
නීති විරෝධී ගබ්සා වලට නොගොස්, දිනපතාම ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්නට ඔබටත් නිසි පවුල් සැලසුම්
Proper family planning for you to have daily sex without resorting to illegal abortions
‘නීති විරෝධී ගබ්සා වලට නොගොස්, උපදින දරුවන් කූඩ වලට දමා තනි කරන්නේ නැතිව, දිනපතාම ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්නට ඔබටත් නිසි පවුල් සැලසුම් ‘
‘ගිලින පෙති’
ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ට්‍රෝන් නමැති ස්ත්‍රී හෝමෝන සහ එතිනයිල් ඊස්ට්‍රඩයෝල් හා ලිවොනොජෙස්ට්‍රල් මෙම ගිලින පෙති වල අඩංගු වේ. දිනපතාම දවසේ එකම වේලාවක අමතක නොකර භාවිතා කරන්න. ප්‍රතිඵලය සාර්ථකයි.
ලැබෙන වාසි
99% වඩා ආරක්ෂිතයි.
වයස අවුරුදු 50 දක්වා වන කාන්තාවන්ට පාවිච්චි කල හැක.
ඔසප් වේදනා අඩු කරයි.
ඔසප් රුධිරය අවම කරනවා.
ඩිම්බ කෝෂ පිළිකා ඇති වීමේ අවධානම අඩු කරනවා.
ගිලින පෙති නැවතූ වහාම ලිංගිකව එක් වූ වහාම පිළිසිඳ ගනී.
රුධිරයේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ට්‍රෝන් හෝමෝන මට්ටම සාමාන්‍ය මට්ටම වඩා ඉහළ මට්ටම පවතිනවා.
‘එන්නත් ලෙස ලබාදෙන ප්‍රතිසන්ධි බාධක නොහොත් නික්ෂේපණ’
99% වඩා සාර්ථකත්වයක් ඇති එන්නත් ක්‍රමයකි. මෙහි ප්‍රොජෙස්ට්‍රෝන් හෝමෝනය අන්තර්ගත වන අතර එන්නත ගෙන මාස 03 ක් ගැබ් ගැනීම් වළක්වා ගත හැකි වීම. දින 90 න් 90 වට එන්නත නැවත ගත යුතු වෙනවා.
ලැබෙන වාසි
වයස අවුරුදු 50 දක්වා කාන්තාවන්ට පාවිච්චි කිරීමේ හැකියාව.
එන්නත නතර කර මාස 9 – 12 අතර කාලයක් තුළ ගැබ්ගැනීමේ හැකියාව ලැබීම.
‘තැන්පතු ක්‍රමය’
ප්‍රොජෙස්ට්‍රෝන් හෝමෝනය තැන්පත් කිරීමයි මේ ක්‍රමවේදය. ශ්‍රීලංකාවේදී සිදුකරනු ලබන්නේ ” ජඩෙල් සහ ඉම්පලනෝන් ” කියන වර්ග දෙකය.
මෙය රජයේ සායන වලින් නොමිලේ කරගන්න පුලුවන්.
ජඩෙල් කරල් 02 ක් සහ ඉම්පලනෝන් නම් කරල් 01 ක් තැන්පත් කිරීමයි මේ ක්‍රමය. ජඩෙල් ක්‍රමය නිසා වසර 05 ගැබ් ගැනීම වළක්වනවා. ඉම්පලනෝන් ක්‍රමය වසර 03 ක් ගැබ් ගැනීම වළක්වාලනවා.
කාන්තාවනගේ බාහුවේ සමට යටින් මෙම කරල් තැන්පත් කිරීමයි කරන්නේ. මෙහි සාර්ථකත්වය 99% කි. කරල ඉවත්කර ගත් වහාම දරු අපේක්ෂා ඉටුකරගත හැක.
‘ලූපය ( IUD)’
මෙය කුඩා ප්ලාස්ටික් මෙවලමකි. කාන්තාවනගේ ගර්භාෂයේ තැන්පත් කරනවා. මෙය හෝමෝනයක් නොවන පවුල් සැලසුම් ක්‍රමයක්.
සාර්ථකත්වය 98% කි. එක් තැන්පතුවක් වසර 10 දක්වා ගැබ් ගැනීම් වළක්වනවා. ඉවත්කල වහාම පිළිසිද ගැනීම සිදුවෙනවා.
‘ස්ත්‍රී සැත්කම (LRT)’
මෙම ක්‍රමය මගින් සිදු කරන්නේ ඩිම්බ කෝෂයෙන් මුදා හැරෙන ඩිම්බ ගර්භාෂය වෙත ගෙන එන පැලෝපීය නාලය අවහිර කිරීමයි. සාර්ථකත්වය 99% කි. මෙය ස්තීර පවුල් සැලසුම් ක්‍රමයක්.
‘පිරිමි සැත්කම – වාසෙත්තම්’
මෙම ක්‍රමයෙන් කරන්නේ ශුක්‍රාණු ගෙන යන නාල අවහිර කිරීමයි.
අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීමට, අනවශ්‍ය දරු උපත් සීමා කර ගැනීමට, පවුලේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට, පවුලේ සැනසුමට, ප්‍රීතියෙන් සිටීමට, අවලාද වලින් මිදීමට, උපත් දරුවන් කුණු කූඩ වලට දැමීම, දරුවන් විනාශ කිරීම වැනි ක්‍රියා නවතා දැමීමට මෙවැනි ක්‍රමයක් තෝරා ගන්න.