
ආදරය නැතුව ජීවත් වෙන්න බැහැ, ඉතින් මම දැනුත් ආදරය විදිනවා, හැබැයි නැවත විවාහ වෙන්නේ නැහැ – චන්න පෙරේරා
We Can’t Live without Love, so I’m Still in Love, but I’m Not Getting Married Again – Channa Perera
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ. ඉතින් 1994 වර්ෂයේ දයා විමලවීරයන් විසින් අධ්‍යක්ෂණය කළ සුජාතා චිත්‍රපටය හරහා රංගන ක්ෂේත්‍රයට පිවිසි ඔහු ඉන්පසු සත්පුර වැසියෝ, සෙනෙහේවන්තයෝ, සත් මහල, සක්වළ ලිහිණියෝ, සූරිය දරුවෝ ඇතුළු නිර්මාණ රැසකට රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම 2006 වසරේ ඔහු අංජලිකා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට අත්පොත් තැබුවා. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් රංගන ශිල්පියෙක් කියන වෘත්තිය නිසා ඔහුට ලැබුණු දේවල් ගොඩක් තියෙනවා කියලයි චන්න කියන්නේ. කොහොම නමුත් විශේෂයෙන්ම මිනිස්සුන්ගේ ආශිර්වාදය, ආදරය මේ සියල්ලම ඔහු සසරෙන් ගෙනාපු දෙයක් නිසා ඔහුට ලැබෙන දේවල් වෙන්න ඇති කියලත් ඔහු කියනවා. සමහර වෙලාවට ඔහුට ඔහුගේ රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර දකිනකොට ඇස්වලට කදුළු එනවාලු. ඉතින් එච්චර රසික ආදරයක් දිනාගන්න තරම් ඔහු වාසනාවන්ත වුණා නේද කියලා නිතරම හිතෙනවා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහුට ගයත්‍රීව මුණ ගැහෙන්නේ 1995 වර්ෂයේ මකර විජිතය කියලා බෙනට් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයක් හරහා කියලත් චන්න කියනවා. ඉතින් ඒ නිර්මාණයට ඔහුයි ගයත්‍රියි දෙන්නම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසාම ඔහුයි ගයත්‍රියි නිතරම කතා කරමින් තමයි ගොඩක් කාලය ගත කරලා තියෙන්නේ. ඉතින් ඉතා ඉක්මනින් ඔවුන් දෙන්නා ළං වුණා කියලයි චන්න කියන්නේ. ඊට පස්සේ ඇයව දැන හඳුනගෙන අවුරුද්දක විතර කාලයක් ඇතුළත ඇයත් එක්ක විවාහ වුණා කියලත් චන්න කියනවා.

ඒ වගේම ඔහු ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලයි ඔහු කියන්නේ. ඒ නිසාම ඔහුට ආදරය නැතුව ජීවත් වෙන්න බෑ කියලත් චන්න කියනවා. ඉතින් දැනට ඔහු විශ්වාස කරනවාලු ඔහු හොයන ආදරය ඔහුට ලැබෙමින් පවතිනවා කියලා. හැබැයි ඒක සදාකාලිකව නීතිගත කරලා බැඳීමකට යන්න ඔහුගේ අදහසක් නෑ කියලයි චන්න කියන්නේ. ඉතින් ගයත්‍රියි ඔහුයි කතා කරලා සුහදව ගත්ත තීරණයකට අනුව ඔවුන් වෙන් වුනත් ආයෙත් එවැනි අත්දැකීමකට මුහුණ දෙන්න කැමති නෑ කියලත් ඔහු කියනවා. ඒ නිසා කවදාවත් නැවත වරක් විවාහ වෙන එකක් නෑ කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.