Breaking News: Last-Minute Rescue Attempt for Missing Titanic Submarine

Breaking News: Last-Minute Rescue Attempt for Missing Titanic Submarine

ටයිටැනික් බලන්න ගොස් අතුරුදන් වූ සබ්මැරීනය සොයා අවසන් මුදාගැනීමේ මෙහෙයුම

උතුරු අත්ලාන්තික් සාගරයේ පතුලේ ඇති ටයිටැනික් නෞකාවේ නටබුන් නැරඹීම සඳහා පුද්ගලයින් පස් දෙනෙකු රැගෙන ගිය Submersible යානය තවමත් අතුරුදහන් ව ඇත. දැඩි සෝදිසි මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මකයි. නමුත් නවතම වාර්තා වලට අනුව එම ප්‍රදේශයෙන් පිපිරෙන ශබ්දයක් ඇසුණු බව වාර්තා වේ.

කැනේඩියානු P-3 ගුවන් යානය අඟහරුවාදා දිය යට ශබ්ද අනාවරණය කර ගත් නමුත් එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායට ශබ්දයේ මූලාශ්‍රය හඳුනා ගැනීමට නොහැකි වූ බව ඒජන්සිය පවසයි. මේ අතර, අඟහරුවාදා රජයේ අභ්‍යන්තර වාර්තාවක් පැවසුවේ සෙවුම් කණ්ඩායම්වලට මිනිත්තු 30 ක කාල පරතරයකින් පහර දෙන ශබ්දයක් ඇසුණු බවත්, පසුව යාවත්කාලීන කිරීමකින් පසුව ඔවුන් කියන්නේ එය බොහෝ විට මෙම Submersible යානයෙන් ඇසෙන්නක් විය හැකි බවයි.

මෙම Submersible යානය OceanGate Expeditions විසින් මෙහෙයවන ලද දින අටක ගමනක ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේශණයේ ව්‍යාපෘතියේ කොටසක් වූ අතර, එහිදි එක් පුද්ගලයෙකු ඩොලර් 250,000 ක මුදලක් ගෙවිය යුතු වුනා. මෙම සංචාරය නිව්ෆවුන්ඩ්ලන්ඩ් නගරයෙන් පිටත පිහිටා තිබූ අතර, සහභාගිවන්නන් මුලින්ම මැසචුසෙට්ස් හි කේප් කෝඩ් වෙරළට ඔබ්බෙන් සැතපුම් 900 (කිලෝමීටර් 1,450) පමණ දුරින් පිහිටි සුන්බුන් ස්ථානයට නාවික සැතපුම් 400 ක් මුහුදෙන් ගමන් කර යුතුව තිබුණා. Submersible යානය ජූනි 18, ඉරිදා උදෑසන සුන්බුන් වෙත යෑමට පැය දෙකක ගමන ආරම්භ කර ඇත. එය ගොඩබෑමට පැය 1 යි මිනිත්තු 45 කින් පමණ පසුව submersible යාත්‍රාව එම ස්ථානයට ප්‍රවාහනය කළ ආධාරක නෞකාව වන Polar Prince සමඟ සම්බන්ධතා නැති වූ බව නිලධාරීහු පැවසූහ. එදිනම සෝදිසි මෙහෙයුම් ආරම්භ විය. Submersible යානයට සිදුවූයේ කුමක්ද, සම්බන්ධතාවය නැති වූයේ ඇයි සහ එය අතුරුදහන් වන විට එය ටයිටැනික් නෞකාවර කෙතරම් සමීපව සිටියේද යන්න තවමත් පැහැදිලි නැත.

OceanGate බලධාරීන් අතුරුදහන් වූ පුද්ගලයින් පස් දෙනාගේ නම් ප්‍රකාශයට පත් කර නොමැති අතර, බ්‍රිතාන්‍ය ව්‍යාපාරික Hamish Harding, ප්‍රංශ කිමිදුම්කරුවෙකු වන Paul-Henry Nargeolet, පකිස්ථාන ප්‍රකෝටිපති ව්‍යාපාරික Shahzada Dawood සහ ඔහුගේ පුත් Suleiman Dawood යන සියල්ලෝම යානයේ සිටින බව තහවුරු කර ඇත.

පස්වන පුද්ගලයා OceanGate ප්‍රධාන විධායක නිළධාරී සහ නිර්මාතෘ Stockton Rush වන බව මෙම මෙහෙයුම සම්බන්ධයෙන් දැන සිටි මූලාශ්‍රයකට අනුව සඳහන් වෙයි.

Harding එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිව සිටි අතර ගුවන් යානා තැරැව්කාර Action Aviation සමාගමෙ හි සභාපති වේ. එම සමාගම සමාජ මාධ්‍යවල පැවසුවේ හාර්ඩින් Submersible යානයේ සිටි බවයි. හාර්ඩිං විසින්ම සෙනසුරාදා අන්තර්ජාලයේ පළ කර තිබුණේ, ටයිටැනික් නෞකාවට කිමිදීමේ දී ඔහුගේ සහභාගීත්වය ප්‍රකාශ කිරීම ගැන ආඩම්බර වන බව බවයි.

හාඩිං යනු වික්‍රමාන්විත කිරීමට ප්‍රසිද්ධ අයෙකි. පහුගිය වසරේදි Blue Origin නම් ගුවන් යානයෙන් විවෘත අභ්‍යවකාශයට ගිය අතර ලෝකයේ ගැඹුරුම ස්ථානය ලෙස සැලකෙන පැසිෆික් සාගරයේ Challenger Deep වෙතද ගමන් කර ඇත. ඔහු සෙනසුරාදා පළ කර තිබුණේ නාර්ජොලට් තමා සමඟ Submersible යානයේ සිටීමට නියමිත බවයි. Nargeolet ගේ පවුලේ අය CNN අනුබද්ධ BFMTV වෙත ඔහු යාත්‍රාවේ සිටි බව තහවුරු කර ඇත.

Nargeolet ට ටයිටැනික් නෞකාව ගවේෂණය කිරීමේ දශක ගණනාවක අත්දැකීම් තිබේ. ඔහු නෞකාවේ ඇති කෞතුක වස්තු ගලවා ගැනීමේ තනි අයිතිය ඇති සමාගම වන RMS Titanic Inc. හි දිය යට පර්යේෂණ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි. සමාගමේ වෙබ් අඩවියේ ඔහුගේ චරිතාපදානයට අනුව, නාර්ජොලට් ටයිටැනික් සුන්බුන් වෙත කිමිදුම් 35 ක් සම්පූර්ණ ඇති අතර පුරාවස්තු 5,000 ක් නැවත ස්ථාපනය කිරීම අධීක්ෂණය කර ඇත.

පකිස්තාන ජාතික ධන කුවේර පියා සහ පුතා ද යානයේ සිටින බව ඔවුන්ගේ පවුලේ අයගේ ප්‍රකාශයකින් තහවුරු විය. Dawoods යනු බලශක්ති, ඛනිජ රසායන, පොහොර, තොරතුරු තාක්ෂණ සහ ආහාර සහ කෘෂිකර්මාන්තය පුරා විහිදුනු කළඹක් සහිත, රටේ විශාලතම සමාගම් කිහිපයක් පවත්වාගෙන යන ප්‍රමුඛ පකිස්ථාන ව්‍යාපාරික පවුලකි.

Submersible යානය නිර්මාණය කර ඇත්තේ යානයේ සිටින පස් දෙනෙකුට පැය 96ක් ඔක්සිජන් රැගෙන යා හැකි ලෙසයි. අඟහරුවාදා පස්වරු 1කට පමණ එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පැවසුවේ එම යානයට තවත් පැය 40 ක් පමණ ඉතිරිව ඇති බවයි. ඒ අනුව ඔවුන්ට තවත් ඉතුරුව ඇත්තේ පැය 24ක් වැනි කාලයක් පමණි.

නමුත් මේ වන බේරා ගැනීමේ කණ්ඩයම් අභියෝග රැසකට මුහුණ දී තිබේ. දුරස්ථ පිහිටීම, කාලගුණික තත්ත්වයන්, submersible යානයේ තත්ත්වය සහ ඔවුන් අතුරුදහන් වූ ප්‍රදේශයේ සාගරයේ අසාමාන්‍ය ගැඹුර අභියෝග ඒ අතර වෙයි. 1973දී Submersible Pisces III යානාවේ සිටි රොජර් චැප්මන් සහ රොජර් මැලින්සන් බේරාගත් දිය යට ගලවාගැනීමේ ගැඹුරුම ගලවා ගැනීමයි. ඔවුන්ගේ යානාව මුහුදු මට්ටමෙන් අඩි 1575ක් යට තිබී ගළවා ගත් අතර ඔවුන් පැය 76 ක් සිරවී සිටි අතර අවසානයේ ඔවුන් මතුපිටට ඇදගෙන ඒමට සමත් විය.

ටයිටැනික් සුන්බුන් මුහුදු මට්ටමේ සිට අඩි 13,000 ක් පමණ පහළින් පිහිටා ඇති අතර එය වඩාත් ගැඹුරු ය.

Submersible යානය පිහිටා ඇති ගැඹුර කොපමණ දැයි තවමත් සොයාගෙන නැත. සමහර ප්‍රවීණයන් පෙන්වා දී ඇත්තේ එය මතුපිටට ආසන්නව පිහිටා තිබීමට බොහෝ ඉඩක් ඇති බවයු. නමුත් ඔවුන් මතුපිටට ළඟා වුවද, දොර පිටතින් සවි කර ඇති අතර එයින් අදහස් කරන්නේ ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් ඔවුන්ව නියමිත කාලය තුළදී ගලවා නොගන්නේ නම් ඔවුන්ට ඔක්සිජන් අවසන් වීමේ අවදානමක් ඇත.

Submersible යානාවක් ප්‍රධාන හේතු කිහිපයකින් සබ්මැරීනයකට වඩා වෙනස් වේ. එහි සීමිත බලශක්ති සංචිතයක් ඇති අතර එබැවින් එය දියත් කිරීමට සහ නැවත ගොඩ බිමට ගෙන ඒමට මතුපිට ආධාරක නෞකාවක් අවශ්‍ය වෙයි. Submersible යානයකට දිගු කලක් ජලය යට රැඳී සිටිය නොහැක. මාස ගණනක් දිය යට රැඳී සිටිය හැකි සබ්මැරීන හා සසඳන විට Titan submersible යානය සාමාන්‍යයෙන් ටයිටැනික් සුන්බුන් වෙත යන සෑම කිමිදීමකදීම පැය 10 සිට 11 දක්වා මුහුද යට ගත කරයි.

OceanGate සමාගම ට අනුව, Titan යානය රාත්තල් 23,000 බරින් යුත් කාබන් ෆයිබර් සහ ටයිටේනියම් වලින් සාදා ඇත. ව්‍යුහයේ අඛණ්ඩතාව නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂිත අංගයන්ගෙන් යුක්තව මෙම යානය නිර්මාණය කර ඇත.

Inside view of Titan submersible

පසුගිය වසරේ ටයිටැනික් සුන්බුන් දක්වා ටයිටන් submersible යානයේ සංචාරයක නිරත වූ CBS වාර්තාකරු ඩේවිඩ් පෝග් පවසන පරිදි එය කුඩා වෑන් රථයක් තරම් විශාල ඉඩ ප්‍රමාණයකින් ඇතුළත කුඩා වන අතර ඇත්තේ එක් වැසිකිළියක් පමණක් වන අතර එහි ආසනයක් නොමැත. මගීන් කකුල් හරස් අතට බිම වාඩි වී සිටිති. ටයිටැනික් නැව නරඹන කවුළුව හැර වෙනත් ජනේල කිසිවක් නොමැත.

Outside view from Titan submersible
Outside view from Titan submersible

දිය යට GPS නොමැති නිසා, submersible යානයක් මෙහෙයවිය හැක්කේ මතුපිට නෞකාවෙන් ලැබෙන කෙටි පණිවිඩ මගින් පමණි. පෝග්ගේ සංචාරයේදී සන්නිවේදනය බිඳ වැටුණු බවත් පැය දෙකකට වැඩි කාලයක් සන්නිවේදනයක් නොමැතිව යානය පිළිබඳ දත්ත නොපෙන්වූ බවත් සඳහන් කර ඇත.

නියමුවා වීඩියෝ ක්‍රීඩා පාලකයක් භාවිතයෙන් යානය මෙහෙයවයි. නමුත් එය අසාර්ථක වුවහොත්, රැහැන් පද්ධතියකින් යානය පාලනය කළ හැකි බව 2021 දී Titan මත කිමිදුණු සහ දැන් OceanGate ආයෝජකයෙකු වන Aaron Newman පවසා ඇත. යානයේ තෙරපුම බාහිර විද්‍යුත් පද්ධතියකින් බල ගැන්වෙන අතර අභ්‍යන්තර පද්ධතියකින් සන්නිවේදනය සහ තාපකයක් බලගන්වන බව ඔහු පැවසීය.

සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් මොනවාද? එය ගලවා ගත හැක්කේ කෙසේද?

එක්සත් ජනපදයේ සහ කැනඩාවේ බහුවිධ නියෝජිතායතන මෙම ගළවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වී ඇති අතර, මතුපිට සහ දිය යට සියලු සෝදිසි කිරීම් ක්‍රියාත්මකයි. ඊයේ දවස වන විට වර්ග සැතපුම් 10,000 කට වඩා සෝදිසි කර ඇති බව වාර්තා වෙයි. බෝට්ටු, ගුවන් යානා සහ රේඩාර් උපකරණ ජලයට මතුපිට ගවේශණය කරන අතර සෝනාර් බෝයාවන් සහ නැව්වල ඇති සෝනාර් උපකරණ ද ජලයට යටින් ඇති ශබ්ද හඳුනාගැනීම සඳහා යොදා ගැනේ.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය, එක්සත් ජනපද නාවික හමුදාව, එක්සත් ජනපද ගුවන් හමුදාව, කැනේඩියානු වෙරළාරක්ෂක බලකාය සහ කැනේඩියානු හමුදාව යන සියල්ලම ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය කරයි. ප්‍රංශය ගවේෂණයට එක්වීම සඳහා දිය යට රොබෝ යන්ත්‍රයකින් සමන්විත පර්යේෂණ නෞකාවක් ද යවා ඇත.

ටයිටැනික් නෞකාවේ ගැඹුරු මුහුදේ ඡායාරූප සඳහා වඩාත් ප්‍රසිද්ධියට පත් වූ ගැඹුරු මුහුදේ සිතියම්කරණ සමාගමක් වන මැගෙලන් ද සිතියම්කරණය මඟින් සහය දීමට ඉදිරිපත් ව ඇත.

Photo of Titanic below 12,500 ft from sea level
Photo of Titanic below 12,500 ft from sea level

නමුත් submersible යානය සොයා ගැනීම පළමු පියවර පමණි. එය ගලවා ගැනීම සම්පූර්ණයෙන්ම වෙනත්, අලුත් අභියෝගයකි.

Submersible යානයේ පිහිටීම සහ කුමන ගැඹුරකින් පිහිටා තිබේද යන්න මත පදනම්ව ගලවා ගැනීමේ යාත්‍රා සඳහා සීමිත විකල්ප තිබිය හැකිය. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපද නාවික හමුදාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන වලට යා හැක්කේ සාමාන්‍යයෙන් අඩි 800ක් ගැඹුරට පමණි. එයින් අදහස් කරන්නේ ඔවුන්ට එයින් එහා සාගර පතුලට කිමිදිය නොහැකි බවත් සබ්මැරීන බඳ මත ඇති කරන ජල පීඩනය නිසා සබ්මැරීනය පුපුරා යා හැකි බවත් ය. 1973 ගලවාගැනීමේදී, බලධාරීන් Pisces III වෙත රේඛා ඇමිණීම සඳහා වෙනත් submersible යානයක් භාවිතා කර අතර සහ දුරස්ථව ක්‍රියාත්මක කරන, නාවික හමුදාව විසින් නවීකරණය කරන ලද ගොඩ ගැනීමේ නෞකාවක් භාවිතා කර ඇත. පසුව එය නැවත මතුපිටට ඇද ගෙන ඒමට තවත් submersible යානාවක් යොදා ගෙන ඇත.

නමුත් Titan යානයේ පිහිටීම සහ ගැඹුර ගැන අවිනිශ්චිත පසුබිමක ඉහත ක්‍රම Titan වෙනුවෙන් භාවිතා කළ හැකිද යන්න ප්‍රශ්නාර්ථයක්ව ඇත.

කෙසේ වෙතත් ටයිටැනික් සිදුවීමට නොදෙවැනි මෙම Titan යානයේ සිදුවීම ලෝකයේ අවදානය නැවත වරක් සාගර පත්ළට යොමු කිරීමට සමත්ව ඇත. බොහෝ අය OcenGate සමාගමට චෝදනා එල්ල කරන අතර මීට පෙර මෙවැනි ආරක්ශාව සම්බන්ධයෙන් ගැටලු මතු කෙරූ බවත් ඒවට නිසි ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබෙනවා.

CATEGORIES
TAGS
Share This