
ජාතික ජන බලවේගය අද එළි දැක්වු ප්‍රතිපත්ති ප්‍රකාශය
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වීමට පියවර ගත්තා.
එය නම් කර ඇත්තේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙන්.
ජාතික ජන බලවේගය PDF ප්‍රතිපත්ති ප්‍රකාශය පහත Bookshop.lk වෙතින් ඩවුන්ලෝඩ් කරගන්න.ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 – Free PDF Download | BOOKSHOP.LK

එමගින් ඔවුන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකනු ලබන අතර එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විද්‍යාව හා තාක්ෂණය සඳහා ස්ථානයක් ලබා දී තිබෙනවා.
ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව පැවසෙනවා.
රට තුළින් සොයාගත හැකි ස්වාභාවික සම්පත්, වෘත්තිය හා පුහුණු ශ්‍රම සම්පත්, ඛණිජ සම්පත්, තොරතුරු හා මෘදුකාංග තාක්ෂණය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්ම, සාගර සම්පත් මෙන්ම නිර්මාණශීලි කර්මාන්ත වැනි කලාප මීට ඇතුළත්.
නිෂ්පාදන ආර්ථිකයක් සැලසුම් කිරීමේ සිට ප්‍රතිලාභ බෙදීයාම දක්වා වූ ක්‍රියාවලියේදී සියලු ජාතිකයන්ට එහි කොටස්කරුවන් කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙනවා.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පරිසමාප්ත ජීවිතයක්,ගෞරවනීය ජීවිතයක්,නවීන ජීවිතයක් හා අභිමානවත් ජිවිතයක් ලෙස ප්‍රධාන කොටස් 4ක් යටතේ නිර්මාණය කර තිබෙන අතර එහි පිටු 230ක් අඩංගුයි.
ජාතික ජන බලවේගය PDF ප්‍රතිපත්ති ප්‍රකාශය පහත Bookshop.lk වෙතින් ඩවුන්ලෝඩ් කරගන්න.
ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය 2024 – Free PDF Download | BOOKSHOP.LK