
හිතගිය කෙල්ල දින්නාගන්න: ගෑන් ළමයි වසඟකර ගැනීමට කරුණු 8 ක්
Win Her Heart: 8 Points to Get the Girl You Desire
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හිත ගිය නංගී කෙනෙක් ව යාළු කරගන්නෙ කොහොමද කියන එක . මොකද කොච්චර කැමති වුනත්, තමන් කැමති නංගීලාට පැණි හලන තරඟකාරයෝ වැඩි නිසා ගොඩක් අයට වෙන්නෙ ” බලා සැනසෙමි නෙළා ගනු බැරි හන්තාන සිහිනේ” කියලා සැනසෙන්න. ඔහොම වෙන්න ප්‍රධාන ම හේතුවක් තමයි අපේ කොල්ලො දන්නෙ නෑ දැන් අලුත් පරම්පරාවේ නංගීලා වැඩියෙන්ම කැමති මොන වගේ දේවල් වලට ද කියලා. අද කෙටියෙන් කියන්න යන්නෙ නූතන පරම්පරාවේ කෙල්ලො පොදුවේ වැඩියෙන්ම කැමති කාරණා 8ක් ගැන.
වැඩේ පටන් ගන්න කලින් කියන්න ඕන මේ කියන්නෙ සාමාන්‍යයෙන් අවුරුදු 25ට වඩා අඩු නංගීලා සම්බන්ධයෙන් කියලා. ඒ වගේම පොදුවේ කතාව මෙහෙම වුනාට විශේෂ අවස්ථා තියෙන්නත් පුලුවන්.
1) නූතනයේ කෙල්ලෝ බොහෝමයක් Dendrophiliaවියන් ලෙස හැඳින්විය හැකිය.
Dendrophilia යනු ” ගස් වලට ඇති ආකර්ෂණය, ආදරය හෝ ඇබ්බැහියයි. නිරන්තරයෙන් කොළ පැහැති ගස් වැල් වල ෆොටෝ ශෙයාර් කරමින් indoor plants රැසක් සමඟ ජීවත් වීමට නූතන ගැහැනු ළමයි කැමැත්තක් දක්වති. පිරිමි මේ ස්වාභාවය අධ්‍යයනය කළ යුතුය. ඔබේ හිත ගත් යුවතිය dendrophilia වට ලක් වූ අයෙකු නම් ඇයව සතුටු කිරීම සඳහා ඔබත් පරිසර රසකාමියෙකු වීම අනිවාර්ය ය. Indoor plants ගැන අවබෝධයක් තිබීම වැදගත් වන අතර nature photography වල නියැලෙන්නේ නම් එවැනි ඡායාරූප පළ කිරීම මඟින්ද මෙවැනි ගැහැනු ළමයින්ව ඔබ වෙත කෙමෙන් ආකර්ෂණය කර ගැනීමට හැකිය.
2) නූතනයේ බොහෝ ගැහැනු ළමුන් coffee shop lovers ලාය.
මඳ අඳුරු පරිසරයක කෝපි කෝප්පයක් පානය කරමින් වැස්සේ අසිරිය විඳීමට නූතන ගැහැනු ළමුන් මෙන්ම කවුරුත් කැමතිය. නමුත් නූතන නංගී පරම්පරාව ඉන් ඔබ්බට ගිය coffee shop lovers ලාය. කෝපි කෝප්පයක රස බලන ගමන් පැය ගණන් flirt කිරීමට, ආදර බස් තෙපළීමට වර්තමාන ගැහැනු ළමයින් කැමතිය. සැබවින්ම එවැනි හමුවීමක තිබෙන මිහිර ඔබ ජීවිතයේ එක් වරක් හෝ විඳිය යුතුය. Coffe shop love art එක වර්තමානයේ ඕනම යුවතියකගේ සිහිනයකි. නොස්ටැලිජියානු මතකයකි. කෝපි වලින් කරනු ලබන පාන වර්ග ගැන මඳක් ඉගෙන ගැනීම කොල්ලෙක්ට ගැහැනුන් ආකර්ෂණය කර ගැනීමේදි අමතර වාසියක් ගෙන දෙන නිර්ණායකයක් ලෙස හඳුන්වා දෙන්නේ ඒ නිසා ය.
3) නූතන යුවතියන් නිදහසේ ඇවිදීමට කැමතිය. They are Travel addicted.
නමුත් ගැහැනු ළමයින් මුහුණ දෙන ප්‍රධාන ම ගැටළුව ලෙස, ගැහැනුන් වීම නිසා තනියෙම travel කරන්න අපහසු වීම දැක්විය හැකිය. හීන හිර කරගනිමින් දුක් විඳිනා යුවතියන් බොහෝ ය. සාමාන්‍යයෙන් මොවුහු Travelling memes, photos, videos විශාල වශයෙන් share කරති. නමුත්, ශෙයාර් කරාට travel කරන බවක් පෙනෙන්නේ නැති නම් අන්න පොඩි පොටක් ඇත. ඔබත් travel පිස්සෙක් බව ඒත්තු ගැන්විය යුතු අතරම දැනට single travel life එකක් ගත කරන බව පෙන්වීමටත් වග බලා ගත යුතු ය. තැනේ හැටියට ඇණේ ගැසීම කොල්ලොන්ට බාර ය.
4) කෙල්ලන් යනු පොත් සමඟ අසීමාන්තික ආකර්ෂණයක් ඇති කොටසකි.
මේ සඳහා කාලයක් අදාළ නැත. පරම්පරාවක් අදාළ ද නැත. ගැහැනුන් ස්වාභාවයෙන් ම පොත් වලට ලැදි ය. Girl friend නොවන ගැහැනු ළමයෙකුට තෑග්ගක් දෙන විට ඇය නොකියවූ රුසියානු පරිවර්තනයක් තෑගි කිරීමට උත්සාහ කිරීම වටී. රසඥතාවය හඳුනාගැනීම කොල්ලන්ගේ වැඩකි. වැඩි දුරටත්, කොල්ලන් ආදරය, රාගය ආදිය රස විඳිනුයේ රූප මාධ්‍යයයෙන් වුවද, ගැහැනුන්ට ඒවා දැනෙනුයේ ම ලියන දේවල් කියවීමෙන් සහ වචන වලින් ඇසීමෙන් බව මතක තබාගත යුතු ය. පොත් යනු ගැහැනුන් මෙල්ල වෙන අවියකි. ඉතින් පොත් memes වැඩියෙන් ශෙයාර් කරන, පොත් කියවන්නට වැඩි ආසාවක් ඇති කෙනෙකුට ඔබ ට්‍රයි කරන්නේ නම් ඔබටත් ඔබේ බහුශ්‍රැත පැත්ත විවෘත කරගැනීමට සිදු වේ.
5) ගැහැනු ළමෝ කලාකාමීන්ට ඉක්මණින් පෙම් බඳිති.
මේ කාරණාවටත් පරම්පරාවක් අදාළ නැත. ගැහැණු ස්වාභාවයෙන්ම කලාවන්ට කැමැත්තෝ ය. ගැයීමට හැකි, ලිවීමට හැකි , නිවේදන කටයුතු කළ හැකි අයට මෙන්ම හොඳින් වචන හසුරුවා මතයක් ගොඩනැඟිය තර්කානුකූල පිරිමින්ට ද ගැහැණු ඉක්මනින් වශී වෙති. ඊට හේතුව මනෝ විද්‍යාත්මකව සොයාගෙන නැතත් ලංකාව විෂයෙහි එම කාරණාව සත්‍යයකි. ඉතින් කොල්ලන් ගැහැණුන්ව ආකර්ශණය කරගැනීමට තම කලා හැකියාවන් දැනටමත් යොදා නොගන්නේද නොවේ. නමුත් තමන්ගේ කෙනාව ආකර්ශණය කරගැනීම සඳහා මෙම ක්‍රමය නිසි ලෙස යොදාගැනීමට නම් ඇය කැමති පරාසය අවබෝධ කරගැනීම වැදගත් ය. අද කාලයේ එය එතරම් අපහසු ද නොවේ.
6) ගැහැනුන් sex වලට කැමතිය. නමුත් හෙළි කිරීමට අකැමතිය.
පිරිමින්ට සේම ගැහැණුන්ටත් ලිංගිකත්වය අවශ්‍ය ය. නමුත් පිරිමින් සේ සියල්ල විවෘත ව කියවන්නට අකමැති ය. ඒසේම rough sex ගැන කතා කරන්නට ලංකාවේ බහුතරයක් කෙල්ලන් අකමැති ය. නමුත් ඉහතින් කීවා සේ අපේ කෙල්ලන්, රූප මාධ්‍යයයෙන් ඇති දරුණු ලිංගික ජවනිකා වලට වඩා, වචන වලින් ලියන cuddling වැඩි, ආදරය මිශ්‍ර, soft sex වලට නැඹුරු ය. මන්ද නූනත සමාජයේ නංගීලාගේ කැමැත්ත, පොත් වල දකින qualities ඇති ප්රේමවන්තයෙක්ගෙන් ප්‍රේමණීය ලිංගික අත්දැකීමක් ලැබීමට මිස porn videos වල ඉන්නා මෙන් පළපුරුදු hardcore male performers ලගෙන් දරුණු හැඟීම් ලැබීමට නොවේ ය. මේ කාරණය අත්දැකීම් ආදී හේතු සමඟ වෙනස් වීමට ද බැරි නැත. ඉතින් මෙහිදී කොල්ලන් පරිස්සම් විය යුතු ය.
7) නූතන යෞවනියන් පෙනුමෙන් ගල් වැද්දන් සහ කොරියන් OPPO කොල්ලන්ගෙ සම්මිශ්‍රණයකට වඩා කැමතිය.
අලුත් පරම්පරාවේ කෙල්ලන් 80 සහ 90 මුල් දශකයෙන් වෙනස් වෙන ප්‍රධාන තැනකි, ඔවුන් පිරිමින්ගේ කඩවසම් බව define කරගන්නා ආකාරය. ලෝක නිර්ණායක අනුව ද කොරියාවේ BTS කොල්ලන් ලස්සන ම අය අතරේ සිටින්නේ වුව ද පරණ පරම්පරාවේ ගැහැනුන් බොහෝ වෙලාවට කැමති එම දර්ශක වල ඊළඟට සිටිනා Henry Cavill, Hrithik Roshan වැන්නවුන්ට ය. ඉතින් අලුත් පරම්පරාවේ කෙල්ලන් සිටිනුයේ රැවුල වවපු හැඩි දැඩි පිරිමියා සහ රැවුලක් නැති පැහැපත් හීන් උස කොල්ලා අතර ඝට්ටනයක ය.
8) ගැහැනුන් සොයනුයේ තමන්ට ගරු කළ හැකි, තමන්ව ආරක්ෂා කළ හැකි , ආත්ම අභිමානයෙන් යුක්තව ජීවත් වීමට ඉඩ දිය හැකි තරමට ආකල්පයෙන් පොහොසත් පිරිමියෙකි.
මෙය නම් ඇය දෙස බලා වෙනස් කරගත හැක්කක් නොවේ ය. නිදසුනක් ලෙස ඔබ කැමති යුවතියගේ කැමත්ත විවාහයෙන් පසු ගෙදර වැඩ පළ බෙදාගෙන කිරීමට නමුත්, ඔබ සිතනුයේ ගේ දොර කාර්යයන් ගැහැණියගේ පමණක් පරම යුතුකමක් බව නම්, බොරුවට තමන් ව වෙනස් කරගැනීම ඵල රහිත ය. නංගී කෙනෙක්ව වස්ඟ කරගැනීමට ඉහත කී කවර technique එක පාවිච්චි කිරීමට සහය දුන්නා වුව, මෙහිදී අනව තප්ත විලේ අදහස නම් ඔබේ පෞරුෂයට ගැලපෙන නංගී කෙනෙක් සොයාගත යුතු බවයි. එය එතරම් අපහසු ද නැත. සමාජයේ නංගීලා අතර සෑම ආකාරයක ම නංගීලා සිටිති. පිරිමියා මූලික පවුලකට කැමති, ස්ත්‍රීවාදී, මහමෙව්නා බණ වලට අනුව ස්ත්‍රිය සිටිය යුතු යැයි සිතන, ස්ත්‍රිය ස්වාධීන විය යුතු යැයි සිතන ආදී එකි මෙකී නොකී සෑම වර්ගයක ම නංගීලා අදටත් සිටිති.
ඉතින් ඔයාලගේ නංගී කෙනෙක් සොයා ගැනීමේ මෙහෙයුමට tips ටිකක් දුන්නා කියලා හිතනවා. නංගී කෙනෙක් හොයාගන්න වැඩේට අලුත් විදියට බහින්න එහෙනම් කාලය හරි. ඔයාලට සර්වප්‍රකාරයෙන්ම ගැළපෙනම කෙල්ලක් හම්බ වේවා කියලා පතමින් සමු ගන්නවා.