
පිරමිඩ් වංචා හඳුනා ගන්නේ කෙසේද සහ වළක්වා ගන්නේ කෙසේද? පොන්සි පිරමිඩ් යෝජනා ක්‍රමවල හොර හෙළිදරව් කිරීම.
How to Spot and Avoid Pyramid Scams? Unraveling the Mysteries of Ponzi Schemes.
මේ දවස් ටිකේම පිරමීඩ යොජනා ක්‍රම, ජාල අලවිකරණය හා පොන්සි ව්‍යාපාර ගැන සමාජ මාධ්‍ය තුල සෑහෙන්න කතාහබට ලක්උනා ඔයාල දකින්න ඇති. කොච්චර මිනිස්සුන්ව දැනුවත් කරන්න උත්සහා කරත් ඒක වැඩක් වෙන්නේ නැත්තේ ඇයිද කියන එක ප්‍රශ්නයක්.
පිරමීඩ ජාවාරම් ගැන නොදන්න කෙනෙක් ඉනවනම් වෙන්න බෑ. ඒත් වැඩේ තියෙන්නෙ මේක ගැන දැන දැනත් මිනිස්සු මේකට අහුවෙන එකයි. මේ පිරමීඩ ව්‍යාපාර ඇත්තටම මුලු සමාජයටම පිළිලයක්.
මේ Covid වසංගතයත් එක්ක මේ පිරමීඩ ව්‍යාපාර ජාවාරම ජයටම කෙරීගෙන යනවා. මේ වෙනකොටත් මේ පිරමීඩ ව්‍යාපාරයක් කියන්නෙ මොකක්ද කියන එක ගැන ඔක්කොමලා දන්නවා ඇති කියලා. පිරමීඩ කාරයෝ නැත්නම් ‘ඊජිප්තු කාරයෝ’ මේ වැඩේට මිනිස්සුන්ව අල්ලගන්න කියන ලස්සන සුරංගනා කතා ගැන. ඉතින් ඒ කියන කතා ගැන කතා කරගෙන යන්නම්. කියවගෙන යද්දි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයාටත් මේ වගේ සුරංගනා කතා කියපු යාලුවෝ හිටියද කියල. මෙතනින් පස්සේ මේ පිරමීඩ කාරයෝන්ට X කියල කියන්නම්.
ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ දවසකට පැයක් දෙකක් වියදම් කරලා ලොකු ගානක් හොයමුද?
ඔය උඩ තියන එක කියලා තමයි මේ X කට්ටිය වැඩෙට බහින්නේ. මෙතන විශේෂත්වේ තමයි ඔතනින් එහාට දැනගන්න ඔනේ නම් ඔයාට Direct Message කරන්න වෙනවා. මොකද ඔය X කට්ටිය දන්නවා ඕක ප්‍රසිද්ධියේ කියන්න ගියොත් වැඩේ දෙල් වෙලා යන බව. ඔතන ඉදන් මේ අය ඔයාගේ ඔලුව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරන්න ගන්නවා. මේ වැඩේට ඔයාව බොහෝ වෙලාවට ඇදලා ගන්න හදන්නේ ඔයාගේම යාලුවෙක්ම තමා. ඒ වෙනකොටත් ඔයාගේ යාලුවාගෙත් ඔලුව ඔය X කට්ටිය වෙනස් කරලා ඉවරයි. ඔය පහල තියෙන Image එක බලන්න ඒ විදියට තමා මේ කට්ටිය වැඩේ පටන්ගන්නේ.

“මෙතන ලොකු දෙයක් කරන්න ඔනේ නෑ බං. පොඩ්ඩක් මහන්සි උනා නම් නිකන්ම මාසෙට දහපහලොස් දාහක් ගන්න පුලුවන්. හැබැයි මුලින්ම වැඩේට පොඩි ගානක් වියදම් කරන්න වෙනවා. අපි එකතු වෙලා වැඩේට බහිමු” ඔන්න ඔහොම තමයි බහුතරයක් X කට්ටිය කතාව පටන් ගන්නේ.
මේකට කියන්නේ Network Marketing කියලා
ඇත්තටම මේකට කියන්නේ Network Marketing (නෙට්වර්ක් මාකටින්/ඩිරෙක්ට් සේල්ස්/මල්ටි ලෙවල් මාකටින්) කියල.මේ ගැන නොදන්න මිනිස්සු මේකට පිරමීඩ් කියලා කියනවා. මේක මුලු ලෝකේම පිලිගත්ත ව්‍යාපාර ක්‍රමයක්. ඒක නිසා මේ ගැන බයවෙන්න කොහෙත්ම අවශ්‍ය නෑ ඕක තමා මේ X කට්ටියගේ ඊලග රුවන් වැකිය. ඇත්ත ලෝකේ Network Marketing කියල දෙයක් තියෙනවා තමයි, හැබැයි එතනදී මූලික වෙන්නේ විකුණන භාන්ඩය.
ඒකත් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව. හැබැයි මේ X කට්ටියගෙ මූලික අරමුණ කිසිම වැඩකට නැති භාණ්ඩයක් (වෙලදපලේ මිලටත් වඩා වැඩියෙන්) විකුණන මුවාවෙන් තව තවත් පිරිස එකතු කරගන්න එක. වැඩියෙන් එකතු කරගන්න ගානට තමා වැඩි වැඩියෙන් ආදායම ලැබෙන්නේ. මේ කට්ටිය කියන්නේ අපි TV එකේ ඇඩ් දාන්නේ නැති නිසා මේ ඇඩ්වලට යන මුදල අපි ඔයගොල්ලෝ අතරේ බෙදලා දෙනවා කියලා තමයි.
දැන් අපේ යාලුවෙක් බලෙන්ම වගේ අපිව මේ වැඩේට කැමති කරගත්තා කියමුකෝ. ඊලගට මේ X කට්ටිය කරන්නෙ මේ වැඩේ ගැන අපි තුල විස්වාසය ඇති කරන එක. එකට මේ වෙද්දි නම් මේ වැඩේට Zoom Meetings පාවිච්චි කරනවා. මේ Meetingවලදී අපිට කතා කරන්නවත් Message දාන්නවත් බෑ. ඒ ඔක්කොම මේ අය බ්ලොක් කරලා තියෙන්නේ. කෙලින්ම කියනවනම් මේ Meetingsවලදී කරන්නෙ Brain Wash කරන එක. හේදිල්ල කොච්චරද කියනව නම් මේකට ගියපු කෙනෙක්ට අපි ආයේ මොනවා කිව්වත් වැඩක් නෑ.
මාත් එක දවසක් ගියා ඔය Zoom Meatings එකකට මොනවද කියන්නේ කියල බලන්න. මට ඇත්තටම කලකිරුනා ඒක දැකලා. සමහර වැඩිහිටියෝ මේ ෆුල් සූට් ගහලා දේශනා තියන ගොබිලයෝ කියන එව්වා පොත්වලත් ලියාගන්නවා. හැබැයි ඉතින් මොනවා උනත් සුරංගනා කතා ටිකනම් ලස්සයි. “මම මේ වැඩේට එද්දි මට මොකුත් තිබුනෙ නෑ.හැබැයි දැන් මට BMW කාර් එකකුත් තියෙන්වා. ඔයාලටත් ලේසියෙන්ම මම වගේ වෙන්න පුලුවන්” කොච්චර ලස්සනයිද නේ..

මේක රජයේ ලියාපදිංචි ව්‍යාපාරයක්
ඕක තමයි ඊලග එක ‘මේක රජයේ ලියාපදිංචි ව්‍යාපාරයක්. ඕනෙ නම් Registration Letter එකත් පෙන්නන්නම් ‘. ඔව් ඒක ලියාපදිංචි කරලා තමයි තියෙන්නෙ හැබැයි පිරමීඩ කරනවා කියලා නෙවෙයි වෙන මොකක් හරි කරනවා කියල. ඔන්න ඕක පෙන්නපුවාට පස්සේ තමයි මිනිස්සු ‘ආනේ ඇත්තමයි නේද’ කියල මේකට අහුවෙන්නේ.
ඔය පහලින් දාලා තියෙන්නේ මහ බැංකුව මගින් ඉදිරිපත් කරපු වාර්තාවක් ඒකත් කියවල බලන්න.https://drive.google.com/file/d/1eIrm5a82g3gynkpgltKQelMqfcmHWfVN/preview
මේ වෙන විට මේ X අය Network Marketing කතාවෙන් නවතින්නෙ නැතුව Cryptocurrency පදනම් කරගත් පිරමීඩ ජාවාරමකුත් කරගෙන යනවා.
ඔය ඔක්කොම ඉවර උනාට පස්සේ, පිරමීඩේ උඩම ඉන්න අය හම්බකරගෙන පනීවී. ඔබට සමාජයට මුහුණ දීමට බැරි වේවි. අවසානෙට කියන්න තියෙන්නෙ මේවා ගැන තමනුත් දැනුම්වත් වෙලා තවත් කෙනෙක්වත් දැනුම්වත් කරන්න කියන එක තමා.

පිරමීඩ යෝජනා ක්‍රම
ශ්‍රී ලංකා මහ බැංකුව පිරමීඩ යෝජනා කරමයක් කියන්නේ මොකක්ද කියන එක ගැන පහල තියෙන විදියට තමා අර්ත දැක්වීම දීලා තියෙන්නේ.
“යම් මූල්‍ය යෝජනා ක්‍රමයක් යටතේ කිසියම් පුද්ගලයෙකු එම යෝජනා ක්‍රමයට වෙනත් අය බඳවාගැනීමේ හිමිකම ලබාගැනීම සඳහා ගෙවීමක් සිදු කර, ඒ සඳහා ආදායමක් ලබාගැනීම පිරමීඩ යෝජනා ක්‍රමයක් ලෙස හඳුන්වයි. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ අලුතෙන් ව්‍යාපාරයට එක්වුන පුදගලයින් තමාට ආදායම් උපයාගැනීමට අවශ්‍ය නම් තව තවත් නව සාමාජිකයින්ට මේ ව්‍යාපාරය හඳුන්වා දිය යුතු වීමයි.”
තවත් සරලව කියනවානම් ඔයා මේ මූලයා යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ගන්න යම් කිසි මුදලක් ගෙවන්න ඕනේ.මුදලක් කිව්වට ඒක භාණ්ඩක් වෙන්නත් පුලුවන් ඒ ගැන තව ටිකකින් කතා කරමු.එහෙම සාමජිකත්වය ගත්තට පස්සේ ඔයාට පුලුවන් ඔයාගේ යටතේ තවත් සාමාජිකයෝ බදවා ගන්න එහෙම බදවාගන්නකොට ලැබෙන මුදලෙන් කොටසක් කොමිස් එකක් විදියට ඔයාටත් ලැබෙනවා. මේ විදියට ඔයා බදවගන්න සාමාජිකයොත් තවත් අය මේකට එකතු කරගන්නවා ඒ අයගෙනුත් ගානක් ඔයාට ලැබෙනවා මේ විදියට මේක දිගින් දිගටම සිද්ද වෙනවා. මෙහෙම ස්තර විදියට එකතුවෙන සාමජිකයෝ පෙල ගස්සපුවාම පිරමීඩක් ගැඩයට තමා එන්නේ. ඔන්න ඕක නිසා තමා මේ වගේ මූල්‍ය යෝජනා ක්‍රම වලට පිරමීඩ යෝජනා ක්‍රම කියලා කියන්නේ.
මූලිකව අපිට මේ පිරමීඩ යෝජනා ක්‍රම ශූනය පිරමීඩ යෝජනා ක්‍රම හා නිශ්පාදන මත පදනම් වූ පිරමීඩ යෝජනා ක්‍රම විදියට කොටස් 2කකට වෙන් කරන්න පුලුවන්. අපි ඒ දෙක ගැනත් වෙන වෙනම කතා කරමු.
01. ශූන්‍ය පිරමීඩ යෝජනා ක්‍රම
මේ ආකාරයේ යෝජනා ක්‍රම නම් දැං නැතිතරම්. කමක් නෑ අපි ඒ ගැනත් දැනගෙන ඉමු. උදාහරනයක් විදියට.
එක්තරා පුද්ගලයෙක් (ප්‍රවර්ධකයෙක්) පළමු මට්ටමේ දී තවත් පුද්ගලයින් 10 දෙනෙකු (ආරම්භක පුද්ගලයා එක්කරගන්නා මුල් සාමාජිකයින් පලමු මට්ටම සේ සැලකේ) සහභාගි කරගෙන ඒ එකිනෙක පුද්ගලයා විසින් ඔහුට රුපියල් 100 බැගින් එවන ආකාරයේ යෝප්නා ක්‍රමයක් ආරම්භ කරනවා. මේ පුද්ගලයන් 10 දෙනා තවත් පුද්ගලයින් 100 දෙනෙකු (එක් අයකු 10 දෙනා බැගින්) බඳවා ගන්නවා. මේ ක්‍රියාවලිය මේ ආකාරයෙන් අඛණ්ඩව සිදුවීම සඳහා අලූතින් සහභාගිවන්නන් ද තවත් 10 දෙනෙකු බැගින් බදවාගනිමින් රුපියල් 100 බැගින් ප්‍රවර්ධකයාට එවිය යුතුයි.
මේ විදියට මට්ටම් කිහිපයක්ම මේ ක්‍රියාවලියට එකතු වෙනවා. දැන් එක්තරා මට්ටමකදී ආරම්භක පුද්ගලයා මේ යෝජනා ක්‍රමය තුළින් ඉවත්වන අතර ඔහුට තව දුරටත් ගෙවීම් සිදු කිරීමද නවත්වනවා. දැන් 1 වන මට්ටමේ සිටින සහභාගිවන්නන් 10 දෙනා පිරමීඩයෙහි ඉහළට පිවිසෙන අතර (රූප සටහන බලන්න) පසු මට්ටම් වල සිටින සියලු ම සහභාගිවන්නන් විසින් 1 වන මට්ටමේ සිටින 10 දෙනා යෝජනා ක්‍රමයෙන් ඉවත්වෙන තෙක් රුපියල් 100 බැගින් වන තම ගෙවීම් ඔවුනට කළ යුතුයි. ඊට පසු 2 වන මට්ටමේ සිටින 100 දෙනා පිරමිඩයෙහි ඉහළට ප්‍රවේශවන අතර ක්‍රියාවලිය මේ ආකාරයෙන් අඛණ්ඩව සිදුවේ. 6 වන මට්ටමට ප්‍රවේශ වු විට ආරම්භක ප්‍රවර්ධකයා යෝජනා ක්‍රමයෙන් ඉවත් වේ යැයි සිතුවහොත් ඔහුට කරන මුළු ගෙවීම පහත තියෙන විදියට රුපියල් 111,111,000 ක් විදියට අපිට ගනන් බලන්න පුලුවන්.
ඔයාලට උඩ රූපේ බලපුවාම තේරෙනවා ඇති 7 වෙනි මට්ටමට එනකොට සාමජිකයෝ මිලියනයන 10 ඕනෙ වෙනවා. මිලියන 21 ක් ඉන්න රටෙන් මිලියන 10ක් එකතු කරගන්න පුලුවන්ද බෑනේ ඔන්න ඔය විදියට යට මට්ටම් වලට එනකොට පිරමීඩය කඩා වැටෙනවා ඒ වෙනකොට සල්ලි ගත්ත උඩ උන් ටික පැනගෙන ඉවරයි. යට ඉන්න ඔයාට දාපු සල්ලි ටිකත් අවසානෙට නෑ.
02. භාණ්ඩ මත පදනම්ව සිදුකරන පිරමීඩ යෝජනා ක්‍රම
ශ්‍රී ලංකාව තුල මේ වනවිටත් මේ භාණ්ඩ මත පදනම්ව සිදුවන පිරමීඩ යෝජනා ක්‍රම සිදුවෙමින් පවතිනවා වගේම ජයටම කෙරීගෙන ගිය සමහර යෝජනා ක්‍රමවල අවසානයද සිදුවෙලා අවසන් වෙලා තියෙනවා. ඉතින් මම අර කලින් කිව්ව ටයි කෝට් දාගෙන කාර් එකේ යතුර ඉනේ එල්ලන් ඉන්න ලොකු අයියලා මේකට Network Marketing (නෙට්වර්ක් මාකටින්/ඩිරෙක්ට් සේල්ස්/මල්ටි ලෙවල් මාකටින්) කියලත් කියනවා හැබැයි මේ අයියලා නම් කරන්නේ Network Marketing නෙවේ එකතරා විදියක තවත් එක පිරමීඩ ජාවාරමක් විතරයි. ලොකේ නෙට්වර්ක් මාකටින් කියලා දෙයක් තියෙන්වා හැබැයි මේ ඒක නෙවෙයි, කොහොමද මේ භාණ්ඩ මත පදනම්ව සිදුකරන පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ.
මුලින්ම මෙතනදී වෙන්නේ සාමන්‍ය වෙලදපලේ මිල ගනන් වලට වඩා වැඩි මුදලකට භාන්ඩයක් විකුනන එක. හරියටම කිව්වොත් ඒ භාණ්ඩය මිලදී ගන්න එක තමා අපිට මේ පද්ධතියට ඇතුල් වෙන්න තියෙන යතුර තවත් සරලව කිව්වොත් සාමාජිකත්වය ගන්න එක. ඉතින් එහෙම ඔයා සාමාජිකත්වය ගත්තට පස්සේ ඔයාටත් පුලුව තවත් කට්ටියට මේ භාණ්ඩ විකුනලා එයාලවත් මේකට ඇදලා ගන්න.
මෙහෙම භාණ්ඩ විකුනලා සාමාජිකයන් වැඩි කරගන්න එකට කොමිස් මුදලක් ඔයාට වගේම ඔයාව මේකට ගත්ත කෙනාට සහ ඉන් උඩ ඉන්න අයටත් ලැබෙනවා. හැබැයි මේ කොමිස් මුදල ඔයාගේ යටතේ එක් අයෙක් බදව ගත්ත පමනින්ම ලැබෙන්නේ නැති වෙන්න පුලුවන් ඒකටත් අදාල සමාගම් යැයි පවසන ජාවාරම් කරුවන් වෙනම නීති පද්දතියක් හදලා තියෙනවා.ඉතින් මේ නීති රීති එක එක පිරමීඩ යෝජනා ක්‍රමයෙන් ක්‍රමයට වෙනස් වෙනවා. ඉතින් මෙහෙම පිරමීඩය ඇතුලේ ඉන්න සාමාජිකයින් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න පිරමීඩය බිද වැටෙනවා.
ඒ වෙනකට පිරමීඩයේ උඩ ඉන්න කිහිපදෙනා ඇති තරම් කොමිස් මුදල් ඇරගෙන ඉවරයි. ඔයාට ඉතිරි වෙන්නේ තමන්ට කිසිම වැඩකුත් නැති වෙලදපොලේ මිලටත් වඩා වැඩි ගානකට ගත්ත භාණ්ඩය විතරයි. ඊට අමතරව ඔයා මේකට ඇදලා ගත්ත ඔයාට පහලින් ඉන්න අයගෙන් හොදවින් වචන දෙක තුනකුත් අහගන්න පුලුවන් වෙයි සහ පාරෙ බැහැලා යන්නත් බැරිවෙයි.
පොන්සි යෝජනා ක්‍රම(Ponzi Schemes)

මේක අපි කලින් කතා කරපු පිරමීඩ යෝජනා ක්‍රම වලම updated version එකක් කිව්වත් වැරදි නෑ. මෙතන තියෙන විශේෂත්වය තමා අපි කලින් කතා කරපු ඒවාගේ වගේ පිරමීඩාකාර ව්‍යුහය අපිට හදුනාගන්න නොහැකිවීම සහ කලින් වගේ තැරව්කරුවෙක් ඇතුව හෝ නොමැතිව කෙලින්ම මේ ජාලයට සම්බන්ද වීමට හැකියාව ලැබීම.
මේ ලගකදී උන whaleboost සිද්ධියට ඔයාලට මතක ඇතිනේ ඒකත් අයිති වෙන්නේ අපි මේ දැං කතාකරන්න යන කාණ්ඩයට. 1919-1020 කාලෙ දී ඉතාලි ජාතික Charles Ponzi කියන පුද්ගලයා තමයි මේ පොන්සි යෝජනා ක්‍රම ආරම්භයට මූලික වෙන්නේ. ඒ හේතුව නිසාම තමයි මේවා හදුන්වන්න මේ Ponzi කියන නම යොදා ගන්නෙත්.

මේ ක්‍රමයේදී ඔයාලට වැඩිපුරම ඇහෙන වචනක් තමයි “ආයෝජනය”. ඇත්තටම මෙතනදී වෙන්නේ යම්කිසි සමාගමක්, හෝ පුද්ගලයෙක් ඔයාට කියනවා අපේ සමාගමට මේ මුදල ආයෝජනකරොත් අපි ඔයාට මේ කාලය ඇතුලතදී ඔයා දාපු ගාන වගේ සියයට මේ ප්‍රමාණයක් වැඩි පුර ගෙවනවා වගේ කතාවක්. සාමාන්‍යයෙන් ගනන් බලපුවාම ඒක බැංකුවක ස්තාවර තැම්පතුවකට දෙන පොලී අනුපාතිකයටත් වඩා වැඩි ප්‍රමාණයක්. ඔන්න ඔය හේතුව නිසා තමයි මිනිස්සු මේකට වැඩිපුර පෙලබෙන්නේ.
ඉතින් මෙහෙම ආයෝජනය කරාට පස්සේ මේ අය කියන විදියට ලැබෙන ලාබය (profit) දිනකට වරක්, සතියකට වරක්, මාසයකට වරක් වගේ උනත් ලැබෙන්න පුලුවන් ඒක යෝජනා ක්‍රමය මත වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම මේ ජාලයටත් තවත් සාමාජිකයන් එක් කිරීම මගින් තවත් වැඩිපුර මුදලක් ලබාගන්න පුලුවන්කමත් බහුතරයක් ponzi ක්‍රම වලදී ඔයාට ලැබෙනවා. ඒ වගේම ලස්සන ලස්සන නම් වලින් දාන්න ඕනේ මුදලත් එක්ක එක එක ආයෝජන සැලසුම් (investment plan) එහෙමත් මේ අය හදලා තියෙනවා. මේ ponzi යෝජනා ක්‍රම බහුතරය්ක් ක්‍රියාත්මක වෙන්නේ Online ආකාරයට. ඒ කියන්නේ මේකට මුදල් දැමීම වෙබ් අඩවියක් හරහා බැංකු කාඩ පතක් මගින් වුවත් කරන්න පුලුවන්. ඒ වගේම ඔයාගේ විස්වාසය දිනාගන්න මේ වෙබ් අඩවි හරහා දිනකට සැරයක් complete කරන්න පොඩි පොඩි task එහෙමත් ලැබෙන්න පුලුවන්.
මේ අයගෙන් අපිට වැඩිපුර ගෙවන්න අපි දාන සල්ලි වලට මොනාද කරන්නේ කියලා අහපුවාම ලස්සන කතා ටිකක් නම් කියයි හැබැයි ඇත්තට ඒ සල්ලි වලට ඒ අය කරන දෙයක් නෑ.සාමාජිකයන්ගෙන් ලැබෙන මුදල් ඇරුනකොට කිසිම මුදලක් මේක ඇතුලට එන්නෙත් නෑ. මෙතනදී වෙන්නේ අලුතෙන් එකතුවෙන අයගේ සල්ලි වලින් කලින් අයට ලාබ ගෙවන ගමන් ලැබෙන මුදල් වලින් කොටසක් කාටත් හොරාම ව්‍යාපාරයේ මුල් පුටුවල ඉන්න අයගේ සාක්කු වලට යනවා. මේකට සාමාජිකයන් එකතු වෙන එක නැවතුන ගමන්ම ලාබ ගෙවන එකත් නැවතිලා මේ ඔක්කොම එකපාරම වැහිලා යනවා.සුලු සාමජිකයක් පිරිසක් යොදපු මුදලට වඩා වැඩි මුදලක් අතට ගත්තත් බහුතරයකට වෙන්නේ දාපු සල්ලිත් නැති වෙනඑක
ඒවගේම ඔයාලා දැනගන්න ඕනෙ තවත් දෙයක් තියෙනවා. ඒතමයි 1988 අංක 30 දරණ බැංකු පණතේ 83 සී වගන්තියට මෙවැනි ජාවාරමකට කුමනාකාරයෙන් හෝ සම්බන්ධ වීම දඩුවම් ලැබිය හැකි අපරාධයක්. ඒ අනුව බරපතළ වැඩ ඇතිව/නැතිව උපරිමය අවුරුදු 3ක් වන සිර දඬුවමක්, නැත්නම් උපරිමය රුපියල් මිලියනයක දඩයක්. එහෙමත් නැත්නම් ඒ දෙකම ලැබෙන්නත් පුලුවන් කියන එක. ඒ වගේම 1988 බැංකු පනතේ එන ඉහත විධි විධාන කඩ කිරීම වගේම 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත හා 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේත් දඩුවම් කිරීමට හේතු වෙනවා.
ඒ කියන්නෙ පිරමීඩ යෝජනා ක්‍රමයකින් උපයාගන්නා මුදල්, මදල් විශුද්ධිකරණය සඳහා කටයුතු සඳහා යොදා ගන්නා බවට තීරණය කළ අවස්ථාවක දී රජයට ඒ මුදල් පවරාගැනීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා කියන එක.
ඉතින් අවසානෙට කියන්න තියෙන්නේ මේ ආකාරයේ වංචාසහගත විවිධ පිරමීඩ ව්‍යාපාර තාමත් පවතින්න මූලික හේතුවක් වෙන්නේ මේ වංචාවලට හසුවූ අය ලැජ්ජාවෙන් නිශ්ෂබ්දව ඉන්න එක. ඒක නිසා ඔයාත් මේවගේ වංචාවලට හසු වුනානම් දැන්වත් ලැජ්ජා වෙන්නේ නැතුව ඔයාගේ යාලුවන්ව සහ අනික් අයවත් ඒ ගැන දැනුවත් කරන්න.