
සංගීත් අයියා හින්දයි මම බයක් නැතුව ක්ෂේත්‍රයේ ඉන්නේ-කස්තුරි ජයවර්ධන
I survive in the field because of Sangeet – Kasthuri Jayawardene
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි කස්තුරි ජයවර්ධන කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ නිරූපණ ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් 2019 දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගනිමින් කලා ක්ෂේත්‍රයට පය තැබූ ඇය පළමු වරට පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයින් හමුවට ආවේ හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ සහේලිගේ චරිතය හරහායි. කොහොම නමුත් ඇය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන්නේ නව පරපුරේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සංගීත් ප්‍රභූ සමඟ තිබෙන ඇයගේ ප්‍රේම සම්බන්ධය නිසයි. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.
ඉතින් ඔවුන්ගේ ආදර කතාවට දැන් අවුරුදු තුනහමාරක් විතර වෙනවා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඔවුන් ඔවුන්ගේ ආදරය හංගාගෙන හිටියේ ඇයි කියලා බොහෝ දෙනෙක් අහනවා වුනත් ඇත්තටම ඒ විදිහට හැංගිලා ආදරේ කළේ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් බොහොම සාමාන්‍ය ප්‍රේමවන්තයන් දෙන්නෙක් හැටියට ඔවුන් ආදරය කළා කියලත් කස්තුරි කියනවා. හැබැයි සංගීත් සමග ඇයගේ සම්බන්ධයක් තියෙනවා කියලා ඇය ප්‍රසිද්ධ කළේ නැති වුණාට කළා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඒ සම්බන්ධය ගැන මුල ඉඳලම දැනගෙන හිටියා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ ගැන මාධ්‍යට විශේෂ කරලා කියන්න ප්‍රසිද්ධියක් ලබන්නේ ඔවුන් දෙන්නටම වුවමනාවක් තිබුණේ නැහැ කියලයි ඇය කියන්නේ. කොහොම වුණත් දැන් හැම දෙනෙක්ම සංගීත්ගෙයි ඇයගෙයි ආදර කතාව ගැන දන්නවා කියලත් ඇය කියනවා.

ඒ වගේම හුස්මක් තරමට ටෙලි නාට්‍යයට ඇය හොඳයි කියලා සංගීත් යෝජනා කරද්දී ඔවුන් දෙන්නා අතර ආදර සම්බන්ධයක් තිබුණේ නැහැලු. ඉතින් මුලදී යාළුවෝ වගේ අපි ආශ්‍රය කළා කියලයි ඇය කියන්නේ. ඒ වගේම සංගීත් හරි හොඳයි වගේම ඇය ගැන හැම වෙලාවකම අයියා කෙනෙක් වගේ හොයලා බලනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ විදියට පටන් ගත්ත සම්බන්ධයක් තමයිලු ආදර සම්බන්ධයක් දක්වා දුර දිග ගියේ. ඒ වගේම අද කාලේ තියන ආදර කතා, ආදර සම්බන්ධතා නිසා ඇතිවන ප්‍රශ්න දිහා බැලුවම සංගීත් වගේ ප්‍රේමවන්තයෙක් ලැබෙන්න ඇය ගොඩක් වාසනාවන්තයි කියලා ඇයට හිතනවාලු. ඉතින් අද ඇය මේ ක්ෂේත්‍රය තුළ බයක් නැතිව ඉන්නේ සංගීත් නිසා කියලත් ඇය කියනවා. ඒ වගේම ඔහු නැත්නම් මේ වෙද්දිත් ඇය කළා ක්ෂේත්‍රය අතහැරලා ගොඩක් කල් කියලයි කස්තුරි නම් කියන්නේ.

ඉතින් සංගීත් හැම වෙලේම ඇය ගැන හොයනවා බලනවා වගේම හැම දේකටම ඔහු ඇයට ගොඩක් උදව් කරනවාලු. ඒ වගේම අනෙකාගේ හීනවලට යන්න උදව් කරන ආදරවන්තයන් සහකාරයන් හරි අඩු නිසා ආදරවන්තයෙක් විදිහට සංගීත් සාර්ථකයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගනිමින් රංගනය පිළිබඳවත් වැඩිදුර හදාරමින් කලා ජීවිතයේ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.