
මගේ අලුත්ම ආදර කතාව ආත්ම දෙකක් පුරා විහිදෙන කතාවක් – චන්න පෙරේරා
My latest love story is a tale of two incarnations -Channa Perera
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ. කොහොම නමුත් මේ දිනවල ඔහු ගැන සමාජ මාධ්‍ය තුල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ මෙදාපාර පෙම්වතුන්ගේ දිනය ඔහු සමරලා තිබුණේ අපි කවුරුත් දන්න නිළියෝ දෙන්නෙක් එක්ක. ඒ Colombo city Center හි ස්කෝප් සිනමා ශාලාවේදී. ඉතින් ඒ පුබුදු චතුරංගගේ බිරිඳ වූ මාෂි සිරිවර්ධන වගේම නවක රංගන ශිල්පිනියක් වන ඉරේෂා අසංකි සමඟ ඔහු මේ විදිහට පෙම්වතුන්ගේ දිනය සැමරුවේ. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්නත් පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තිබුණා.
ඉතින් ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන යුගාත්‍රා EAP මණ්ඩලයේ මාර්තු මස අග ඉඳලා තිරගත වෙනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒකෙ ගීත සහ පූර්ව ප්‍රචාරක පටය එළිදක්වන්න ඔහු තෝරාගෙන තියෙන්නේ වැලන්ටයින් දවස. මොකද එහි තේමාවත් ආදර කතාවක් නිසා. ඉතින් වැලෙන්ටයින් දිනය තරම් හොඳ දිනයක් නැහැ කියල හිතලා ඒක තෝරාගත්තා කියලත් ඔහු කියනවා. ඒ වගේම මේක ඔහුගේ අලුත්ම ආදර කතාව වගේම මේක ආත්ම දෙකක් පුරා විහිදෙන කතාවක් කියලයි ඔහු කියන්නේ. හැබැයි ප්‍රේක්‍ෂකයන් පිටින් දකිනවාට වැඩිය ලොකු කතාවක් මේක ඇතුළෙ තිබෙනවා කියලත් ඔහු කියනවා. මොකද මේක ඇතුළෙ ත්‍රාසය, කුතුහලය පවා තිබෙන නිසා. හැබැයි ආදරය තමයිලු මෙහි වැඩිපුරම ගැබ්වෙන්නේ.

ඒ වගේම මෙදාපාර චන්න ආදරය කරන්නේ වෙනස්ම නිළියෝ දෙන්නෙකුට. ඉතින් සෑහෙනදුරට නවකයෝ දෙන්නෙක් වුනාට අසංකි නවකම නැහැ කියලයි චන්න කියන්නේ. ඇය මීට කලින් රෂ් චිත්‍රපටයේ රඟපාල තිබෙනවා. නමුත් මාෂිගේ පළමුවැනි ප්‍රධාන චරිතය තමයි මේ. කොහොම නමුත් අසංකියි, මාෂියි ඉතාම හොඳ රංගනයක් ඉදිරිපත් කළා කියලත් ඔහු කියනවා.

ඉතින් ඔහු ආදරයට ආදරය කරන හින්දලු ඔහුගේ අතින් එහෙම ආදර කතා බිහිවෙන්නේ. ඒ වගේම පෙම්වතුන් පෙම්වතියන් අතර තිබෙන ආදරයක් නෙමෙයිලු සම්පූර්ණ ආදරය, කරුණාව මත පදනම් වෙන්නේ. ඉතින් ඔහු විශ්වාස කරන්නේ සුබදායි පණිවුඩයක් සමාජයට ලබාදීමට පමණයි කියලත් චන්න කියනවා. කොහොම නමුත් ආදර කතාවලට හැමදාම ප්‍රේප්‍රේක්ෂකයෝ ආදරය කරන නිසා ආදරය කියන්නේ අපිට නැතිවම බැරි දෙයක් කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.