
මම හින්දු වුනාට බුදු දහමට හුඟක් ගරු කරනවා – අක්ෂතා සොනාවන්
I Am a Hindu but I Respect Buddhism a Lot – Akshata Sonawane
ශ්‍රී ලංකා ඉන්දියානු හවුල් සිනමා නිෂ්පාදනයක් වන ‘සෙකන්ඩ් ෂෝ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි අක්ෂතා සොනාවන් කියලා කියන්නේ. ඉතින් සෙකන්ඩ් ෂෝ චිත්‍රපටයේ මංගල දැක්ම සඳහා ඇය පසුගියදා ලංකාවට ඇවිත් තිබුණා. ඉතින් මෙම චිත්‍රපටය ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය මීට අවුරුදු හතරකට කලින් එක වතාවක් ලංකාවට ඇවිල්ලා තියෙනවා වගේම එහිදී ලංකාවේ අමතක නොවන සුන්දර මතක ගොඩක් ඇයට එකතු වුණා කියලයි අක්ෂතා කියන්නේ. ඒ නිසාම මෙවර චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා ඇය ලංකාවට ආවෙත් හුඟක් ආසාවෙන් කියලත් ඇය කියනවා.

ඉතින් ශ්‍රී ලංකා ඉන්දියා සම නිෂ්පාදනයක් සඳහා දායකත්වය දෙන්න ලැබීම ගැන ඇයට ලොකු සතුටක් දැනෙනවාලු. ඒ වගේම ඇය මීට පෙර තෙලිඟු චිත්‍රපට 3කට රංගනයෙන් දායක වෙලා තියන නිසා ඇයගේ හතරවැනි තෙලිඟු චිත්‍රපටයටත් ඇය ලංකාවට එන්න කලින් ගිවිසුම් අත්සන් කළා කියලයි ඇය කියන්නේ. ඉතින් සෙකන්ඩ් ෂෝ චිත්‍රපටය ශ්‍රී ලංකා ඉන්දීය හවුල් චිත්‍රපටයක් කියලා දැනගත්තම මේ චිත්‍රපටයේ රඟපාන්න ලොකු ආසාවක් ඇතිවුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් නිසා ‘සෙකන්ඩ් ෂෝ’ චිත්‍රපටයට දායක වෙන්න ඇය දෙවරක් හිතුවේ නෑ කියලයි ඇය කියන්නේ. ඉතින් අද ඒ චිත්‍රපටයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක කියාගන්න බැරි තරම් ලොකු සතුටක් ඇයට තියෙනවාලු.

ඒ වගේම ඇයට හුඟක්ම රඟපාන්න ලැබුණේ අජ්මල් අමීර් එක්ක වුනත් හේමාල් එක්ක රඟපාන්න තිබුණේ පල්ලවී සුභාෂ්ට කියලත් ඇය කියනවා. ඉතින් ස්ක්‍රීන් එකේ වැඩිය රඟපාන්න ලැබුණේ නැති වුණාට කණ්ඩායම ඉන්න රූප රාමුවල හේමාල් සහ ඇය හිටියා කියලයි අක්ෂතා කියන්නේ. ඒ වගේම හේමාල් කියන්නේ වැඩිය කතා නැති, කරන වැඩේට උපරිමයටම කැපවීමෙන් වැඩ කරන නළුවෙක් කියලත් ඇය කියනවා. ඒත් එක්කම හේමාල් කියන්නේ හොඳ අවංක හරිම නිහතමානී කෙනෙක් වගේම ඇය දැකපු හොඳ වෘත්තිමය නළුවෙක් කියලයි අක්ෂතා කියන්නේ. ඉතින් ඔවුන් කවුරුත් සිංහල භාෂාව කතා කරන්න දැනගෙන හිටියේ නැති නිසා සිංහලෙන් රූපගත කිරීම් කරද්දි සිංහල භාෂාව නිවැරදිව හසුරවන්න හේමාල් ගොඩක් උදව් කළා කියලත් ඇය කියනවා.

ඒ වගේම ලංකාව කියන්නේ හරිම සෞන්දර්යාත්මක රටක් වගේම ලංකාවට, බුදු දහමට ඇය හුඟක් ගරු කරනවා සහ ගොඩක් ආදරය කරනවාලු. ඒත් එක්කම ලංකාව කියන්නේ හරිම සුන්දර මානුෂීය හදවත් තියෙන මිනිසුන් ඉන්න රටක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය මහාරාෂ්ටයේ හින්දු භක්තික තැනැත්තියක්. ඉතින් ඇයගේ අම්මා ගෘහිණියක් වගේම තාත්තා මුම්බායිවල නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයෙක්. ඉතින් ඔවුන් හින්දු භක්තිකයින් වුණාට බුදු දහමට ලොකු ගෞරවයක් ලැදියාවක් තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.