තෘප්තිමත් පළමු ලිංගික අත්දැකීමක පහස විඳීමට ඉඟි

තෘප්තිමත් පළමු ලිංගික අත්දැකීමක පහස විඳීමට ඉඟි

Exploring the Unknown: Tips to Enjoy a Satisfying First Time Sex

පළමු ලිංගික අත්දැකීම කියන්නෙ අපි හරි ම කල්පනාවෙන් ගන්න ඕනෙ දෙයක්. මොකද ඒ මතකය සුන්දර වෙන්නෙත් අසුන්දර වෙන්නෙත් අපි ඒක approach කරන විදියත් එක. හැබැයි, අපි දේවල් ගැන හොඳින් දැනගෙන මුලින් ම ලිංගික ව එකතු වෙන්න සූදානම් වුණොත්, ගැටලු අවම කරගන්න පුලුවන්.

දෙන්නා කතා කරගන්න එක ඉතාම වටිනවා.

කාත් එක්ක හරි ලිංගික අත්දැකීමක් ගන්න කලින් අදාළ දෙන්නා බොහොම පැහැදිලි ව ඒ ගැන කතා කරගෙන තියෙන්න ඕනෙ. ගැහැණු ළමයෙක් වුණත්, පිරිමි ළමයෙක් වුණත් තමන් කරන දේ ගැන වගකීම අද නෙවෙයි කවදා වුණත් තමන්ට ගන්න පුලුවන් ද කියන කාරණේ ගැන කල්පනා කරන්න ඕනෙ. අනිත් අතට, සෙක්ස් කරා කියන්නේ එයා ඔයාගෙ දේපළක් බවට පත් වෙනවා කියන එක නෙවෙයි. ඒ වගේ ම, එයා ආස දේවල් මොනවද කියලත් ඒවා ඔයාට කරන්න පුලුවන් සීමාවත්, රිදෙනවනම් – අපහසු නම් නවත්තන්න ඕනෙ ද කියන ඒවාත් කතා කරගන්න ඕනෙ. මේක ඔයාලා දෙන්නගෙ ම කැමැත්තෙන් වෙන දෙයක් මිස එක්කෙනෙක්ගෙ කැමැත්තට වෙන දෙයක් නොවෙන්න ඕනෙ. කන්‍යා පටලය ගැන දේවල් internet එකේ හරි බලාගෙන යන්න.

අවුලේ වැටෙන් නැතුව නීතිය ගැන ටිකක් දැනගෙන ඉන්න එකත් වැදගත්

අවුරුදු 16ට අඩු කෙනෙක් එක්ක එයාගෙ කැමැත්තෙන් ලිංගික ව එකතු වුණත්, අකමැත්තෙන් එකතු වුණත් ඒක ලංකාවේ දැනට පවතින නීතියට අනුව වරදක්. ඒ කියන්නෙ, එක්කෙනෙක් හරි වයස අවුරුදු දාසයට අඩු නම්, ලංකාවේ නීතියට අනුව නම් ඒක වරදක්.

ඒ වගේ ම ඔයාගෙ එයා නීත්‍යානුකූල ව අන්සතු මලක් නම්, නීතිය ඒ ගැන වක්‍රාකාරයෙන් බලපාන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. ඔයාලා දෙන්නා රූම් එකක ඉන්න කොට එයාගෙ නීත්‍යානුකූල නෝනා හරි මහත්තයා හරි පොලිසිය එක්ක එතනට කඩා වැදුණොත්, ඔයාලට පොලිසියෙදි කට උත්තරයක් දෙන්න වෙනවා. ඒ වගේ ම, එයාගෙ නෝනට හරි මහත්තයට හරි අනාචාරය යටතේ දික්කසාදය ඉල්ලන්න මේක හොඳ සාක්ෂියක් වෙන්න පුලුවන්.

තැනක්, වෙලාවක්, කලාවක් තියෙන්න ඕනා!

තැනක් වෙලාවක් කොහොමත් ඕනිනෙ. මෙතනදි ලිස්ට් එකට ඒක දැම්මේ ඇයි බලමු ද? ප්‍රධානතම ලිංගික අවයවය මොළය කියලා අපි දැන් දන්නවා. ඔයා relax වුණේ නැත්නම්, විශේෂයෙන් ම පළවෙනි පාර මේක ටිකක් සංකීර්ණ වෙන්න පුලුවන්. පළවෙනි පාර නෙවෙයි කීවෙනි පාර වුණත් ඔයා relax නැත්නම් කරන්න බෑ. ඉතින්, කවුරුත් එයිද ? ඉක්මනින් යන්න ඕනෙ, හිත හිත නම් පළවෙනි ලිංගික අත්දැකීම ගන්න යන්න හිතන්න එපා. දෙන්නාටම සුවපහසු, ආරක්ෂාකාරී හැඟීමක් දැනෙන, ඒ වගේ ම ඇත්තට ම ආරක්ෂාකාරී වගකීම්සහගත ස්ථානයක් තෝරගන්න. සමහර Hotel rooms වල hidden කැමරා තියෙන බවත් ඔයා දන්නවා ඇති. Hidden cameraවලින් වගේ ම, ඔයාල දෙන්නම දැනුවත් ව ෆොටෝ හරි වීඩියෝ හරි කළත්, leak වුණොත් වෙන්නෙ එකම දේවල් ටික කියලත් මතක තියාගන්න.

ආරක්‍ෂිත වෙන්න ඕන නිසා කොන්ඩමයක් ගෙනියන්න්න හොදයි!

ආදරේ කරන කෙනා එක්ක පළවෙනි පාරට ලිංගික ව එක්වෙන්න යනකොට කොන්ඩම් එකක් මොකටද කියලා හිතෙනව ද ? හිතුණට කමක් නෑ. ඔයා ලිංගික ව සම්ප්‍රේෂණය වෙන රෝගවලට හැදෙනවට කැමති නැත්නම්, අනිවාර්යයෙන් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න ඕනෙ. එකක් නෙවෙයි. ගොඩක් ගෙනියන්න. ඒකට එයාද ඔයාද අදාළ නෑ. දැන් එක එක රස, එක එක වෙනස් experience දෙන කොන්ඩම් තියෙනවා. ඔයාලා දෙන්න හොඳින් කතා කරගෙන ආස දේවල් දන්න හින්දා එයාව surprise කරන්නත් පුලුවන්!

දැන් බොහෝ දෙනෙක්ට පෙරදීත් ලිංගික සම්බන්ධතා තිබිලා තියෙනවා. කීයක් තිබ්බද එයා එක්ක මොනවා කරාද කිය කිය තැවි තැවි ඉන්න එක පුද්ගලික සහ සදාචාරාත්මක කාරණවක්. ඒත්, හැකිනම් අදාළ පරීක්ෂණ ටික කරගෙන ප්‍රශ්නයක් නැද්ද කියලා තහවුරු කරගන්න.

මිස් ෆයර් වෙන්න පුළුවන් නිසා පසු උපත් පාලන ක්‍රමයක් බලන එකත් හොදයි!

ගොඩක් වෙලාවට මේ පළවෙනි ලිංගික එකතු වීමෙදි ඔයාල බබෙක් බලාපොරොත්තු වෙන්නෙ නෑනෙ. අනිත් අතට, එහෙම නැතිව මේකෙදි බබෙක් ආවොත් ඔක්කොම කණපිට පෙරලෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ගැනත් කතා කරගන්න. කොන්ඩම් දානවද, ඩේට් බලනවද, කොටුවට ටිකට් අරන් මරදානෙන් බහිනවද, හදිස්සියේ බහින්න බැරි වුණොත් මොකද කරන්නෙ කියන දේවල් ටිකත් අනිවාර්යයෙන් ම කතා කරන්න. කිසි ම උපත් පාලන ක්‍රමයක් 100%ක නැති බවත් මතක තියාගන්න.

තව ඉතින් වෙන මොනවද…. සතුට මිස…!

කලින් කී දෙනෙක් එක්ක මොනවා කළත්, මේ ඔයාල දෙන්නගෙ අත්දැකීම නෙ.. ඉතින් පොඩි චකිතයක් හිතේ තියෙන්න පුලුවන්. ඒකත් එක්ක, විශේෂයෙන් ගෑණු ළමයින්ට wet වෙන එක අඩු වෙන්න පුලුවන්. පිරිමි ළමයින්ට ලිංගික අවයවය ප්‍රාණවත් වෙන්නෙ නැති වෙන්න පුලුවන්. කරන දේ හරියට කරගන්න බැරි වෙන්න පුලුවන්. ඒ හැටි නෙවෙයි සමහර විට එහෙම වෙන්න පුලුවන් බවයි කියන්නෙ. අපි බලන porn වල වගේ හැමදේම වෙන්නෙ නෑ. ඒක සූදානම් කරගත්තු රඟපෑමක්නෙ. එතකොට මොකද කරන්නෙ.

ආයෙ ම පළවෙනි දේ සන්නිවේනය. එයාව පොඩ්ඩක් motivate කරන්න. පොඩ්ඩක් වෙලාව දෙන්න. ඒ වගේ ම foreplay එකට, එහෙම නැත්නම් පූර්ව ලිංගික ක්‍රියාවලට ලොකු වෙලාවක් ගන්න. පැයක් වුණත් කමක් නෑ. ඇදල ගත්තා දමල ගැහුවා තියරිය නම් දාන්න ම එපා – එයා ලෑස්ති නැත්නම්. ඔයා ගෑණු ළමයෙක් වුණත්, පිරිමි ළමයෙක් වුණත්!

ඒ වගේ ම, lubricant එකක් පාවිච්චි කරන්න. ඒක ඔයාලා දෙන්නට ම පහසුවක් වෙයි. කොන්ඩම් දානවා නම් oil based lubricant එකක් පාවිච්චි කරන්න එපා. ඩැමේජ් වෙන්න පුලුවන්. බේබික්‍රීම්, බේබි ඔයිල්, වැස්ලීන් එපා! ලිංගික කටයුතු වෙනුවෙන් ම හදපු lubricant එකක් සුලු ගාණකට ෆාමසි එකකින් ගන්න පුලුවන්.

ඕවා රේස් ගියාට ජීවිතේ රේස් යන්න බෑනේ…

ඔයාල දෙන්නගෙ මේ සම්බන්ධෙ කොහෙන් කොහොම කෙළවර වුණත් , ඔයාල දෙන්නා සදාචාරාත්මක මිනිස්සු විදියට ඒ විශ්වාසය රකින්න. එයාව අල්ලෙ නටවන්න මේක මාර්ගයක් කරගන්න එපා. නොගැළපෙනවානම් සාමදානෙන් කතා කරලා වෙන් වෙන්න. එකිනෙකාට ගෞරවනීය වෙන්න. ලිංගික සම්බන්ධතාවක් සුන්දර වෙන්නෙ ඔයා එවෙලෙ හැසිරෙන විදියෙන් විතරක් නෙවෙයි. එතනින් එළියට ආවම හැසිරෙන විදියත් ඊට අදාළයි.

Sexual Consent Is Key
CATEGORIES
Share This