
හෙට මොනවා වුනත් අපිට ඒකට මුහුණ දෙනවා, ඒක මගේ තාත්තට විතරක් නෙමෙයි හැමෝටම පොදුයි – සජිත අනුත්තර
හෙට මොනවා වුනත් අපිට ඒකට මුහුණ දෙනවා, ඒක මගේ තාත්තට විතරක් නෙමෙයි හැමෝටම පොදුයි – සජිත අනුත්තර
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, නිවේදන ශිල්පියෙක්, වගේම නර්ථන ශිල්පියෙක් තමයි සජිත අනුත්තර කියලා කියන්නේ. ඒ වගේම ඔහු දැන් අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් මේ දිනවල රිදී තිරය ඔස්සේ දිගහැරෙන ගාඩි සිනමා නිර්මාණයේ විජයගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහු ආදරේ කරන ආසා කරන කලා මාධ්‍ය කීපයක් තියෙනවා කියලයි සජිත කියන්නේ. ඒ තමයි රංගනය, ගායනය, නර්තනයට අමතරව අධ්‍යක්ෂණයට.
ඒ වගේම පසුගිය කාලයේ කණ්ඩායම් සංගීතය එක්ක ඔහුගේ සංගීත හැකියාවෙන් ගායකයකු ලෙස යමක් කරන්න පුළුවන් වුණා කියලත් ඔහු කියනවා. ඉතින් මේ වසරේදී රංගනය සහ අධ්‍යක්ෂණ කටයුත්ත වෙනුවෙන් කාලය වැඩිපුර යොමු කරන්න සූදානමින් ඉන්නවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම SAJ කියන ඔහුගේම නිර්මාණ ආයතනය යටතේ පසුගිය කාලයේදී කළුවර කියන නිර්මාණය කළා කියලත් ඔහු කියනවා. ඉන්පසුව නදීමාල්ගෙ ආදරියේ මියුසික් වීඩියෝව එම ආයතනයේම කරලා තියෙනවා. කොහොම නමුත් දැන් මියුසික් වීඩියෝ විතරක් නෙවෙයි කෙටි චිත්‍රපට සහ තවත් නිර්මාණ මෙන්ම චිත්‍රපට නිර්මාණ දක්වා කටයුතු කරන්න බලාපොරොත්තුව තියෙනවා කියලයි සජිත කියන්නේ.

ඒ වගේම ඔහු පවුලේ බාලයා නිසාත් ඔහුගේ ආදරණීය බිරිඳ බුවිනි එයාගේ පවුලේ බාලයා නිසාත් ඔවුන් දෙන්නම හැදී වැඩුණේ ඔක්කෝගෙම ආදරය සහ නිදහස එක්ක කියලත් ඔහු කියනවා. හැබැයි පොඩි කාලේ ඉදන්ම ඔහුට වගකීම් දැනුණෙම නැතිතරම් කියලයි ඔහු නම් කියන්නේ. ඉතින් ඒ විදිහට ජීවත් වෙච්ච ඔවුන් දෙන්නට මේ වගකීම් ලැබීම ලොකු වෙනසක් කියලත් ඔහු කියනවා. ඒත් සුපුරුදු මේ දෙන්නගෙ පෙර ගෙවූ ජීවන රටාවට සාපේක්ෂව ඔවුන් ඒ වගකීම්ද ඉටු කිරීමට උත්සාහ ගනිමින් ඉන්නවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම පුතා, ලොකු වෙන්න වෙන්න හෙට මීට වඩා වගකීම් වැඩිවේවි කියලත් ඔහු කියනවා.

ඒ වගේම මේ ලෝකයේ අපි හැමෝම නොදන්නා දේට මුහුණ දෙමින් ජීවිතය ගත කරන්න වෙනවා කියලයි සජිත නම් කියන්නේ. ඒ නිසාම හෙට මොනව වේවිද කියලා අපි දන්නෙ නැහැ. ඉතින් මොන දේ වුණත් අපට එය බාර ගන්න වෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් ඔහුගේ අප්පච්චිට, ඔහුට විතරක් නෙමෙයි හැමෝම ඒවාට මුහුණ දිය යුතුයි. කොහොම නමුත් ඔහුගේ අප්පච්චිට ඉක්මණින්ම සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.
o check with your property holder’s or tenant’s protection for particular guidelines.