
මොන ජගතා වුනත් අදරේදී අන්ධ වෙනවා-උද්දික ප්‍රේමරත්න
මම දැන් අවුරුදු 2ක් තිස්සේ රෙහාන් වෙනුවෙන්ම උඩු රැව්ල වවනවා
මේ දිනවල පුංචි තිරය ඔස්සේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් මද්‍යයේ විකාශනය වන පාරදිගේ ටෙලිනාට්‍යයේ රෙහාන්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි උද්දික ප්‍රේමරත්න කියලා කියන්නේ. ඒ වගේම චරිතාංග නළුවකු ලෙස පුංචි තිරයේ, සිනමාවේ, වේදිකාවේ එක ලෙස ජනප්‍රිය ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් දැන් රෙහාන්, සරණි පුංචි තිරයේ එක යුගයක් නිර්මාණය කරපු යුවළක් වෙලා තියෙනවා කියලයි ඔහු කියන්නේ. මොකද සමාජ මාධ්‍ය තුළ වගේම මග තොටේදි කවුරු මුණගැහුනත් රෙහාන්ටයි සරණිටයි සුබ පතන්න අමතක කරන්නේ නැහැ කියලත් උද්දික කියනවා. ඉතින් රෙහාන් සහ සරණිට මිනිස්සු වශීවෙලා කිව්වොත් හරියටම හරි. ඒ වගේම කොයි ජගතා වුණත් කොයි තරාතිරමේ හිටියත් ආදරේ ඇතුළෙ අන්ධ වෙනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් ආදරේ ඇතුළෙ රැවටෙන්න පුළුවන් වගේම ආදරේ ඇතුලේ හැමදේම නැති වෙන්නත් පුලුවන් වුනත්, ඒ වගේම ආදරේ ඇතුළේ අවංක වෙන්නත් පුළුවන් කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඕනෑම කෙනෙක් ආදරේට හරිම කැමති නිසා ආදරය ඉස්සරහ තරාතිරම අමතක වෙන්න පුළුවන් කියලත් ඔහු කියනවා.

ඒ වගේම චරිතයේ හැටියට සරණි රැවුල වවනවාට කැමතිම නැහැ කියලයි ඔහු කියන්නේ. ඉතින් රෙහාන් වෙනුවෙන් ඔහුගේ ස්වරූප වෙනස් කරගන්න වුනේ චරිතේ හැටියට තියෙන්නේ ටිකක් වැඩිමල් කෙනෙක් තරුණ ගෑනු ළමයෙකුට ආදරය කිරීම නිසා කියලත් ඔහු කියනවා. ඒ වගේම එතකොට රෙහාන් වෙනුවෙන් ඔහුට උඩු රැවුල වවන්න සිද්ධ වුණාලු. ඉතින් දැන් අවුරුදු 2ක ඉඳලා චරිතය වෙනුවෙන්ම ඔහු උඩ රැවුල වවනවා කියලයි උද්දික නම් කියන්නේ. ඒ වගේම පාරඳිගේ කවදාහාරි ඉවර වුණ දවසට තමයිලු ඔහු රැවුල කපලා කෙට්ටු වෙන්න වෙන්නේ. කොහොම නමුත් චරිතයක් වෙනුවෙන් රංගන ශිල්පියෙක් විදියට ඒ කැපකිරීම ඔහු දකින්නේ වගකීමක් විඳිහට කියලත් උද්දික කියනවා.

ඒ වගේම ඔහු මේ දවස්වල නම් වැඩ කරන්නේ පාරදිගේ ටෙලි නාට්‍යයේ විතරයිලු. මොකද රැවුල නිසා වෙනත් චරිතයකට යන්න අමාරුයි කියලයි ඔහු කියන්නේ. ඉතින් දැන් ආරාධනා නම් අඩුවක් නැති වුනත් මොන නිර්මාණය කරන්නත් ඔහුට නිදහස ලැබෙන්නේ රෙහාන්ගෙන් නිදහස් වුණු දවසට කියලයි උද්දික අවසාන වශයෙන් පවසලා තිබුනේ.