මම සාමාන්‍ය පවුල සාමාන්‍ය ගැහැණු ළමයෙක් – නිම්මි මනෝහාරී

මම සාමාන්‍ය පවුල සාමාන්‍ය ගැහැණු ළමයෙක් – නිම්මි මනෝහාරී

I am an ordinary girl from an ordinary family, so try to keep my problems at bay – Nimmi Manohari

පුංචි තිරය ඔස්සේ විකාශනය වුනු නාඩගම්කරයෝ, දෙකඩකඩ, රේස් 2 වැනි ටෙලිනිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිම්මි මනෝහාරී කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය කරපු නිර්මාණ 7 ක් 8 ක් වගේ මේ අවුරුද්දේ එන්න තියෙනවා කියලයි නිම්මි නම් කියන්නේ. ඊට අමතරව අලුතින් යූ ටියුබ් නාට්‍ය, වෙබ් සිරිස් වගේම අලුත්ම වැඩ කිහිපයක් කරලා තියෙනවා කියලත් ඇය කියනවා. ඒ නිසාම මේ දවස් වල කලාව පැත්තට වැඩි නැඹුරුවක් දීලා තියෙනවා කියලයි ඇය කියන්නේ.

නිම්මි මනෝහාරී
නිම්මි මනෝහාරී

කොහොම නමුත් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය කියන්නේ ඇයගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියලත් ඇය කියනවා. ඉතින් නාඩගම්කරයෝ අවසන් වෙලා ටික කාලයක් ගතවුණත් ඒ චරිතයට ආදරය කරන ලොකු පිරිසක් තවම ඇයගෙත් එක්ක එකතුවෙලා ඉන්න ඒ ප්‍රතිචාර අදටත් එදා වගේමයි කියලයි නිම්මි කියන්නේ.

නිම්මි මනෝහාරී

ඒ වගේම ඇය ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ගෙවන්න කැමති කෙනෙක් කියලත් ඇය කියනවා. හැබැයි ඇයට ජීවිතේ ප්‍රශ්න නැතිව නෙමෙයි. මොකද ඇයත් සාමාන්‍ය ගැහැණු ළමයෙක් නිසාම. ඉතින් ජීවිතේ හමුවන විවිධ පුද්ගලයන් විවිධ අත්දැකීම් එක්ක සමහර ප්‍රශ්න ජීවිතේට එනවා කියලයි ඇය කියන්නේ. නමුත් ඇයගේ ප්‍රශ්න එකක්වත් ඇය වටේ ඉන්න අයට කියන කෙනෙක් නෙවෙයි කියලත් ඇය කියනවා. ඒවා ඇයගේ ළඟ තියාගෙන මේ මොහොතේ ජීවත් වෙනවාලු. ඒ වගේම ජීවිතේ ලැබෙන මොහොතේ හැමෝම එක්ක සතුටින් ඉන්න තමයිලු ඇය කැමති.

නිම්මි මනෝහාරී

කොහොම නමුත් මුලදී ඇය කළා ක්ෂේත්‍රය ගැන හදාරලා තිබුණේ නැති නිසා කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න පොඩි තැතිගැන්මක් තිබුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයගේ අම්මගේ බල කිරීමට තමයිලු ඇය කළා ක්ෂේත්‍රයට සම්බන්ධවීම සිදුවුණේ. නමුත් ඇය දැන් කලාවට මාරම ආදරෙයි කියලත් නිම්මි කියනවා. ඉතින් අද වෙද්දි ඇය මේ තැනට එන්න ලැබීම ගැන සතුටුයි සහ මේ තුළින් ඇයට ගොඩක් දේවල් ජීවිතේට ලැබිලා තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

CATEGORIES
Share This