මම ක්ෂේත්‍රයට එන්නේ අවුරුදු 7දී ළමා නිලියක් විදිහට, නමුත් මට මාව දැනෙන්නේ ගායිකාවක් විදිහට විතරයි – කුෂානි සඳරේඛා

මම ක්ෂේත්‍රයට එන්නේ අවුරුදු 7දී ළමා නිලියක් විදිහට, නමුත් මට මාව දැනෙන්නේ ගායිකාවක් විදිහට විතරයි – කුෂානි සඳරේඛා

Kushani Sandarekha Is a Talented and Popular Singer

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි කුෂානි සඳරේඛා කියලා කියන්නේ. ඒ වගේම ඇය නර්තනයට වගේම රංගනයටත් ඉතාම දක්ෂයි. ඉතින් අපේ රටේ ප්‍රවීණ ගායන ශිල්පීන් දෙදෙනෙකු වන වික්ටර් විජයන්ත සහ මයා දමයන්ති යුවළගේ ආදරණීය දියණිය වන ඇය විවාහ වෙලා ඉන්නේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන කසුන් කල්හාර සමඟ බවත් නොදන්නා කෙනෙක් නැහැ.

ඒ වගේම ඇය ගැයූ ගීත අතර වරංගනා, කුරුල්ලෝ නුඹේ තාලෙන් සහ මෑත කාලීනව ඇය ගායන කළ චිත්‍රපට ගීතයක් වන මල්කලඹ ළඟ පාට සේදුන ගීතයත් අතිශය ජනප්‍රිය වුණා. ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය කලා ශිල්පිනියක් විදිහට අද වෙද්දී සාර්ථකයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම හැම වෙලාවෙම ඇයගේ නිර්මාණ රූප රචනා වලින් බොහෝම අඩු වෙලත් ප්‍රේක්ෂකයන්ගේ සිත් බැඳගන්න පුළුවන් ගීත ගොන්නක් විදියට තමයි රසිකයන් අතරට ගියේ. ඉතින් ඇයගේ නිර්මාණවල සංගිතය සහ ගායනය සම්බන්ධව තමයිලු ඇය ලොකුවට හිතන්නේ.

ඒ වගේම ඇයට වුවමනාවක් නැහැලු විශේෂයෙන් ඇය කුෂානි කියලා ලොකුවට මිනිස්සුන්ට පෙන්නන්න සහ විශේෂයෙන් ප්‍රසිද්ධ වෙන්න. නමුත් ගීත හරහා ඇයගේ නිර්මාණ මිනිස්සුන්ගේ හිත්වලට අරගෙන යන්න ඇයට පුළුවන් වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඇයට ඕන වුණේ ඇයගේ නිර්මාණ රසිකයන්ට දෙන්න මිසක් එහෙම නැතුව ඇය කවුද කියලා මිනිස්සුනට පෙන්නන්න නෙමෙයි කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයට කසුන්ව හමුවෙලා තියෙන්නේ සරසවි සම්මාන උළෙලකදී ඇයට ආරධනා ලැබිලා තියෙනවා ඇයගේ ‘කුරුල්ලෝ නුඹේ තාලෙන්’ ගීතය ගායනා කරන්න. ඉතින් එහි සංගීතය භාර අරගෙන තිබුණේ කසුන් කියලයි කුෂානි කියන්නේ. ඉතින් එතැනදී තමයි ඔවුන් දෙන්නා හොඳටම හඳුනා ගෙන තියෙන්නේ. ඊට පස්සේ කසුන්ගේ මිහිදුම් දුමාරයේ ගීතයත් එක්ක ඔවුන් දෙන්නා අතරේ ආදරයක් ඇති වුණා කියලත් කුෂානි කියනවා.

ඒ වගේම ඇය මුලින්ම කලාවට එන්නෙත් ගායනය වගේම රංගන ක්ෂේත්‍ර හරහා. ඉතින් මුලින්ම ඇය රංගනයෙන් දායක වෙන්නේ චණ්ඩි රජා චිත්‍රපටයට. ඒ ඇයට වයස අවුරුදු හතේදී. ඒවගේම ළමා චිතපට කීපයකටම ඇය රංගනයෙන් දායක වෙලා තියනවා. ඒත් ඇත්තටම ඇයට ඇයව දැනෙන්නේ නැහැලු නිළියක් විදියට. මොකද ඇයට ගොඩක් ඇයව දැනෙන්නේ ගායිකාවක් විදියට නිසා. ඉතින් ඒ නිසාම ඇය රංගන ක්ෂේත්‍රයට එන්නේ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

CATEGORIES
TAGS
Share This