
රිලවුන්, වදුරන් අපනයනය
Monkey Export
වනසතුන් හා සත්ව පාලනය පිලිබදව රටේ දියුණුවට හේතු වන හරි ප්‍රතිපත්ති නැති කම දියුණු කෘෂිකර්මයක් ඇති කරගැනීමට නොහැකි වීම කෙරෙහිත් කෘෂිකර්මයෙන් යැපෙන ග්‍රාමීය ජනතාව අතර පවත්නා දුපපත් කම කෙරෙහිත් බලපා තිබෙන ප්‍රධානම හේතුන් දෙකක් ලෙස සැලකිය හැකිය.කිරිවලින් ස්වයංපෝෂිත වීමට උත්සහකලේ එහිදී හරකාගේ මස් වලට ලැබිය යුතු වැදගත් කම මුලුමනින් නොසලකා හැරෙන අකාරයටය.කිරි සදහා පමණක් ආර්තික වශයෙන් ඵලදායි හරක් කර්මාන්තයක් පවත්වාගෙන යා නොහැකිය.මා කිරි පිනිස එළ හරක් සීයක ගෙන් යුතු හරක් ගොවිපලක් ආරම්බ කළේ යැයි සිතන්න.ලැබෙන පැටවුන්ගෙන් සියයට 50 ක් පිරිමි පැටවුන් වුවහොත් මා ඔවුන්ට කරන්නේ කුමක්ද? ලැබන පිරිමි පැටවුන් උන් මැරෙන තෙක් කන්න බොන්න දී නඩත්තු කල හැකිද?කිරිදෙනුන් එක අවස්තාවකදී කිරි නැතිකම නිසා ඉවත් කොට ඒ වෙනුවට අලුත් එළදෙනුන් යොදා ගැනීමට සිදුවේ.ඉන්පසු පරන කිරි නැති එළදෙනුන් සිය දෙනා උන් මැරෙන තෙක් නඩත්තු කල යුතුද? උන් විකිනීමෙන් ගොවිපලට උපයාගත හැකි ආදායම රුපියල් ලක්ෂ 100 ක් ලෙස සැලකුව හොත් එම විශාල ආදායම අහිමි කරගෙන හා එම කිරි නොදෙන එළදෙනුන්ද මැරෙන තෙක් නඩත්තු කරමින් එම ගොවිපල පවත්වාගෙන යාමේ හැකියාවක් තිබේද?දියර කිරිවලින් රට ස්වයං පෝෂිත කිරීමේ සිහින ලංකාවට සැබෑ කරගත නොහැකි වූයේ හරක් මස් සම්බන්දයෙන් ලංකාව මොන මොන හේතු නිසා හෝ පවත්වා ගෙන ගිය එම මෝඩ පිළිවෙත නිසා ය.ඒ වෙනුවෙන් ලංකාව හා රටේ කිරි ගොවීන් ගෙවන්නට සිදුවු වන්දියේ ප්‍රමාණයද කොත විශාලද?ප්‍රෝටීන් ඌනතාවය නිසා රෝගිවූ ජන සමාජයක් ඇති කිරීමට මස් පරිභෝජන පිලිබදව යල් පැනගිය මතවාද බලපෑවේ දුප්පත් කිරීමට හා අසමත් කිරීමට හේතුවූ එම පසුගාමි ආකල්ප නිවරදි කිරීමට උත්සහා කල දේසපාලන නායකයින් හෝ දේසපාලන පක්ෂ රටේ සිටියේද?
මේ විෂයේදී අපට අසවල් වැසි ඉංදියාවෙන් ඉගෙන ගත් හැකි වැදගත් පාඩම් දෙකක් තිබෙන්නේය.ඉංදියාව අපටත් වඩා මස් නොකන රටකි.එහෙත් ඔවුන්ට ඉතා රසවත් හා පෝෂ්‍ය ගුනයෙන් අනුන ආහාර සංස්කෘතියක් තිබෙන්නේය.මාංශ අහාරවලට පුරුදුවූ කෙනෙකුට පවා එහි තිබෙන නිර්මාංශ ආහාරවලින් සතුටු දායක හා පෝෂ්‍ය දායක පැවැත්මක් පවත්වාගෙන යාහැකිය.එහෙත් ලංකාවේ නිර්මාංශ ආහාරවලට සීමාවූ ජනතාවගේ තත්වය ඉංදියාවට සාපේක්ෂව ගත් විට තිබෙන්නේ ඛේදජනක තත්වයකය.රට එක්තරා ප්‍රමාණයකට හෝ නිර්මාංශ භක්ෂක තත්වයක තබාගැනීමට අවශ්‍ය නම් නිරෝගි දිවි පැත්මක් සහතික කිරීමට හේතුවන පෝෂ්‍ය ගුනයෙන් හා රසවත් බවෙන් යුතු ඊට ගැලපෙන ආහාර සංස්කෘතිය ක් ස්ථාපනය කළ යුතුය.එසේ නැති වුවහොත් ඔවුන්ගේ ජීවිත පැවැත්ම ඛේදවාචකයක් බවට පත් විය හැකිය.මස් පිලිබද විෂයෙන් ද අපට ඉංදියාවෙන් උගත හැකි වැදගත් පාඩමක් තිබේ.ඉන්දියාවේ ජනයා මස් කන්නේ නැතත් ලෝක හරක් මස් අපනයනයේදී ඉන්දියාව 2020 වී හතර වැනි ස්තානය හිමි කරගෙන තිබුනි.පළමු ස්තානය හිමිකරගත් බ්‍රසීලය එම වසරේ මුලු හරක් මස් අපනයන වෙළදාමෙන් 23.50% කට හිමි කම් කියන විට දෙවැනි ස්තානය හිමිකරගත් ඔස්ට්‍රේලියාව 13.66% කටද තුන්වැනි ස්තානය හිමිකරගත් ඇමරිකා එක්සත් ජනපදය 12.411% කටද හිමිකම් කියන විට හතර වෙනි ස්තානය හිමිකරගත් ඉන්දියාව 11.88% කට හිමිකම් කීවේය.ඒ වසරේ ඉංදියාව ඉන් උපයන ලද අදායම ඩොලර් බිලියන 3.18 කි.ලංකාවේ මිනිසුන් ද හරක් මස් කන්නේ නැතිනම් අපනයනය සදහා හරක් මස් කර්මාන්තයක් පවත්වාගෙන යන අතර කිරිවලින් රට ස්වයන් පෝෂිත කිරීමේ වෑයමක යෙදුනෙ නම් එය ප්‍රායෝගික හා ඵලදායි වෑයමක් වන්නට ඉඩ තිබුනා සේම ඒ වෙනුවෙන් කරන ආයෝජන යන්ට ඊට සරිලන ලාබයක් ද ලබා ගැනීමට හෑකිවන්නට ඉඩ තිබුණි. ඇති වී තිබෙන අසමත්භාවය නිසාවත් විචාර බුද්දිය පහළ කර ගැනීමට ලංකාව සමත් වේ නම් ලොකු වලක වැටීමෙන් සිදුවී තිබෙන අති විශාල අලාබයට අතිඒකව ඒ නිසා මොලයට ලැබී තිබෙන ලාබය ගැන ලංකාවට සතුටු විය හැකිය. මොන මොන හේතු නිසා හෝ අප ප්‍රයෝජයට නොගන්නා දේවල් අතර ලෝකයේ වෙනත් රටවලට ප්‍රයෝජවත් වන ඔවුන්ට විකිනිය හැකි දේවල් තිබේ නම් ඒවා විකිනීමට අපි මැලි නොවිය යුතුය.එය අප ඉන්දියාවෙන් ඉගෙන ගත යුතු වැදගත්ම පාඩමකි.
නව අපනයන අවකාශය
රිලවුන් හා වඳුරන්ද ඇතුලුව වනසතුන්ගෙන් කෘෂිකර්මයට වන විශාල හානි ගැන හා එම තත්වය පාලනය කිරීම සදහා යොදා ගත යුතු ප්‍රතිපත්ති ගැන දීර්ග කාලයක් තිස්සේ ප්‍රසිද්දියේ කථා කළ එකම විචාරාකයා සමහර විට මා විය හැකිය. ගෝඨාභය ජනාදිපති කමේ සිටින කාලයේදී වනසතුන් ගෙන් කෘෂිකරමයට සිදුවන හානි ගැන ලියා පළකරන ලද ලිපියකදී චීනය සමග තිබෙන මිත්‍රත්වය ප්‍රයෝජනයට එන රිලවුන් හා වදුරන් චීනයට යැවිය හැකි දැයි සොයාබලන ලෙස ඉල්ලා සිටියෙමි.මා කල්පනා කරන අකාරයට රිලවුන් ලක්ෂයක් චීනයට යැවීම සඳහා චීනය සමග සාකච්චා කරන තැනකට යෑම ම ඉතාමත් නිර්භීත, කෘෂි හිතකාමි හා ජන හිත කාමි විප්ලව කාරි පියවරකි.රිලවුන්ගේ ගහනය ලක්ෂ 30 ක් නම් ලක්ෂ 15 ක් තරම් ප්‍රමානයක් වත් චීනයට හෝ වෙනත් රටවලට විකිනිය හැකි නම් එසේ කල යුතුය.ඒ සදහා හොද මිළක් ලබා ගත හැකි නම් එය ලංකාවට විවරවූ ලොකු අපනයන අවකාශයක් ලෙස සැලකිය හැකිය.ලෝකය බොහෝ වර්ගවල සතුන් ආහාරයට ගනී.කැරපොත්තන් ඇතුලු බොහෝ ගනනක් කෘමින් (අහාරයට ගතහැකි කෘමි වර්ග 1900 ක් හදුනාගෙන තිබේ)අහාරයට ගන්නා ජාතින් සිටිති. චීනය, වියට්නාමය,තායිලන්තය, කාම්බෝජය, ජපානය,ඇමරිකාව හා මැක්සිකෝව ඒ සදහා දැක් විය හැකි නිදර්ශන යන් ය.කෘමීන් ආහාරයට ගැනීම ප්‍රෝටීන් ප්‍රස්නයට පිලිතුරක් බව ලෝක සෞඛ්‍ය සංවිදානය කියයි. ලයිබීරියාව, කොන්ගෝව, කැමරූනය, සුඩානය, බ්‍රසීලය, මැක්සිකෝව, කාම්බෝජය, චීනය හා වියට්නාමය වානර ගනයට වැටෙන සියලු සතුන් ආහාරයට ගනී.එම රටවල් වානර ගනයට වැටෙන සතුන්ගේ මස් සලකන්නේ ඉතාමත් ප්‍රනීත ( Delicacy) ආහාර විශේෂයක් ලෙසය.ලංකාවේ ගම්වල සමහර මිනිස්සුද රිලා මස් කන්නේ නැතත් වඳුරු කන්නෙහිය.චීනය, වියට්නාමය,කොරියාව, ෆිලිප්පීනය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය හා අප්‍රිකානු රටවල් සුනඛ ගනයට වැටෙන සතුන් ගේ මස් ආහාරයට ගන්නා රටවල්ය..පළමු ලෝක යුද්දයට පෙර ඇමරිකාව,ප්රංසය හා ජර්මනිය වැනි යුරෝපා රටවල්ද බලු මස් ආහාරයට ගත්තේය.චීනය ආහාර පිනිස වසරකට බල්ලන් මිලියන් 10-15 අතර ප්‍රමානයක් මරන අතර චීනයේ බලු මස් කෑමේ පුරුද්ද අවුරුදු 2000 ක් තරම් පැරණි ය.වියට්නාමය ඒක පුද්ගල වශයෙන් වැඩි යෙන්ම බලු මස් පරිභෝජනය කරන රට ලෙස සැලකිය හැකිය. එහි වසරකට මස් පිනිස මරණ බල්ලන් සංඛියාව මිලියන 5 කි.කොරියාවේ මිලියන 2.5 කි.කිඹුලු මස් ද ඇමරිකාව ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, කොරියාව,පිලිපීනය, දකුණු අප්‍රිකාව, හොන්කොං හා තායිලන්තය යන රටවල් අහාරයට ගන්නා ජනප්‍රිය මස් විශේෂය කි.

අප අන්‍ය ජාතීන්ගේ ආහාර පුරුදු වලට හිනා නොවිය යුතුය.ඒවා ඉවසීමට හුරු පුරුදු විය යුතුය.මා 2013 වසරේදී “801 වැනි මිනිසා “යන තේමාව යටතේ ලියන ලද දීරග ලිපියක ඒ ගැන මෙසේ කීවෙමි.”ආහාර සම්ප්‍රදායන් හීදී තමන් නොකන දේවල් කන අය කෙරෙහි අවඥාවෙන් බලන ප්‍රතිපත්තියක් මත්බේද හා ගැටුම් ඇති කිරීමට හේතු විය හැකිය.ඒවා ඉවසීමට හා ඒවා දෙස උපේක්ෂාවෙන් බැලීමට 801 වැනි මිනිසාගේ ගණයට වැටෙන දරුවන් පුහුණු කළ යුතුය.ඔබේ දරුවා උදේ ආහාර ගනිමින් සිටින හෝටලක ඔහුට පෙනෙන තවත් මේසයක ආහාර ගන්නා කණ්ඩායමක් අපි තම්බපු බිත්තරයක කට්ට ඉවත් කරන්නා සේ තම්බපු ගොලු බෙල්ලකුගේ කටු ඉවත් කරමින් සිටින අවස්තාවකදී ඔබේ දැරුවා තුළ මහා අප්රියාවක් ඇතිවී වමනය යන තත්වයක් ඇති වුවහොත් ඔහු විශාල අපහසු තාවයකට පත්වනු නොවැළැක්විය හැකිය.සමහර විට ඒ නිසා ඔහුට ජීවත්වන්න්ට සිදු වී තිබෙන රටද එපා විය හැකිය.එවැනි අවස්තාවලදී එවැනි දේ ඉවසා දරාගැනීමේ හැකියාව දරුවන් තුළ තිබිය යුතුය.ගොළුබෙල්ලන් කන ජාතීන්ට අපට බිත්තර මෙන් ඔවුන්ට එය රසවත් අහාරයකි.විවිධ ආහාර සම්ප්‍රදායන්ට හුරුපුරුදු වූ මිශ්‍ර ජනතාවක් සිටින රටක අපහසු තත්වයකට පත් නොවී හා ගැටුම් ඇති කර ගැනීමෙන් තොරව එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් යුතුව ජීවත් වීමට හැකිවනු ඇත්තේ ආගමීකත්වය, ජනවාර්ගීකත්වය වැනි අංශවලදී දී පමණක් නොව වෙනත් ආහාර පුරුදු හා සම්ප්‍රදායන් වලදී ද ඒවා දෙස උපේක්ෂාවෙන් බැලීමේ ශික්ෂණය ඔවුන් තුළ ඇති කිරීමෙනි.” අසමත් තත්වටකට පත්ව තිබෙන ලංකාව ඒ තත්වයෙන් ගොඩ ගෙන දියුණු රටක් බවට පත් කර ගැනීමට අවශ්‍යනම් යල් පැනගිය පසු ගාමි ආකල්ප වලින් අත් මිදී අපනයන නිෂ්පාදනයන්ට බර තබා ක්‍රියා කරන ආර්ථිකයක් අප හදා ගත යුතුය.කෘෂිකර්මයෙන් උපයන ආදායම් දියුණු කරගැනීමට අවශ්‍යනම් වන සතුන්ගෙන් බෝග වගාවන්ට සිදුවන හානිය දැන් තිබෙන සියයට 40 ක් තරම් වන ඉහල මට්ටමෙන් සියයට 10 ක් තරම් වන පහල මට්ටමකට ගෙනා යුතුය.එවැනි තත්වයකට රට පත්ව තිබෙන්නේ විවිද හේතු නිසා දීර්ග කාලයක් තිස්සේ වගාවන්ට හානිකරන වන සතුන්ගේ ගහනය පාලනය නොකිරීම නිසාය.
වන සතුන්ගේ ගහනය පාලනය කිරීම
වනසතුන්ගේ ගහනය පාලනය කිරීම සදහා රටවලට දැඩි පියවර ගැනීමට සිදුවන අවස්තා තිබිය හැකිය.කැනගරා ඔස්ට්‍රේලියාවේ ජාතික සත්වයාය.එහි ජනගහනය මිලියන 25 ක් වන විට එහි කැන්ගරු ගහනය මිලියන 48 කි.2019 වසරේදී පමණක් මරා දමන ලද කැන්ගරුන්ගේ සංඛියාව මිලියන 1.57 කි.පසුගිය විසි වසර තුළ ඔස්ට්‍රේලියාව කැන්ගරු ගහනය පාලනය කිරීම සදහා විනාශකර තිබෙන කැන්ගරු සංඛියාව මිලියන 90 වකි.වනසතුන් පාලනය සදහා ආණ්ඩුව ගෙන තිබෙන ජනප්‍රිය නොවන දැඩි තීන්දු රටේ යහපතට ඉතා වැදගත් ය .ඒවා පොදුවේ රටේ යහපතට සේම ගොවි ජනයාගේද යහපතට හේතු වනු ඇත.කෘෂිකර්ම දෙපාරතමේන්තුවේ ඇස්ත මේන්තු අනුව රිලවුන්, වදුරන් හා දඬු ලේනුන් වසරකට විනාශ කරන පොල් ගෙඩි සංඛියාව ගෙඩි මිලයන 200.එහි වටිනාකම රුපියල් මිලියන 15000 ක් පමණ විය හැකිය.වගාවන්ට හානි කරන වන සතුන් සම්බන්දයෙන් ආංඩුව ගෙන තිබෙන එක් වැදගත්ම පියවරක් වනුයේ තොරාගත් සතුන් හය දෙනෙකු ( මොනරා, රිලවා, වදුරා, දඬු ලේනා, ඉත්තෑවා හා වල් ඌරා ) ආරක්ෂිත සතුන් ලේඛනයෙන් ඉවත් කිරීමය.දැන් වගාවන්ට හානිකරන එම වන සතුන් දඩයම් කිරීමේ අයිතිය ගොවීන්ට තිබෙන්නේය.ඒ සමග දඩයම් කරන මස් ලඟ තබාගැනීමේ, ප්‍රවාහනය කිරීමේ හා විකිනීමේ අයතියද ලබාදී ඇත්දැයි පැහැදිලි නැත.ඒ අයිතියද ලබා දිය යුතුය.එවිට දඩමස් විවුර්ත වෙලඳ පොලේ මිලදී ගත හැකි දෙයක් බවට පත්වනු ඇත.ලංකාවේ මිනිසුන් අතර වල් ඌරු මස් වලට තිබෙන ඉල්ලුම විශාලය.ආණ්ඩුව සතුව තිබෙන පතුරන් තුවක්කු පතුරම් කිහිපයක් සමග ග්‍රාම සේවක මගින් හෝ වෙනත් අකාරයකට දින දෙකක් වැනි කෙටි කාලයක් සදහා බදු දෙන ක්‍රමයක් ඇති කළ හැකිය.ඒ මහින් ආණ්ඩුවටද ආදායම් උපයා ගත හැකි අලුත් මාර්ගයක් ඇති කර ගත හැකිය දඩමස් ජනප්‍රිය අහාරයක් බවට පත් කිරීම රටේ ගම්බද ලොකු සෞඛ්‍ය ප්‍රස්නයක් වී තිබෙන ප්‍රෝටීන් ඌනතවයටද පිලියමකි.රිලවුන් තොග වශයෙන් අපනයනය කිරීම වැදගත් වන්නේ ලංකාවේ මිනිසුන් වදුරන් ආහාරයට ගන්නා මුත් රිලවුන් අහාරයට නොගන්නා නිසාය.රටේ අලි මිනිස් ගැටුම විසදාගත යුතුව තිබෙන්නේද ඊට සමාන ආකාරයකටය.මා මීට කලකට ඉහතදී ප්‍රකාශ කර තිබෙන පරිදි අලින්ට වෙන්කර තිබෙන කැලෑවල නඩත්තුකල හැකි උපරිම අලි සංඛියාව 2000 ක් වුවත් දැන් ඒවාහී සිටින අලි සංඛියාව දෙගුනයකට ත වඩා වැඩිය.අලි මිනිස් ගැටුම හා අලින් විසින් සිදුකරන විනාසය උපරිම මට්ටමකට වර්ධනය වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.ලංකාවේ කැලෑවලට නඩත්තු කල හැකි අලි සංඛියාව නිවරදි ලෙස ගනනය කොට ඉතිරි අලි විදේශ රටවලට විකුණන ප්රතිපත්තියකට යාහැකිය.අලි විදේශ රටවලට අපනයනය කිරීම ලංකාවට නුපුරුදු වෙළදාමක් නොවන අතර ඒ මගින් ලොකු ආදායමක් උපයාගැනීමට හැකියාව තිබෙනවා සේම අලි මිනිස් ගැටුමෙන් දෙපක්ෂයට වන හානිය අවම කර ගැනීමේ හැකියාවද ලැබෙන්නේය.
ලංකාවට දැන් මුහුණ දී තිබෙන අර්බුදය ජයගනිමින් දියුණු රටක් බවට පත්වීමට හැකිවනු ඇත්තේ කාඩා වැටී තිබෙන ආර්ථිකයට අතිරේකව කැබලිවී තිබෙන සමාජ ක්රමයද බිඳ වැටී තිබෙන දේසපාලන ක්‍රමය ද ප්රතිනිර්මානය කර ගැනීමට හේතුවන ප්රතිසංස්කරන වැඩ සටහනකට රට යොමු කිරීමෙනි.රටට අවශ්‍ය සහල් වියලි කලාපයෙන් නිපදවා ගන්නා අතර තෙත් කලාපයේ කුඹුරු ඉඩම් අපනයන භෝග වගාවන් සදහා( ඉස්සන් ගොවිපලවල්, මාලු ගොවිපලවල්, තාරා හා පාත්ත ගොවිපවල්, මී හරක් ගොවිපලවල් වැනි)ඵලදායි ලෙස යොදාගත හැකි නම් ගොවීන් උපන අදායම් සමහර විට තෙගුන කළ හැකිය
වික්ටර් අයිවන් විසිනි.