
60 පැන්නත් කොටට අදිනවා. බලන කට්ටිය බලන්න, අනිත් අය අහක බලන් ඉන්න – සචිනි අයේන්ද්‍රා
I will Wear Thongs Even at 60, Onlookers and Haters Are Welcome – Sachini Ayendra
නිරූපන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ අද වන විට රටම කතාබහ කරන චරිතයක් වෙන්න ඇයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ආදරණීය වස්සානය චිත්‍රපටය හරහා කලාවට අත් පොත් තැබූ සචිනි අයේන්ද්‍රා ගැන සමාජ මාධ්‍ය තුල නිතරම කතා බහට ලක් වෙනවා. පසුගිය කාලයේ ග්ලව්ස් එකක් දාගෙන බත් කාපු සචිනිට බොහෝ දෙනා විවිධ විවේචන යොමු කරන්නටත් වුණා.

නමුත් කිසි දේකට සැලෙන්නැති සචිනි අයේන්ද්‍රා නිරූපන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රය තුල තවමත් ඉතා ජනප්‍රියයි. ඉතින් ඇගේ සචිනි මේ වන විට ඇගේ කලා කටයුතු වලට අමතරව ව්‍යාපාර දෙකක්ද කරගෙන යන ව්‍යාපාරික කාන්තාවක්. තවමත් සුරූපිනියක් වන සචිනි ආදරණීය දියනියන් දෙදෙනෙකුගේ මවක්. ඇයට ඇගේ සැමියා මුණ ගැහිලා තියෙන්නේ සැමියාගේ ව්‍යාපාරික ස්ථානයේ අවුරුදු උත්සවයක් විනිශ්චය කරන්න ගිය අවස්ථාවකයි.

නිරූපන ශිල්පිනියක් විදියට හැමදාමත් ලස්සනට ඉන්න කැමති සචිනි ඇගේ අදහස් කිහිපයක් එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුනේ මේ විදියටයි.
”දැන් අපි විවාහ වෙලා අවුරුදු 14 ක් වෙනවා. මගේ වැඩ වලට සැමියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා….. එයා මගේ පස්සෙන්ම ඉන්නෙ නෑ. අවශ්‍ය තැනදි මට ඉන්නවා. එහෙම නැතුව හැමතැනම පස්සෙ යන්න එන්නෙ නෑ. මම මට ගැලපෙන විලාසිතා කරනවා. මම ආසයි වයසට ගියත් විලාසිතා කරන්න. 60 පැන්නත් කොටට අදිනවා. බලන කට්ටිය බලන්න. අනිත් අය අහක බලන් ඉන්න…… මට කමක් නෑ. අද සමාජෙත් එක්ක ගැහැණු දරුවන් දෙන්නෙක් ඉන්න කොට එයාලට ආදර්ශමත් අම්මෙක් වෙන්න ඕන මට…..’’
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රා ඇගේ අදහස් දක්වලා තිබුනේ.
