
අවුරුදු 7ක් ජනප්‍රියම ගායිකාව වුණා, සම්මාන 23ක් ලබාගෙන තියෙනවා – ශෂිකා නිසංසලා
Most Popular Singer for 7 Consecutive Years, Won 23 Awards – Shashika Nisansala
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය ගායන ශිල්පිනියක් තමයි ශෂිකා නිසංසලා කියලා කියන්නේ. ඉතින් අපේ රටේ ඉන්න නිහතමානීම ගායන ශිල්පිනිය ලෙසින් ප්‍රසිද්ධ ඇය මේ වන විට ටෙලි නාට්‍යය තේමා ගීත රැසකටම ඇයගේ හඬ මුසු කර තිබෙනවා. ඒ වගේම පුලිඟු ටෙලිනාට්‍යයේ තේමා ගීතය වෙනුවෙන් ඇය මෙවර සුමති සම්මාන උළෙලේදී 2020 වසරේ හොඳම ගායනයට හිමි සම්මානයෙන්ද පිදුම් ලබන්නට වාසනාවන්ත වුණා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දිනවල ඇය සංගීත වැඩකටයුතුත් සමඟ කාලය ගෙවෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම සංගීත ප්‍රසංගවලට සහභාගි වෙන ගමන් The voice Sri lanka විනිසුරු මඬුල්ලේ වැඩ කටයුතු කරන්න යනවා කියලත් ඇය කියනවා. ඒත් එක්කම පසුගිය සුමති සම්මාන උළෙලේදී 2020 වසරේ හොඳම ගායනයට හිමි සම්මානය ලැබුණු එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි කියලයි ශෂිකා නම් කියන්නේ. ඒ වගේම ටෙලි නාට්‍ය තේමා ගීතයකදී ඊට සම්බන්ධ වන හැමෝම ලොකු කැපකිරීමක් කරනවා කියලයි ඇය කියන්නේ. මොකද පද රචකයා සහ සංගීත අධ්‍යක්‍ෂ කියන දෙදෙනාට ඉදිරිපත් කිරීමට අවශ්‍ය හැඟීම කටහඩින් දිය යුතු නිසා.

ඉතින් සාමාන්‍ය ගීතයකට වඩා ටෙලි නාට්‍ය තේමා ගීතයකදී අදාළ තේමාවෙන් කියැවෙන හැඟීම ගායනා කරන්න ඕන කියලත් ඇය කියනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන් හැමෝම සිදු කරපු කැපකිරීමේ සහ මහන්සියේ ප්‍රතිඵලයක් විධියට ලැබුණු ඇගයීම තමයිලු මේ සම්මානය. ඒ වගේම මෙම සම්මානය ඇයගේ ඉදිරි වැඩකටයුතුවලටත් උත්තේජනයක් කියලයි ශෂිකා නම් කියන්නේ. ඒත් එක්කම ඇය මේ වනවිට ටෙලි නාට්‍ය ගීත 50කට අධික සංඛ්‍යාවක් ගායනා කරලා තියෙනවාලු. ඉතින් ඒ හැම නිර්මාණයක්ම සම්මාන උළෙලවලදී සම්මානයට පාත්‍ර වුණා වගේම නැතිනම් සම්මානවලට නිර්දේශ වුණා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය හැම ප්‍රසංගයකදීම රසිකයන්ගේ ප්‍රතිචාර සජීවීව ලබන කෙනෙක්ලු. ඉතින් ඇයගේ රසිකයන්ගේ ආදරය ඇයට සම්මාන විධියටත් ලැබිලා තිබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට 2016 වසරේ පටන් වසර 7ක් එක දිගට ජනප්‍රිය ගායිකාවට හිමි සම්මානය ලැබුණා කියලත් ඇය කියනවා. ඒත් එක්කම ගිය වසරේ තාරුණ්‍යයේ ජනප්‍රියම ගායිකාවට හිමි සම්මානයත් හිමිකරගත් ඇය මේ වන විට මට සම්මාන 23ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඇයගේ රසිකයන් ඇයගේ ගීතවලට, ඇයගේ හැසිරීමට වගේම ඇය අඳින පලඳින විධියට පවා ආදරය කරන නිසා ඇය හැමදාම ජනප්‍රියම ගායිකාව වුණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.