෆස්ට් ලව් එක ඇක්ටින් කියලත් ඇය කියනවා. ඊළඟට නිවේදන කටයුතුලු. ඉතින් තරුණ කාලෙ ඔය ටික කරලා බිස්නස්වලට බහිනවා කියලා හිතුවට තවම බැහැ කියලයි ඇය කියන්නේ. ඉස්සරහට හයිය හස්බන්ඩ් කෙනෙක් හම්බවුණොත් බිස්නස්වලට බහිනවාලු.
ඒ වගේම ඇය යාළුවෙලා හිටපු හැම පිරිමි ළමයකුම ඇයට ජීවිතේට පාඩමක් උගන්වලා දීලා ගියා කියලත් යුරේනි කියනවා. ඉතින් ඇය පාඩම් ඉගෙනගෙන ඇයගේ ජීවිතය හරියට ගෙනගිය කෙනෙක් කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇයව වැඩිපුර පෙන්වන්න බැරි කෙල්ලන්ට වුනාට ලංකාවෙ කොල්ලො ඇයට ගොඩක් ආදරෙයි කියලයි යුරේනි අවසාන වශයෙන් පවසලා තිබුනේ.