
Cargills has opened its new state-of-the-art distribution center in Miriswatte, Katana
Cargills සමාගම සිය නවීන මධ්‍යම බෙදාහැරීමේ මධ්‍යස්ථානය කටාන මිරිස්වත්ත ප්‍රදේශයේ දී මෑතකදී විවෘත කළේය.
Cargills opened its new state-of-the-art distribution center in Miriswatte, Katana on the 8th of February.
It becomes the largest distribution center operated by a food company in Sri Lanka. The new facility will streamline the Group’s logistics operation and support hundreds of SMEs who rely on the Group to distribute their products across the country.

The 325,000 sq.ft facility includes temperature controlled storage space and has capacity to handle over 20,000 palates. Reaffirming the Group’s commitment to transition towards renewable energy, the Distribution Center is installed with 1Mw of solar power capacity.
2023 පෙබරවාරි 8, කොළඹ සිය ගමන් මගේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් කාගිල්ස් (සිලෝන්) පොදු සමාගම 2023 පෙබරවාරි මස 8 වනදා සිය නව මධ්‍යම බෙදාහැරීමේ මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

ගත වූ වසර 40 ඉක්මවූ කාලය තුළදී කාගිල්ස් ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර නිෂ්පාදන සමාගම ලෙසින් වර්ධනය වී ඇත්තේ වෙළඳපොළවල් නිර්මාණය කිරීම සහ ගොවි ප්‍රජාවට මෙන්ම දේශීය ව්‍යවසායකයින්ට සහය වීම සිය ප්‍රමුඛත්වය කරගනිමිනි.
ඒ අනුව කාගිල්ස් හි දර්ශනය පදනම් වී ඇත්තේ ප්‍රජා සංවර්ධනය සහ වඩා හොඳ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවීම කෙරෙහිය.
කටාන ප්‍රදේශයේ පිහිටා ඇති, අක්කර 28 ක පමණ පැතිරුණු මෙම නව මධ්‍යස්ථානය වෙනුවෙන් සිදු කර ඇති ආයෝජනය රුපියල් බිලියන 4 ක් පමණ වේ.
මෙය සමාගමේ සැපයුම් දාම පද්ධතිය තවත් ඉහළ නැංවීමට සහ කාර්යක්ෂමතාවය සහ ඵලදායීත්වය වැඩි කරමින් බිම් මට්ටමේ ආර්ථික තත්ත්වයන් වැඩි දියුණු කිරීමට සමාගම තුළ ඇති කැපවීමේ සංඛේතයක් ලෙසින් හැඳින්විය හැකිය.
මෙම මධ්‍යස්ථානයෙන් දිනකට සාමාන්‍යයෙන් ඝන අඩි 50,000ක ප්‍රමාණයක් බෙදාහැරීමේ පහසුකම් පවතී.
වර්ග අඩි 325,000 ක් පුරා නවීන තාක්ෂණය යොදවමින් නිමවූ මෙම පරිශ්‍රය පිරිවැය අඩු කිරීමේ සිට දේශීය ව්‍යාපාර සංවර්ධනය කිරීම දක්වාම වෙන් කර ඇත්තේ ඍජුවම පාරිභෝගිකයින් වෙත ප්‍රතිලාභ ලැබෙන අයුරෙනි.
මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය හරහා රට පුරා දැරිය හැකි මිලකට පෝෂණය ලබා දීමට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වඩා හොඳ සේවාවක් ලබා දීමටත්, ඔවුන්ට වෙළඳපොළ වෙත පහසු ප්‍රවේශයක් ලබා දීමටත් හැකියාව ලැබෙනු ඇත.

එසේම දිනකට දිවයින වටා වට 45 ක දුරක් ආවරණය කරනා පුළුල් බෙදාහැරීමේ ජාලයක්ද කාගිල්ස් සතුව ඇත.
මෙම සමාරම්භක අවස්ථාවේදී අදහස් පළ කරමින් කාගිල්ස් සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අර්ජුන කුමාරසිංහ මහතා පවසා සිටියේ, ‘අපගේ මෙම නවතම ආයෝජනය මෙහෙයුම් විශිෂ්ටත්වයේ සහ තාක්ෂණයේ මංසළකුණකට එහා ගිය දෙයක්.
මේ හරහා වඩා හොඳ සැපයුම් දාමයක් තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ගොවියන් නගා සිටුවමින් දේශය සංවර්ධනය කිරීමට දායක වීමට අපට හැකියාව ලැබෙනවා. ගුවන් තොටුපළ සහ වරාය අතර සැලසුම්සහගතව පිහිටා ඇති නිසා සුමට සැපයුමක් සහතික කරන්න අපිට පුළුවන්.
මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය දේශය ගොඩනංවන අතරේ අපගේ ව්‍යාපාරය දියුණු කිරීම කරා යන තිරසර ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් වනු ඇති බව අපේ විශ්වාසයයි’ යනුවෙනි.
පරිසරය වෙනුවෙන් ඇති සිය කැපවීම යළි තහවුරු කරමින් මෙම මධ්‍යස්ථානයේ මෙගාවොට් එකක සූර්යබල පද්ධතියක් සහ වැසි ජල රැස්කිරීමේ පද්ධතියකින්ද සමන්විත වේ.

එසේම මෙහි රථගාල නවීකරණය කරන ලද ප්ලාස්ටික් ඇස්පොල්ට් තාර (PMAC) භාවිතයෙන් සකස් කර ඇති අතර ඒ සඳහා ප්‍රතිචක්‍රීය කළ නොහැකි ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 4600 ක් භාවිත කර ඇත.
මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය නිසා කාගිල්ස් සමාගම හට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීමට කැපවිය හැකි අතර ඒ හරහා ආනයනිත නිෂ්පාදන මත රඳා පැවතීම වෙනුවට දේශීය නිෂ්පාදන ගැන අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.
රට තුළ ආහාර උද්ධමනය ඉහළ ගොස් ඇති මෙවන් කාලයක ව්‍යවසායකයින් හා පාරිභෝගිකයින්ට මෙම මධ්‍යස්ථානය හරහා සිදුවන සේවාව තුළින් ඒ බර අඩු කිරීමට හැකියාව සැලසෙනු ඇත.
මේ වනවිට කාගිල්ස් සතුව සැපයුම්කරුවන් 900කට වැඩි පිරිසක් සිටින අතර ඉන් 320ක් පමණ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ය.
සමාගම හා බැඳී සිටිනා ගොවියන් 20,000 ක පමණ පිරිසක් සිටින අතර දේශීය නිෂ්පාදකයින්ට සහය වීමට සහ අපනයන අවස්ථාවන් නිර්මාණය කිරීම වෙනුවෙන් අනාගතයේ තව තවත් ඉහළ නැංවීමේ සැලසුමෙන් නිර්මාණය කර ඇති මෙම මධ්‍යස්ථානයෙන් ඔවුන්ද විශාල ප්‍රතිලාභ ලබනු ඇත.