මගේ ගායන ජීවිතය නිසා මගේ බිරිඳ මගෙන් ඈත් වුණා – ලක්ෂ්මන් හේවාවිතාරණ

මගේ ගායන ජීවිතය නිසා මගේ බිරිඳ මගෙන් ඈත් වුණා – ලක්ෂ්මන් හේවාවිතාරණ

My wife left me because of my singing career – Lakshman Hewavitharana

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි ලක්ෂ්මන් හේවාවිතාරණ කියලා කියන්නේ. ඒ වගේම ඔහුගේ පළමු ගීතය වන ‘මං අහන්නේ නම් නැහැ රත්තරනේ’ කියන ගීතය අදටත් අපේ රටේ ඉතාම ජනප්‍රියයි. ඉතින් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක් වන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ප්‍රවීණ ගායක ගුණදාස කපුගේ තමයි ඔහුට ගීතයක් කරන්න කියලා අදහස ලබා දීල තියෙන්නේ. ඒ වගේම ප්‍රංශයට ආව වෙලාවක ඔහුට කිව්වාලු ගීතයක් කරන්න හොඳ හඬක් තියෙනවා කියලා. ඉතින් ඒ විදිහට තමයි ඔහු 2002 අවුරුද්දේ පළමු ගීතය කරන්නේ. කොහොම නමුත් ඔහු ප්‍රංශයට පදිංචියට යන්නේ 1994 වර්ෂයේ. එතකොට ඔහුගේ වයස අවුරුදු 19යි. ඒ වගේම ඔහුට එහේ පෙම්වතියක් හිටියා කියලත් ලක්ෂ්මන් කියනවා. ඉතින් ඒ ඇය පෙම්වතිය විදිහට හඳුන්වලා දෙනවට වඩා ඒ ඔහුගේ බිරිඳ කිව්වොත් හරි කියලයි ලක්ෂ්මන් නම් කියන්නේ. නමුත් ඇය එක්ක ඔහු එක ගෙදර ජීවත් වුණාට විවාහ වෙලා හිටියේ නැහැ කියලත් ඔහු කියන්නේ.

ඉතින් ගායන ජීවිතයත් එක්ක ඇය ඔහුගේ ළඟින් ඈත් වුණා කියලයි ලක්ෂ්මන් නම් කියන්නේ. හැබැයි අදටත් ඔවුන් අතර ආදරණීය බැඳීමක් තියෙනවාලු. ඒ නිසාම ඇය ලංකාවට එනවාලු ඔහුව බලන්නම. ඒ වගේම ගායනය නිසා තමයිලු ඔහුට ඇයව මඟ හැරුණේ. ඒ වගේම ‘මං අහන්නෙ නම් නෑ රත්තරනේ’ කියන ගීතය ඔහු ඇයව හිතේ තියාගෙන ලියැවුණු එකක් කියලයි ලක්ෂ්මන් කියන්නේ. නමුත් මේ ගීතය පොදු ගීතයක් විදිහට ආදරණීය රසිකයින් වැලඳ ගත්තා කියලත් ඔහු කියනවා. හැබැයි කවදාවත් ඔහුට ප්‍රේමයේ අඩුපාඩුවක් දැනිලා නැහැලු.

ඉතින් ආදරේ කරන කෙනා කතාබහ කරලා ඉන්නවා නම් ඒ ඇති කියලයි ඔහු කියන්නේ. එයා කා ළඟ කොහේ හෝ හොඳින් සතුටින් ඉන්න ඕන කියලා විතරයිලු ඔහු හිතන්නේ. ඒ වගේම මේ මාස දෙකට ඔහු ගීත හතරක් නිර්මාණය කරළා තියෙනවා. ඒ තමයි දෝණියේ, ඔය ප්‍රේමයේ මල, සිත්පුරා සිහිනයේ, පාට පාටින් හීන තරුමල් කියන ගීත. කොහොම නමුත් දැන් රටේ තියෙන ප්‍රශ්නත් එක්ක රූප රචනා කරන්න බැහැ කියලයි ඔහු කියන්නේ. මොකද ලොකු වියදමක් යන නිසා. නමුත් ඉස්සර නම් සීඩී පටයක් කරලා ලොකු ලාභයකුත් ගත්තා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

CATEGORIES
TAGS
Share This